සදාචාරයේ කුහක පතිවත හා නීතිවේදය

0
148

බාර් එකක වැඩ කරමින් බැංකු ණය ගෙවීමත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධියක් ලබා ගැනීමත්, සරාගී ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහැරීමත් යන එකිනෙක පටලවා ගත යුතු නොවූ කරුණු එකිනෙක යා කරමින් දිරිය තරුණියක් සමාජය ඉදිරියේ දූෂණය කිරීමක් පසුගිය දා අසන්නට ලැබුණි.

22 හැවිරිදි මෙලීසා සිය නීති උපාධිය ලබාගනිමින් සිය Instagram ගිණුමේ පළ කල කතාව අනුව ඇගේ පාඨමාලා ගාස්තුව ගෙවීමට ඇයට සමාජ ශාලාවක මත්පැන් අලෙවිකරන තැන නැත්නම් බාර් එකේ සේවය කිරීමට සිදුව ඇත. නමුත් එය ඇගේ අධ්‍යාපනික කටයුතු සඳහා උකුලක් කරගත්තා මිසක ඇය කිසි දිනක ඇගේ අධ්‍යාපනික කටයුතු අතපසුකොට නොමැත.

පෞද්ගලික විශ්වවිද්‍යාලයන්ගෙන් නීතිඥවරුන් බිහි වීම හෝ ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් එය නිසි ආයතන හා බලධාරීන් මඟින් විසඳා නොගෙන තනි පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතයේ කරුණු සමඟ ඈඳාගෙන සමාජය ඉදිරියේ මඩ ගැසීමට සම හරක් උගත් නීතිඥවරුන්ම යොමු වීම හාස්‍යට කරුණකි.

තමන්ට රිසි විලාසිතාවක් කිරීමට ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට නිදහසක් තිබිය යුතුය. නමුත් වැඩි ප්‍රතිශතයක් සිටින ලිංගික කුහකයින් ලංකාවේ කාන්තාවගේ ඇඳුමේ දිග පළල පිළිබඳ මහත් උනන්දුවක් දක්වයි. උගත් නූගත් භාවයෙන් තොරව එම කුහකත්වය ක්‍රියාත්මකවන බවට හොඳම නිදසුනකි මෙය. බඩුව, ගණිකාව යැයි හංවඩුගසමින් තමන්ට හාන්සි කර ගැනීමට නොහැකි වන තරුණියන්ට මඩ ගසන අවස්ථා ද එමටය.

12987170_1007103269368532_4684105172719644170_nඋසාවියෙන් පිටත දී ඇයටත් ඇගේම වූ පෞද්ගලික ජීවිතයක් ඇත. ඇය උසාවිය තුළ දී විලාසිතා සිදුකළේ නම් උගත් කුහකයින්ගේ වෘත්තිය ආචාර ධර්මයන්ට සිදුවන හානිය ගැන අපට සිතා බැලිය හැකිය.

අනෙක් කරුණ නම් මොවුන් සිතා සිටින්නේ වෘත්තිය ගරුත්වය හෝ ආචාර ධර්ම නීතිඥයින්ට පමණක් සුවිශේෂී වූ දේව භාෂිතයක් බවය. නමුත් ඕනෑම වෘත්තියකට යට කී දෑ පවතින බව මෙවැනි කුහකයින්ට මතක් කිරීමට කැමැත්තෙමි.

සදාචාරය හා සංස්කෘතිය කරපින්නා නොගෙන තම නිදහස් ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගනිමින් ආත්ම ශක්තියෙන් ඉදිරියට යන ඈ වැනි තරුණියන් mirrorgirl අපට නම් ආඩම්බරයකි.

සටහන- තරුෂි නවංජනා

LEAVE A REPLY