ගැහැණියක් නිසා මට මර්දන බලය ඇවිල්ලා – සමනලී ෆොන්සේකා

0
128

සමනලී ෆොන්සේකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගනශිල්පිනියක්. මේ දිනවල සමාජ ජාල වෙබ් අඩෙවි තුළ ඇය ගැන වැඩිපුර කතා බහ කරන චරිතයක් ඇය.

මොනවද අලුත් වැඩ කටයුතු?

චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වැඩ ළඟදි පටන් ගනීවි. රංගනය පැත්තෙන් තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.

නිර්මාණවලට දායක වීමේදී සමනලීටත් යම්කිසි සීමාවක් තියෙනවද?

ඔව්. මම නිතරම උත්සාහ කරන්නෙ මට අභියෝගයක් වෙන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්න. හොඳ තිරපිටපතකට වැඩ කරන්නයි හැම වෙලේම උත්සාහ කරන්නෙ.

ඕනෑම කෙනෙක්ට සමාජයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියේද?

ඔව්. අපේ රටේත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබුණත් ඇතැම් වෙලාවලදි ඒ සඳහා මර්ධන බලයකුත් ක්‍රියාත්මක වෙනවා.

386758_215086805243038_218297398_nතමන්ට මතයක් තියෙන්න පුළුවන් වුණත් එවැනි මත සමාජමය ගැටලු දක්වා දුරදිග යනවා. ඒ ගැන සමනලී මොකද හිතන්නෙ?

මේක කාලයක් තිස්සෙ පැවති ගැටළුවක්. තවත් කෙනෙක්ගෙ වෙනසක් දරාගන්න බැරි ජාතිවාදය අවුළුවන අයයි මෙවැනි දේ කරන්නෙ.

මීතොටමුල්ල කසළ කන්ද ගැන ෆේස්බුක් සමාජ ජාලයේ වෙනත් කෙනෙක්ගෙ මතයක් ෂෙයා කරපු නිසා ඔබ ගැන වැඩිපුර කතා වෙනවා කීවොත්?

මේක බොරු චෝදනාවක්. එහෙම දෙයක් ප්‍රකාශ කරලවත් ලියලාවත් නැතුව මම එහෙම දෙයක් කළ කියන මතයක් එළියට දාන්න උක්සාහ කරනවා. එක්තරා කණ්ඩායමක් තමයි මට විරුද්ධව මේ ක්‍රියාමාර්ගය ගන්නෙ. මේ සිද්ධියත් සමඟ ඔවුන් අපකීර්තියට පත්වුණා. ලිංගික කුහකකමත් වගේම වෛරයත් එකතු කරලා තමයි ඔවුන් මේ දේ කරන්නෙ. මේ ගැන කළකිරීමක් නෑ. මේ විරෝධතා එන්නෙ අපේ දෙමව්පියන්ගෙන් නෙවෙයි. අවුරුදු දහසයේ ළමුන්ගෙන්. මේ වගේ පසුගාමී සමාජයක් තමයි ගොඩනගලා තියෙන්නෙ. ඒ නිසා අපේ රටගැන දුකක් තියෙනවා.

බෞද්ධ සංස්කෘතියට අපහාස වන ලෙස ක්‍රියාකළ නිසා ඔබට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා කියලා ප්‍රකාශ කරල තිබුණා.?

එහෙම ප්‍රකාශ කර තිබුණත් මට කවුරුවත් කතා කළේ නැහැ. ඒ පිරිස මට විරුද්ධව පැමිණිල්ලක් කරන්න ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් තවම මට කැඳවීමක් කළේ නැහැ. මේ වගේ දේකට කොහොමද කෙනෙක්ව අත්තඩංගුවට ගන්නෙ. ප්‍රශ්න කරන්නෙ. එවැනි නීතියක් කොහේද තියෙන්නෙ කියලා තමයි අහන්න වෙන්නෙ.

අතීතයෙත් මෙවැනි සීමා කිරීම්වලට ඔබ ලක්වෙලා තියෙනවද?

ගැහැණියක් නිසා මර්ධන බලය මා වෙත පාවිච්චි කරලා තියෙනවා. මර්දන බලයට බය වෙන්න ඕන නැහැ. හුඟක් සමාජවල මෙවැනි දේ වෙනවා.

ඔබේ ෆේස්බුක් ගිණුම කිහිප වතාවකදීම අත්හිටුවලා තිබුණද?

ඔව් මේ මගේ හතරවෙනි ෆේස්බුක් ගිණුම. මෙහෙම වෙන්නෙ පලිගැනීම නිසා හෝ වෙනස් අදහස් ඉදිරිපත් කිරීමක් නිසා වෙන්න ඇති. ඒ ගැන දුකක් නැහැ. මොකද ෆේස්බුක් එක නෙමෙය ිජීවිතයේ හැමදේම.

කලින් ෆේස්බුක් ගිණුම් තුනම තහනම් වෙන්න හේතු වුණේ මොනවද?

අලුත්ගම ඇතිවුණු මුස්ලිම්, සිංහල ප්‍රශ්නයට අදහස් දැක්වීම නිසා ෆේස්බුක් ගිනුම නතර කළා. ඡන්ද ආවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරද්දි නැවතත් මගේ ගිනුම අත්හිටුවලා තිබුණා.

සමනලීගෙ ජනප්‍රියත්වය නිසාද මෙවැනි දේ වෙන්නෙ?

මම හිතනවා ප්‍රධාන ධාරාවේ රංගන ශිල්පිනියක් වීම තමයි ඒ අයට ලොකුම ගැටලුව වී ඇත්තෙ කියලා.

සමනලී නියෝජනය කරපු අලුත් පරපුරට මොනවද වුණේ?

තවමත් අලුත් පරපුර තියෙනවා. මේ වන විට යාපනයේ ලේඛකයන්ගේ පොත් සිංහලට පරිවර්ථනය කරනවා. ඒ මිනිස්සුන්ගේ අදහස් හුවමාරු වෙලා නෑ. ඒකයි මෙහෙම දෙයක් කරන්නෙ. අපි අලුත් පරපුර නමින් සඟරාවක් පල කරනවා. අපි හැමෝම වෙනත් වැඩවල නිරත වෙලා වැඩ කරන නිසා සෙමින් තමයි අපේ ගමන යන්න වෙන්නෙ.

අලුත් පරපුරටත් ඉදිරියේදි දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?

නෑ. අපි කිසිම පක්ෂයකට පක්ෂව කතා කරලා නෑ. එක පාරක් ඇරෙන්න දේශපාලන වේදිකාවලට නැගලා නෑ. මැයි පෙළපාලිවලට සම්බන්ධ වෙලා නෑ. එහෙම පක්ෂයක් බදාගෙන වැඩ කරන්නෙ නෑ අපි. පටු දේශපාලන අරමුණින් අපි වැඩ කරන්නෙ නෑ. ස්වාදීනව සංවිධානයක් විදිහටයි අපි වැඩ කරන්නෙ.

තිළිණි කරුණාරත්න

උපුටාගැනීම – http://www.rivira.lk/online/2017/05/13/109188

LEAVE A REPLY