ආර්තවහරණය ඇතැම් කාන්තාවන්ට අපහසුතා ඇති කරයි

0
117


ආර්තවහරණය

කාන්තාවකගේ ප්‍රජනන දිවියේ කෙළවර සංකේතවන්නේ ආර්තව චක්‍රය සිදුවීම අවසන් වීමෙනි. මෙය ආර්තවහරණය නමින් හැඳින්වේ. ඔසප්වීම නැවතීම සාමාන්‍යයෙන් වයස 47 ත් අවුරුදු 50 ත් අතරේදී සිදුවේ. මෙය අවුරුදු 55 දක්‌වාත් කල්යා හැකි අතර අවුරුදු 40 හෝ ඊට පෙර පවා සිදුවිය හැක. අඩු වයසින් මල්වර වූ කාන්තාවන්ගේ ආර්තවහරණය පමාවිය හැකි අතර වැඩි වයසට ගොස්‌ මල්වර වූ කාන්තාවන්ගේ ඔසප්වීම වේලපහ නැවතිය හැකිය. කෙසේ වෙතත් මෙයට පාරම්පරික බලපෑමක්‌ද ඇත. කලාතුරකින් ඔසප්වීම නැවතීම එකවරම සිදුවිය හැකි නමුත් සාමාන්‍යයෙන් සිදුවන්නේ ක්‍රමයෙන් අඩුවී අවසානයේ නැතිවීමයි. මෙම අවසාන අවදියේදී ඩිම්බ පිටවීමක්‌ නැතුව ඔසප් වීම සිදුවන බැවින් වයස අවුරුදු 50 න් පසු ගැබ් ගැනීමේ ප්‍රවණතාවය ඉතා අඩුය.

ආර්තවහරණය සමග ඩිම්බ කෝෂයේ ඊස්‌ට්‍රජන් නමැති හෝමෝනය නිපදවීම ක්‍රමයෙන් අඩුවී යයි. මේ සමග කාන්තාවගේ ප්‍රප්නනේක්‍රීය සහ ලිංගේන්ද්‍රය අක්‍රීය තත්ත්වයකට පත්වේ. ගර්භාෂය ප්‍රමාණයෙන් කුඩා වේ. යෝනි මාර්ගය සිහින් වී වියළි තත්ත්වයක්‌ ඇති වේ. ආසාදන ඇතිවීමේ ප්‍රවනතාවය වැඩිය. ගර්භාෂයට සම්බන්ධ මාංශ පේෂි දුර්වලවීමෙන් වෙනත් හේතු සාධක ඇත්නම් ගර්භාෂය පහත්වීම මේ අවදියේදී සිදුවිය හැකිය. ආර්තවහරණය වෙනත් කිසිදු ගැටළුවකින් තොරව ඔසප් වීම නැවතීමෙන් පමණක්‌ සමහර කාන්තාවන්ගේ දැකිය හැකි අතර තවත් සමහරක්‌ මෙම තත්ත්වයෙන් බොහෝ අපහසුතාවන්ට පත්වේ. මෙයින් නිතරම දක්‌නට ලැබෙන තත්ත්වය වන්නේ ,Hදඑ Eකමියෑs, නමින් හැඳින් වෙන තත්ත්වයකි. මෙහිදී මුහුණ සහ ගෙල පෙදෙසෙහි රුධිර නාලවල රුධිර ගැල්ම එක්‌වරම වැඩි වී කාන්තාවට තදින්ම දහඩිය දැමීමයි. මෙය දිනකට කිහිපවරක්‌ සිදුවිය හැකි අතර ඉතා කෙටි කාලයක්‌ හෝ විනාඩි 10-15 ක්‌ පමණ ර¹ පැවතිය හැකිය. මේ සමග රුධිර පීඩනය වැඩිවන්නේ නැත. නමුත් කාන්තාවන්ට මෙය ඉතාම අපහසුකාරී තත්ත්වයකි. කාන්තාවන් කනස්‌සල්ලට පත්වන තවත් ගැටළුවක්‌ නම් ආර්තවහරණය සමග ශරීරයේ බර වැඩිවීමයි. මෙය බොහෝ විට ශරීරයේ ක්‍රියාකාරීත්වය හා ව්‍යායාම අඩුවීමෙන් සිදුවන්නක්‌ විය හැක.

රස්‌ට්‍රජන් හෝමෝන අඩුවීමෙන් කාන්තාවගේ අස්‌ථි දුර්වල වීම සිදුවිය හැකිය. මෙම තත්ත්වය ඔස්‌ටියෝපොරොසිස්‌ නමින් හැඳින්වේ. මෙවිට අස්‌ථි ඉතා පහසුවෙන් කැඩෙන සුළු තත්ත්වයට පත්වේ. ඊස්‌ටි්‍රජන් ඌනතාවය නිසා අස්‌ථියෙන් කැල්සියම් ගැලවී ඉවත් වීම සිදුවේ. ඊස්‌ට්‍රජන් ලබාදීමෙන් මෙම තත්ත්වය නවතාලිය හැකිය. නමුත් එතෙක්‌ සිදුවූ අලාභය නිවැරැදි වන්නේ නැත. යෝනි මාර්ගයේ ඇතිවන වියළි තත්ත්ව නිසා සංසර්ගය වේදනාකාරී විය හැකිය. මීට අමතරව හිසරදය. නින්ද නොයැම, මානසික කනස්‌සල්ල වැනි රෝග ලක්‍ෂණ ද මේ අවදියේදී දැකිය හැකිය.

කෙසේ වෙතත් මෙම අවදිය කාන්තාවකගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සිදුවන කාල පරිච්ඡේදයකි. දූ දරුවන් ගෙදරින් පිටව යැම, රැකියාවෙන් විශ්‍රාම යැම වැනි සිදුවීම හරහා ඇයගේ භූමිකාවේ වෙනස්‌කම් ඇතිවේ. මේ සමග ලිංගික හැකියාව හීන වීමද ඇය තුළ පීඩනයක්‌ ඇති කරයි. ඊස්‌ට්‍රජන් හෝමෝනය අඩුවීමෙන් තාරුණ්‍යයට අයත් ලක්‍ෂණ වන සමේ පැහැය, හිසකෙස්‌ පැහැය වැනි දැ වෙනස්‌ වීමද මානසික පීඩනයට හේතු වේ.

ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණ ඇති වූ විට වෛද්‍යවරයකුගේ පිහිට පැතීම සාමාන්‍ය දෙයකි. ඔසප් වීම නැවතීම විවිධ ආකාරයෙන් සිදුවිය හැකි බව ඉහත සඳහන් කළ නමුත් මෙම වයසේ පසුවන කාන්තාවන් අතර විවිධ බරපතල රෝගයන්ගේ ලක්‍ෂණ වශයෙන් ඔසප්වීම අපිළිවෙළ විය හැකිය. එබැවින් තදින් රුධිරය වහනය වන්නේ නම් හෝ නිතර රුධිරය වහනය සිදුවන්නේ නම් වෛද්‍යවරයකු මුණගැසීම අත්‍යාවශ්‍යම දෙයකි. විවිධ හෝමෝන භාවිතයෙන් මෙම රුධිර වහනය නවතාලිය හැක. නමුත් වෛද්‍යවරයා විසින් ගර්භාෂ පටලයේ කොටසක්‌ පරීක්‍ෂා කිරීමට තීරණය කිරීමට ඉඩ ඇත. එසේ කිරීමෙන් වෙනත් භයානක රෝගී තත්ත්වයන් නැති බව සනාථ කරගත හැකිය. ආර්ථවහනය කාන්තාවකුගේ ජීවිතයෙන් තවත් එක්‌ ස්‌වභාවික සිද්ධියක්‌ පමණි. බොහෝ කාන්තාවන් මෙම තත්ත්වයට ක්‍රමයෙන් හැඩ ගැසේ. විශේෂයෙන්ම ස්‌වාමිපුරුෂයා සහ පවුලේ අනෙක්‌ සාමාජිකයන්ගේ උදව් ලැබීමෙන් මෙම ගැටලුකාරී විය හැක. මෙම තත්ත්වය පිළිබඳව දැනුම සහ අවබෝධය දැන් පෙරට වඩා වැඩිය. වෛද්‍ය විද්‍යාව දියුණුවීමත් සමගම මෙම ගැටළුවලට විසඳුම් සොයාගෙන ඇත. ආර්ථවහරණයේ සිදුවන බොහෝ අපහසුකාරී තත්ත්වයන්ට හේතුව ඊස්‌ට්‍රජන් හෝමෝනයේ ඌනතාවයයි. මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ඊස්‌ට්‍රජන් හෝමෝනය ශරීරයට පිටතින් ඇතුළු කිරීම සිදුකෙරේ. මෙය විවිධාකාරයෙන් කළ හැක. ගිලින පෙති වශයෙන්, ආලේපනය කළ හැකි ක්‍රීම් වර්ග වශයෙන් හෝ සමෙහි අලවන පැලැස්‌තර වශයෙන් මේවා නිපදවා ඇත. ඉහත රෝග ලක්‍ෂණවලින් තදින්ම දුක්‌ විඳින කාන්තාවකට මෙම ඊස්‌ට්‍රජන් භාවිතය සුදුසු විය හැකි නමුත් මෙය සිදුකළ යුත්තේ වෛද්‍යවරයකුගේ දැඩි අධීක්‍ෂණය යටතේය. එනම් වෛද්‍යවරයකු යටතේය. එනම් වෛද්‍යවරයකු විසින් කාන්තාව පරීක්‍ෂා කිරීමෙන් පසුව ඇයට සුදුසු ඖෂධ වර්ගය තීරණය කරනු ලබයි. ඊස්‌ට්‍රජන් හෝමෝනය ගැනීමෙන් බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් මෙම ප්‍රතිකර්ම ක්‍රමය තමාට සුදුසුවන්නේ කෙසේද යන්න වෛද්‍යවරයකු සමග සාකච්ඡා කළ යුතුය.

වෛද්‍ය චම්පා නෙල්සන්

උපුටාගැනීම

http://www.navaliya.com/2012/02/20/health2.html

LEAVE A REPLY