ගීතාගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කිරීමේ තීන්දුව ලබන වසරේ ජනවාරි

0
360

ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි 17 සහ 24 දෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ(24) තීන්දු කළා.

වෙනත් රටක් පුරවැසියකුට මෙරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයේ දිවුරුම් දීම හෝ කටයුතු කිරීම නීතිවිරෝධී බවට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි දක්වා තිබියදී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස දිවුරුම් දී ධූරයේ කටයුතු කරන්නේ කෙසේ දැයි යන්න සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මෙම පෙත්සම අභියාචානධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ගනු ලැබීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාගයට ගැණිනි. ගාල්ලේ කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනෙක් මෙම පෙත්සම ගොනු කළා.

ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක, සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝය.

LEAVE A REPLY