වතුර බොමු..

0
87

තිබහ ආවම වතුර ටිකක් බීවම ප්‍රමාණවත් කියල හිතන්න එපා

දීර්ඝ කාලීනව ජලය අඩුවෙන් පානය කිරීම නිසා,


වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුබල වීම
මුත්‍රාගල් ඇතිවීම
රුධිර පීඩනය අවිධිමත් වීම
හිසරදය
ආහාර නොදිරවීම
සම මතුපිට ආසාධන
උඩු සම වියලී යාම
කබර කොරපොතු
වැනි තත්වයන් ඇතිවෙන්න හේතු වෙනවා

නිතරම වතුර බොනවා නම් ලැබෙන වාසි

– සිරුරේ බර පාලනය කරයි
(ජලයේ කැලරි අඩoගු නැහැ. ඒ නිසා වැඩිපුර ජලය පානය කිරීමේදී ආහාර ගැනීමේදී මෙන්බර වැඩිවීමක් වෙන්නේ නෑ)

– හිසරදයට ස්වාභාවික ප්‍රතිකර්මයකි
(හිසරදය ඉරුවාරදය වැනි රෝගයන්ට
ප්‍රධාන හේතුවක් තමයි ජලය මදිකම)

– නීරෝගී සමක් ලැබීම
(සමෙහි පවතින තෙතමණය නිසි මට්ටමක පවතිනවා, සම වේලී යාමෙන් විවිධ ආසාදනතත්වයන් ඇති වෙන්නෙ නෑ. නීරෝගී දිදුලන සමක් ඔබට හිමි වෙනවා)

– ඔබේ හදවත සුවෙන් තබයි

– එදිනෙදා මහන්සී වී වැඩ කරන විට අලස බව උදාසීන බව මග හරියි
(මොළයේ
සක්‍රීයත්වයට උදව් වෙනවා)

– ශරීර උශ්ත්වය පානය වීම
(ශරීරයට වැඩි ජවයක් ඇති බව ඔබට තේරෙන්න පටන් ගන්නවා)

– ආහාර ජීරණයට පහසු වෙනවා
(ආහාරයේ ඇති තන්තුමය කොටස් හා ජලය එකතු වීමෙන් දිරවීමේ ක්‍රියාවලිය ඉතා පහසුකරවනවා.. මල බද්ධය, අර්ශස් වැනි රෝග තත්ව ඇති වන්නේ නැහැ.)

– මස්පිඩු පෙරලීම්, උළුක්කු වීම් අවම වෙනවා
(සන්ධි හා මස්පිඩු අතර ගැටීම නිසි ආකාරයෙන්
ක්‍රමවත්ව සිදු වෙනවා)

– මුත්‍රාශයේ ගල් ඇතිවීම අවම කරනවා

– ශ්වසනාබාධ, බඩවැල් ආශ්‍රිත රෝග, රක්තවාතය, ආමවාතය (ආතරයිටිස්) වැනි රෝගඅවම කරනවා

ප්‍රතිශක්තීකරණ හැකියාව ඉතා ඉහල මට්ටමක පවත්වා ගන්නවා

– පිළිකා වැනි නිට්ටාවටම සුව නොවන රෝගී තත්වයන් ඇතිවීම අවම කරනවා

ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැත්නම්?

– මුත්‍රාපැහැ ගැන්වෙනවා

– උඩු සම වියලී යාමෙන් නිසි වයසෙට පෙර සම වියැකී යනවා

– අධික වෙහෙසක් නිතරම දැනෙන්න ගන්නවා

– 20%ට වඩා විජලනය වූවිට මරණයද සිදුවන්නට පුළුවන්

waterවැඩුනු මිනිසෙක් අවම වශයෙන් දිනකට වතුර ලීටර 2ක්වත් අවම වශයෙන් පා කලයුතුයි කියලයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ.

ඇත්තටම මිනිස් සිරුරේ කොතැනක උණත් 60% – 70%  ප්‍රමාණයක් ජලය තමයිපවතින්නේ

– රුධිරයේ 83%
– මොළයේ 75%
– හදවතේ 79%
– අක්මාවේ 86%
– වකුගඩු වල 83%
– මස්පිඩු වල 75%
– අස්ථිවල 22%

ප්‍රතිශාත්මකව ජලය පවතිනවා..

ඇත්තටම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා හැම අස්සක් මුල්ලකම තියෙන්නේ ජලය. ඒනිසා නිතරම හැකි පමණ ජලය පානය කරන්න ඔබත් පුරුදු වෙන්න ඕනි. මොකද ජලයවැඩිපුර පානය කිරීමෙන් රෝග ඇතිවෙනවා කියලවත් යම් හෝ ආසාධනයන් ඇති වෙනවාකියලවත් කවුරුත් කොහෙවත් කියලා හෝ සොයාගෙන නෑ.

(උපුටා ගත්තේ – මුදුන / Muduna Magazine 

LEAVE A REPLY