සමාජ රෝග  හෙවත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සහ ඒවායින් වැළකීම

0
242

සමාජ රෝග පිළිබඳ ලිපි මාළාවේ තෙවන ලිපිය වන මෙය මඟින් සමාජ රෝග ප්‍රභේදයන් පිළිබඳවද ඒවා ඇති කරන ව්‍යාධිජනකයන් පිළිබඳව හා සමාජ රෝග වලින් ආරක්ෂාවීමේ ක්‍රමවේද පිළිබඳවද පුළුල් අවබෝධයක්  ලබා දිමට මම අපේක්ෂා කරමි.විශේෂයෙන්ම නිවරදි ලෙස කොන්ඩොම පැළඳීම, සමාජ රෝග නාශක එන්නත් භාවිතා කිරිම සහ  සමාජ රෝග පරීක්ෂා කිරීම  ආදි කරැණු පිලිබඳව පුළුල්ව සාකච්ඡා කිරිම වර්තමාන සමස්ථ සමාජයටම ප්‍රයෝජනවත් වේ යැයි මම සිතමි. ලිපියේ අවසාන කොටස සමාජ රෝග වලින් ආරක්ෂා වන ක්‍රමවේද පිලිබඳ සාකච්ඡා කරනු ලබයි.

ලිංගිකව සම්ප්‍රේශනය වන වසංගත හෙවත් ලිංගිකව සම්ප්‍රේශනය රෝග(STD) හෙවත් සමාජ රෝග(Venereal diseases/VD)  වසංගත තත්වයන් වන අතර පොදුවේ විවිධ ලිංගික ක්‍රියාකාරම් ඔස්සේ පැතිරීම සිදුවේ.විශේෂයෙන්ම  යෝනි ලිංගික  සංසර්ගය, ගුද ලිංගික සංසර්ගය සහ මුඛ ලිංගික සංසර්ගය  ඔස්සේ ලිංගාශ්‍රිත රෝග බෝවිම සිදු වන අතර  බොහෝමයක් රෝගවල ආරම්භක අවධියේදී රෝග ලක්ෂණ දැකගත නොහැකිය.මෙලෙස ආරම්භක අවධියේද  රෝග ලක්ෂණ නොපෙන්වීම නිසා සමාජ රෝග අන් අයට පැතිරීමේ ඉහල අවධානමක් ඇත.



සමාජරෝග සියල්ලේම පොදුවේ දැකිය හැකි ලක්ෂණ ලෙස යෝනි ශ්‍රාවයන් නිකුත්විම, ශිෂ්න ශ්‍රාවයන් නිකුත්වීම, ලිංගාශ්‍රිත තුවාල ඇතිවිම, යූනික ප්‍ර දේශයේ වේදනාවක් ඇතිවිම ආදී රෝග ලක්ෂණ දැකිය හැකිය.උපතට පෙර හෝ උපත සිදුවන විට ලිංගාශ්‍රිත රෝග ඇතිවිම ළදරැවාට බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවීමට හේතුවේ.සමහර සමාජරෝග නිසා  ස්ත්‍රීන්ට වඳභාවය ඇතිවීම සිදුවේ. 

සමාජරෝග ඇතිවීමේදී බැක්ටීරියා,වෛරස සහ පරපෝෂිතයන් විශේෂ 30ක් පමණ ක්‍රියාත්මකවේ.ක්ලැමීඩියා,ගොනෝරියා, සහ සිෆිලිස් බැක්ටීරියා නිසා ඇතිවන සමාජරෝග වන අතර ලිංගික හර්ෆිස්, ලිංගික ඉන්නන් සහ ඒඩ්ස් වෛරස් නිසා ඇති වන සමාජරෝග ගණයට වැටේ. ට්‍රයිකෝමොනියසිස් යනු පරපෝෂිතයෙක් නිසා බහුලවම ඇති වන සමාජරෝගයකි. ලිංගික ක්‍රියාකාරකම් ඔස්සේ බෝවිමට අමතරව සමහර සමාජරෝග වලට  ලිංගික නොවන ක්‍රමවේදයන් ඔස්සේද බෝවීමේ හැකියාවක් තිබේ.ආසාධිත රැධිරය, පටක , පටක තරලයන්, මව්කිරි දීමේදී  සහ දරැ උපතේදී සමාජරෝග ලිංගිකව නොවන ආකාර වලට බෝවීම සිදුවේ.සංවර්ධිත රටවල සමාජරෝග වල රෝග නිශ්ච්‍යය කිරිමට අවශ්‍ය තරම් පහසුකම් තිබුනද සංවර්ධනය වෙමින් පවතින රටවල එම පහසුකම් පවතින්නේ අවම වශයෙනි.


සමාජරෝග බෝවීමෙන් වැළකීමේ හොඳම ක්‍රමය නම් ලිංගිකව එක්වීමෙන් වැළකී සිටිමයි.සමහර එන්නත් මඟින් හෙපටයිටිස් බී සහ  හියුමන් පැපිලෝ වයිරස් වැනි  සමාජරෝග ඇතිවීමේ අවධානම අඩුකරනු ලබයි. ලිංගික හැසිරීමේදී කොන්ඩෝම භාවිතය,ලිංගික සහකරැවන් එක් අයෙක් පමණක් හෝ හැකි තරම් අවම ගනනක් පවත්වා ගැනිම  වැනි ආරක්ෂිත ලිංගික චර්යාවන් අනුගමනය කිරිම මඟින්  සමාජරෝග වැළදීමේ අවධානම අවම කල හැකියි.බොහෝමයක් ලිංගාශ්‍රිත රෝග සුවපත් කිරීමේ හැකියාව පවතී.සිෆිලිස්, ගොනෝරියා ,ක්ලැමිඩියා සහ ට්‍රයිකොමොනියාස් යන ලිංගාශ්‍රිත රෝග ප්‍රතිකාර කර සුවකල හැකියි.නමුත් හර්පිස්, හෙපටයිටිස් බී, ඒඩ්ස් සහ හියුමන් පැපිලෝ වයිරස් යන ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කලහැකි  අතර නිට්ටාවටම සුවකල නොහැකියි.මේ අතර වඩාත් භයානක තත්වය නම් ගොනෝරියා වැනි සමහර බැක්ටීරියා විශේෂ ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධයක් ගොඩනඟා ගනිමින් සිටිමයි.



වර්ෂ 2008 දී ලොවපුරා මිලියන 500ක මිනිසුන් සිෆිලිස්, ගොනෝරියා, ක්ලැමිඩියා හෝ ට්‍රයිකෝමොනියසිස් යන සමාජරෝග වලින් පෙළුන බව සංගණනය කර ඇත.මෙම වසරේදිම ලොව පුරා මිනිසුන් මිලියන 530කට  ලිංගික හර්පිස් වැළදි තිබූ බවද එම සංගණනයම පවසයි. එමෙන්ම වර්ෂ 2008දී ලොව පුරා කාන්තාවන් මිලියන 290කට මානව පැපිලෝ වයිරසය වැලඳී තිබිනි.වර්ෂ 2010 දී එච්.අයි.වී වෛරසය ආසාදනය වීම නිසා ලොවපුරා මරණ 1420000ක් වාර්තා වි තිබිනි.ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් වර්ෂ 2010 දී  ලිංගාශ්‍රිතව සම්ප්‍රේශනය වන රෝගීන් මිලියන 19ක්  අළුතෙන් වාර්තාවී තිබිනි.ලිංගාශ්‍රිත රෝග වල ලිඛිත ඉතිහාසය වර්ෂ 1550  දකවා පමණ දිව යන්නක් වන අතර  ඒ වටා සමාජ දෝෂාරොපණයන් සහ ලැජ්ජාව වැනි කරැණු සංකේන්ද්‍රණය වි තිබිනි.

වර්ගීකරණය

1990 පමණ වනතෙක් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග පොදුවේ විනීරියල් ඩිසීස් යනුවෙන් හඳුන්වන ලදි. මෙය විනීරියස් යන ලතින් වචනයෙන් සම්භවය වූ  ලිංගික සංසර්ගය හෝ ආශාව යනුවෙන් අරැත් දනවන  වචනයක් වන අතර මෙහි මූල සම්භවය වන්නේ ආදරයට අධිපති වූ රෝමන් දෙවඟනක් වු වීනස් ගේ නාමයයි.

වර්ෂ 1999දී ලෝක සෞඛ්‍ය සංවිධානය  විසින් sexually transmitted disease හෙවත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග යන වචනය හඳුන්වාදුන් අතර  මෙයින් ඉතාමත්ම පුළුල අර්ථයක් නිරෑපණය කරන බව කියවේ.මෙය කිසියම් සමාජ සංස්ථාවක් තුල ව්‍යාප්තවීමේ ඉහල හැකියාවක් දරන ශරීරයේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයට හේතුවන පරපෝෂී ජීවියෙක් නිසා ඇති වන රෝගයක් බැව් පැවසේ.මුලික අවධි වලදී මෙම රෝග කාන්ඩය කිසිදු රෝග ලක්ෂනයක් නොපෙන්වන ගුප්ත අවධියක් ගත කරනු ලබයි.උදාහරනයක් ලෙසට මානව පැපිලෝ වෛරසය සමාජයේ ලිංගිකව ක්‍රියාකාරී බොහෝමයකට වැළඳෙන නමුත් ස්වල්ප දෙනෙකුට පමණක් රෝග ලක්ෂන ඇතිවිම සිදුවේ.මෙම රෝගය ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වල අර්ථ දැක්වීම මැනවින්ම පැහැදිලි කරදේ.

බොහෝමයක් අවස්ථාවලදී මිනිසුන් තමන් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගයකින් පෙළෙන බව දැන ගන්නේ  ඔවුන් පරීක්ෂණයකට ලක්වු විට හෝ ඔවුන්ට රෝග ලක්ෂණ  ඇතිවූ විටයි.මෙනින්ජයිටිස් වැනි රෝගි තත්වයන් ලිංගික ස්පර්ෂයන් තුලින් සම්ප්‍රේශනය වියහැකි වුවද  එම රෝග ලිංගාශ්‍රිත රෝග ලෙස වර්ගීකරණය නොකරන්නේ  එම රෝග වල ප්‍රමුඛ වාහක මාර්ගය ලිංගික ස්පර්ෂය නොවන බැවිනි.වෙනත් වචනයෙන් පවසතොත් ලිංගාශ්‍රිත රෝග යනු ලිංගික සම්භන්දතා හැරැන විට අන් කිසිදු ක්‍රමයකින් සම්ප්‍රේශනය විමට අවම සම්භාවිතාවයක් ඇති රෝගයි.




සම්ප්‍රේශනය වන ආකාරයන්

1. මුඛ  ලිංගික සංසර්ගය කිරීම මඟින් පිරිමින්ට බෝවන රෝග…

(A) බහුලවම වැළඳෙන රෝගී තත්වයන්….

1. උගුර ආශ්‍රිත ක්ලැමිඩියා තත්වයන්
2. උගුර ආශ්‍රිත ගොනෝරියා තත්වයන්….
3. හර්පිස් තත්වයන්….(දුර්ලභය)
4.මානව පැපිලෝ වෛරසය….
5. සිෆිලිස් (1%ක් පමණ)

(B) අඩුවෙන් වැළඳීමේ අවධානම ඇති රෝගි තත්වයන්...

1. හෙපටයිටිස් බී (අවම සම්භාවිතාවක්…)
2.මානව පැපිලෝ වෛරසය(0.001%)
3 හෙපටයිටිස් සි (සම්භාවිතාව නොදනි)

2. මුඛ ලිංගික සංසර්ගය කිරීම මඟින් කාන්තාව්ට බෝවන රෝග….

A. වැළඳීමට වැඩි අවධානමක් සහිත රෝගයන්…

1. හර්පිස්
2.මානව පැපිලෝ වෛරස්

B.  වැළඳීමට අඩු අවධානම් සහිත රෝග තත්වයන්…



1. උගුර ආශ්‍රිත ගොනෝරියා
2. උගුර ආශ්‍රිත ක්ලැමීඩියා

3.මුඛ ලිංගික සංසර්ගයේදී  ප්‍රතිග්‍රහනය මගින් පිරිමින්ට බෝවන රෝග…



A. වැළඳීමට වැඩි අවධානම් සහගත රෝග තත්වයන්……


1. ක්ලැමීඩියා
2. ගොනෝරයා
3. හර්පිස්
4.සිපිලිස්(1%)

B. වැළඳීමට අඩු අවධානම් සහගත රෝග තත්වයන්…

1. මානව පැපිලෝ වෛරසය

4. මුඛ ලිංගික සංසර්ගයේදී ප්‍රතිග්‍රහනය මඟින් කාන්තාවන්ට බෝවන රෝග….

A . වැළඳීමට වැඩි අවධානම් සහගත රෝග තත්වයන්…….. 



1. හර්පිස්

B. වැළඳීමට අඩු අවධානම් සහගත රෝග තත්වයන්…….


1. මානව පැපිලෝ වෛරසය
2. බැක්ටීරියල් වැජිනෝසිස්
3. ගොනෝරියා

4. ලිංගික සංසර්ගය මඟින් පිරිමින්ට බෝවන රෝග…

A. වැළඳීමට  වැඩි අවධානම් සහගත රෝග තත්වයන්……

1. ක්ලැමිඩියා( 30-50%)
2. ක්රැබ්ස්
3. ස්කේබීස්
4. ගොනෝරියා (22%)
5.හෙපටයියිස් බී
6. හර්පීස්( 0.07%)
7. එච්.අයි.වී(0.05%)
8. මානව පැපිලෝ වෛරසය(0.05%)
9. මයිකොප්ලාස්මා හොමිනිස් ආසාදනය
10. සිපිලිස්
11.ට්‍රයිකොමොනියාසිස්
12. යුරිප්ලාස්මා ආසාදනය

B. වැළඳීමට අඩු අවදානම් සහගත රෝග තත්වයන්…

1. හෙපටයිටිස් සී

5. ලිංගික සංසර්ගය මඟින් කාන්තාවන්ට බෝ වන රෝග….






A.වැඩි අවධානම් සහිත රෝග තත්වයන්….



1. ක්ලැමිඩියා(30-50%)
2. ක්රැබ්ස්
3. ස්කේබීස්
4. ගොනෝරියා(47%)
5.හෙපටයිටිස්(50-70%)
6. හර්පිස්
7. එච්.අයි.වී(0.1%)
8. මානව පැපිලෝ වෛරසය(40-50% ක් පමණ)
9.මයිකොප්ලාස්මා හොමිනිස් ආසාදනය
10.සිපිලිස්
12. ට්‍රයිකොමොනියාසිස්
13.යුරිප්ලාස්මා ආසාදනයන්

B. වැළඳීමට අඩු අවදානම් සහිත රෝගී තත්ව

1.හෙපටයිටිස් සී

5. ගුද ලිංගික සංසර්ගය- දායකයා

1.ක්ලැමීඩියා
2.ක්රැබ්ස්
3.ස්කේබිස්
4.ගොනෝරියා
5.හෙපටයිටිස් බී
6. හර්පිස්
7. එච්.අයි.වී (1.7%)
8. මානව පැපිලෝ වෛරසය
9.සිපිලිස්  (1.4%)
10.සිපිලිස් ( 1.4%)

ඇනිලිංගස්(                                                       )





A , වැළඳීමේ වැඩි අවධානම් සහිත….


1. ඇමීබා ආසාධනයන්….
2.ක්‍රිප්ටොස්පොරීඩියෝසිස්
3. ජියාර්ඩියාසිස්(Giardiasis)
4.හෙපටයිටිස් (1%)
5. ෂිගෙල්ලෝසිස් (1%)

B. වැළඳීමේ අඩු අවදානම් සහිත රෝග


1. මානව පැපිලෝ වයිරසය

ඉහත සමාජ රෝග ආසාදනයන් ඇති කරන්නාවු බැක්ටීරියා,වෛරස් ,ප්‍රො ටෝසෝවා,දිලීර සහ පරපෝෂිතයන්ට අදාල විස්තර පහත දැක්වේ.

1.දිලීරමය ආසාදනයන් ඇති කිරිම

Candiasis ( කැන්ඩියාසිස්)

2. වෛරස් ආසාදන

(අ). වෛරස හෙපටයිටිස් (හෙපටයිටිස් බී වෛරසය) 

ව්‍යාප්ත වන්නේ ර්‍ඛෙටය සහ ලිංගික ශ්‍රාවයන් මඟිනි.
හෙපටයිටිස් A  සහ හෙපටයිටිස් E සම්ප්‍රේශනය වන්නේ  මුඛ ශ්‍රාවයන් සහ මළ ද්‍රව්‍ය වලින් වන අතර හෙපටයිටිස් C  කලාතුරකින් ලිංගිකව සම්ප්‍රේශනයවේ.හෙපටයිටිස් D වල සම්ප්‍රේශන ක්‍රමය අවිනිශ්චිත වන අතර ලිංගික සංසර්ගය ඔස්සේ සම්ප්‍රේශනය විය හැකි බව විශ්වාස කෙරේ.

(ආ). හර්පිස් සිම්ප්ලෙක්ස්(Herpes simplex virus 1 and 2)

සමේ සහ ශ්ලේෂ්මල පටල වල ඇති දුෂ්‍යමාන නොවන කුඩා විසර ගෙඩි මඟින් ව්‍යාප්තවේ.

(ඇ) එච්.අයි.වී 


ලිංගික ශ්‍රාවයන්,ශුක්‍ර, මවුකිරි සහ රැධිරය මඟින් මෙම වෛරසය සම්ප්‍රේශනයවේ.

(ඈ) මානව පැපිලෝ වෛරසය


සමේ සහ ශ්ලේෂ්මල අන්තර්ගතයන් තුලින් සම්ප්‍රේශනය වේ.යූනික ,ගුද , ශිෂ්න සහ යෝනි පිලිකා තත්වයන් මෙම මානව පැපිලෝ වෛරසය මඟින් ඇතිවිම සිදුවේ.
සමහර  මානව පැපිලෝ වෛරස කාන්ඩ මඟින් ලිංගික ඉන්නන් ඇතිවිම සිදුවේ.

(ඉ) මොලුස්කම් කන්ටැගියෝසම්(Molluscum Contagiosum)


මෙම වෛරසය ව්‍යාප්ත වන්නේ සමිප ස්පර්ෂය මඟිනි.

3. පරපෝෂිත ආසාදන

(අ) ක්රැබ් ලවුස්

(ආ) ස්කේබීස් (Sarcoptes scabiel)

4,ප්‍රො ටෝසෝවා


(අ) ට්‍රිකොමොනියාසිස් ( Trichomonas vaginalis)
ට්‍රික් ලෙස හඳුන්වනු ලබයි.

වඩාත් බහුලව දකින්නට ලැබෙන සමාජ රෝග සමහරක් පිළිබඳව සලකා බැලිම ඉතා වැදගත් බව පෙනේ.එමෙන්ම සමාජ රෝග වලින් වැළකීමට අනුගමනය කල යුතු ආරක්ෂක ක්‍රමවේද පිළිබඳවත් විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

බොහෝමයක් ලිංගාශ්‍රිතව සම්ප්‍රේශනය වන රෝග ශිෂ්නයේ,යෝනි මාර්ගයේ, ගුදයේ සහ මුත්‍රා මාර්ගයේ ශ්ලේෂ්මල පටල මඟින් ව්‍යාප්තවීම සිදුවේ.මෙම ශ්ලේෂ්මල පටල වලින් ශ්ලේෂ්මලය ස්‍රාවය නොවුවද එම පටල හරහා සමහර ව්‍යාධි ජනකයන්ට ගමන් කිරිමට අවකාශ ලබා දිම සිදුවේ.ආසාදිත උපස්ථරයන් සමඟ ස්පර්ෂ වන වාර ගනන මත සහ එම උපස්ථර වල සිටින ව්‍යාධිජනක ක්ෂුද්‍රජිවීන් මත එක් එක් ක්ෂුද්‍රජිවි ආසාදනය තීරණයවේ.කෙසේ වුවද ලිංගික ස්‍රාවයන් අන්තර්ගත ශ්ලේෂ්මල පටලයන් මත මෘදු ස්පර්ෂයක් ඔස්සේ සමාජරෝග සම්ප්‍රේශනය වීම සිදුවේ.

මෙම තත්වය නිසා ලිංගික නොවන ස්පර්ෂයන් වන ,වැළඳගැනීම්, අතට අතදීම, වැනි සම්භන්දතා නිසා සමාජරෝග බෝවිමට අති අවධානම් සහගතභාවය ඉතා අල්ප ය.  ලිංගික අවයව ආශ්‍රිතව සියුම් ශ්ලේෂ්මල පටල ඇති නිසා ලිංගික සම්භන්දතා මඟින් සමාජ රෝග ව්‍යාධිජනකයන් සම්ප්‍රේශනය වීමේ ඉතා ඉහල සම්භාවිතාවයක් ඇත.මුඛය ආශ්‍රිතවද ශ්ලේෂ්මල පටල ඇති නිසා බොහෝමයක් සමාජරෝග වාහකයින්ට මෙම පටල හරහා ඉතා පහසුවෙන් සම්ප්‍රේශනය විය හැකියි.මුඛ ලිංගික සංසර්ගය සමාජ රෝග සම්ප්‍රේශනය වන ක්‍රමයක් වන්නේ ඒ නිසාය.තදින් සිප ගැනිමකදි පවා මෙම සමාජ රෝග වාහකයින් එක් පුද්ගලයෙකුගේ සිට තවත් අයෙකුට සම්ප්‍රේශනය වන්නේ නැත.

සමාජරෝග වාහකයින් මුඛයේ සිට ලිංගික අවයව වලටත් , ලිංගික අවයව වල සිට මුඛයේ ශ්ලේෂ්මල පටල වලටත්  පහසුවෙන්ම සම්ප්‍රේශනය වන්නෝය.නමුත් එක් මුඛයක සිට තවත් මුඛයකට ඔවුන්ට  ගමන් කිරිම ඉතා දුෂ්කර වේ. එච්.අයි.වි ව්‍යාධිජනකයන් ර්‍ඛෙටය තුල අන්තර්ගත වන ප්‍රමාණයට වඩා  බෙහෙවින් වැඩි සංඛ්‍යාවක් ලිංගික ස්‍රාවයන්ගේ අන්තර්ගතවේ.නමුත් සමාජරෝග ලෙස වර්ගීකරණය කර ඇති හර්පිස්, මානව පැපිලෝ වෛරසය වැනි ඇතැම් රෝග සෘජුව සම ස්පර්ෂය මඟින් බෝවීම ද සිදුවේ.KSHV නම් අප රටේ දැකීම අපහසු සමාජරෝගය ව්‍යාප්ත වන්නේ තද සිපගැනීම් වලදී සහ ලිංගික සංසර්ගයේදී ඛේටය ලිහිසිකාරකයක් ලෙස යොදා ගන්නා අවස්ථාවලදීත්ය.


මාජ රෝග ව්‍යාධිජනකයන් ගේ ලාක්ෂණික ලක්ෂනයක් වනුයේ සිරැරට ආසාදනය වී සිරැර තුල එක්තරා ගුප්ත අවධියක් ගත කිරීමයි.මෙම කාලය තුල අදාල පුද්ගලයාට රිසි පරිදි සමාජය තුල ලිංගිකව ක්‍රියාකාරී වී සිටිය හැකි විම රෝගය තවත් බොහෝ දෙනෙක් වෙත සම්ප්‍රේශනය කරවන්නකි.උදාහරනයක් ලෙසට හර්පිස් වැළදුන අයෙකුට ශරීරයේ විසර ගෙඩි දුෂ්‍යමානව පවතින අවස්ථාවට වඩා ශරීරයේ විසරගෙඩි දකින්නට නොමැති අවස්ථාවේදී රෝගය හොඳින් සම්ප්‍රේශනය කල හැක.නමුත් එච්.අයි.වී ආසාධිතයෙකුට එම රෝග ලක්ෂණ සිරැරේ ප්‍රකාශවී නොමැති අවස්ථාවේදී වුවත් වෛරසය සම්ප්‍රේශනය කල හැකිය.
සෑම ආකාර වලම ලිංගික හැසිරීම් මඟින්  එක් අයෙකුගේ දේහ තරලයන්ට අනෙකාගේ සිරැරේ ශ්ලේෂ්මල පටල නිරාවරණය කිරීමේ  අවධානම තිබේ.මෙහිදී ඉහල අවධානයක් ඒඩ්ස් වෙත යොමු කල යුතු අතර අනෙක් සමාජ රෝග පිලිබඳවද අවධානයෙන් පසු විය යුතුය.

ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සැම විටෙකම නිශ්චිත ලිංගික ක්‍රියාකාරීත්වයන් ඔස්සේ ආසාදිත පුද්ගලයෙකුගේ සිට නිරෝගී පුද්ගලයෙකුට සම්ප්‍රේශනය විම සිදුවේ.නමුත් රෝග වාහකයෙක් නොවන කිසිදු පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරෙන කිසිවෙකුට සමාජ රෝග බෝවන්නේ නැත.මේ අතර සමහර සමාජ රෝග (එච්.අයි.වි) ගර්භනීය මවගෙන් කළලයට හෝ මවගේ කිරි ඔස්සේ දරැවාට සම්ප්‍රේශනය වීමේ අවධානම ඇත.



සෑම ආකාරයේම සමාජරෝග ක්ෂුද්‍රජිවින් ලිංගික ක්‍රියාකාරීත්වයන් හරහා සම්ප්‍රේශනය වීමේ ප්‍රධාන ආකාර 2ක් පවතී.ඒවා නම් ලිංගික හැසිරිමේදී  දායක කිරිම සහ ලිංගික හැසිරීමේදී  ප්‍රතිග්‍රහනය කිරීම යන දෙආකාරයෙනි.මෙම දෙආකාරයම සමාජරෝග බෝවීමේ ඉහල අවධානමක් සහිත වුවද ලිංගික හැසිරිම ප්‍රතිග්‍රහනයේදී සමාජ රෝග සැදීමේ අවධානම ඉතා ඉහලවේ.


 සෑම විටෙකම ලිංගිකව එක් වීමේදී ලේටෙක්ස් කොන්ඩෝම පැළඳීම වැනි ආරක්ෂිත ලිංගික සංසර්ග ක්‍රම මඟින් 98%ක පමණ සමාජ රෝග ආරක්ෂාවක් ලැබුනද එම ක්‍රම මඟින් 100%ක සමාජරෝග ආරක්ෂිතභාවයක් නොලැබෙන බව දැන ගැනිම ඉතා වැදගත්ය. රැධිර පාරවිලනයන්,ඉන්ජෙක්ෂන් කටු හුවමාරැකිරීම්, (වෛද්‍ය ප්‍රතිකාර වලදී ඉතා අවාසනාවන්ත ලෙස )වෛද්‍ය කාර්යමණ්ඩල වල පුද්ගලයන්ට ආසාදිත දේහ තරල ආංකූලණය වු ඉන්ජෙක්ෂන්  කටු ඇනීම ,ටැටූ නිර්මාණයට ගන්නා කටු හුවමාරැ කිරිම , ආසාදිත මවක් මඟින් දරැවෙක් බිහිකිරීම මෙලෙස සමාජ රෝග බොවෙන අනෙකුත් ප්‍රමුඛ ක්‍රමවේදයන් වේ.මේ නිසා වෛද්‍ය කාර්ය මණ්ඩල, හිමෝෆීලියාව ඇති රෝගින් සමාජ රෝග වලට නිරාවරණය වීමේ ඉහල අවධානමකින් යුක්ත වෙති.

රක්ෂිත ලිංගික ක්‍රියාකාරීත්වයන් යෝජනා කරන්නේ මේ කරැණු නිසාය.නූතන ව්‍යාධිවේදී අධ්‍යනයන් මඟින් හෙළි වි ඇති ආකාරයට  ලිංගාශ්‍රිතව  සම්ප්‍රේශනය වන රෝගවල ව්‍යාප්තියට බලපාන ප්‍රධාන කරැණ වන්නේ පුද්ගලයා සහ සමාජය අතර පවතින ලිංගික සම්භන්දතා ජාලයේ ස්වභාවයයි.එක් පුද්ගලයෙකුට ලිංගික සහකරැවන් විශාල ගනනක් සිටින්නේ නම් එම තත්වය සමාජ රෝග ව්‍යාප්තිය වේගවත් කරන්නකි.එමෙන්ම ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග  මඟින් මිනිස් සිරැර තුල බරපතල සංකූලනතා ඇති කිරිම සිදුකරයි.උදාහරනයක් ලෙස සමාජ රෝග මඟින් ස්ත්‍රින්ගේ ඉතා බරපතල යූනික ආසාදන රෝග තත්වයන් ඇති කෙරේ.මේවා ද්විතියීක ආසාදන තත්වයන් වේ.

ලිංගාශ්‍රිත රෝග තත්වයන්ගෙන් වැළකීම සහ ආරක්ෂාවීම




නිට්ටාවටම සුව කල නොහැකි ඒඩ්ස් සහ හර්පිස් වැනි  සමාජ රෝග සඳහා හොඳම විකල්පය එම රෝග වලින් ආරක්ෂා වීමට පියවර ගැනීමයි.ලිංගික සෞඛ්‍යය සායන මඟින් ලිංගික ක්‍රියාකාරීත්වයේදී කොන්ඩෝම භාවිතය  ප්‍රවර්ධනය කරනු ලබන අතරම අනෙකුත් ආරක්ෂිත ලිංගික හැසිරීම් ක්‍රමවේදයන් සඳහා ජනතාව උනන්දු කරනු ලබයි.

සමාජ රෝග වලින් ආරක්ෂාවිමට දැනට ඇති හොඳම ක්‍රමවේදය නම් ආසාදිතයාගේ දේහ කොටස් හෝ ලිංගික ස්‍රාවයන් සමඟ නිරෝගි පුද්ගලයාගේ ශ්ලේෂ්මල පටල හෝ සිරැරේ වඩාත් සියුම් ස්ථාන ස්පර්ෂවීම වැළක්වීමයි.අනෙක් අතට සියළුම ලිංගික ක්‍රියාකාරකම් වලදී ආසාදිත පුද්ගලයෙකුගේ දේහ කොටස් හෝ දේහ තරල සමඟ ස්පර්ෂවිම සිදුවන්නේ නැත.සයිබර් සෙක්ස්, ෆොනෝ සෙක්ස්(දුරකථන භාවිතයෙන්),ස්වයංවින්දනය වැනි ක්‍රියාකාරකම් ද ලිංගික හැසිරීම් වර්ගයට අයත්වන අතර  මේ නිසා ආසාදිත දේහතරල සමග නිරෝගී පුද්ගලයන් ස්පර්ෂ වන්නේ නැත.

A. කොන්ඩොම භාවිතය හා පැළඳීම

කොන්ඩෝම වල නිවරදි භාවිතය සමාජ රෝග සෑම විටම වළක්වාලයි.නමුත් සමහර සමාජ රෝග කොන්ඩෝම භාවිතයෙන් පවා වැළැක්විය නොහැකි බව ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතුය.සායන වලට පැමිණෙන පුද්ගලයන් අපගෙන් නිතරම අසන ප්‍රශ්නයක් වන්නේ කොන්ඩෝමයකින් කොපමණ ආරක්ෂාවක් සමාජ රෝග සඳහා ලැබේද යන්නයි……………..සියළුම තත්ව යටතේ කොන්ඩොමයක්  ඔබට සමාජ රෝග වලින් වැළකීමට 98%ක ආරක්ෂාවක් ලබා දෙන අතර  ඉහත කී පරිදි සමහර සමාජ රෝග කොන්ඩොම පැළඳියද සම්ප්‍රේශනය වේ.

.කොන්ඩොමය පැළඳීමේදී වායු බුබුලු රැඳීමක් සිදුවී නම් සංසර්ගයේදී කොන්ඩොමය පිපිරී දේහ තරලයන් සමඟ එන සමාජ රෝග කාරකයන් නිරෝගී පුද්ගලයාගේ දේහගතවීම සිදුවේ. 


ඇතැම් විටෙක කොන්ඩොමය නිසි ලෙස නොපැළඳීම නිසා ද දේහ තරලයන් ඔස්සේ සමාජ රෝග කාරකයන් නිරෝගී පුද්ගලයන්ට දේහ ගතවේ.බොහෝ දෙනෙක් අමතක කරන කරැණක් නම් කොන්ඩොමයක් භාවිතා කර ලිංගික හැසිරීම් වල යෙදුනද  මා ඉහතින් දක්වා ඇති තද සිප ගැනීම් වැනි චර්යාවලින් බෝවන සමාජ රෝග වැළැක්විය නොහැකි බවයි.ඩමී හෝ එවැනි වෙනත් ලිංගික උපකරණ භාවිත කිරීමේදී එම උපකරණය තමන්ම පමණක් භාවිතා කිරිම ඉතාමත් වැදගත්වේ.එවැනි උපකරණ පුද්ගලයන් කිහිප දෙනෙක් අතර හුවමාරැ වන්නේ නම් එවැනි උපකරණ භාවිතයේදී අනිවාර්යෙන්ම ලේටෙක්ස්, පොලියුරිතේන් හෝ පොලිසොප්රීන් ආරක්ෂක ඩෙන්ටල් ඩෑමයක් හෝ /හා කොන්ඩොමයක් පැළඳිය යුතුමය.අදාල උපාංග ඉතා නිවරදිව පැළඳීමටද මෙහිදී අමතක නොකල යුතු බව සඳහන් කරමි.


පිරිමි හෝ ගැහැනු කොන්ඩොම වඩාත් හොඳින් ක්‍රියාකාරී වන්නේ එය නියමාකාරයෙන් පළඳා ඇති විට එමඟින් වැසී යන ප්‍ර දේශයට ආරක්ෂාව ලබා දිමටයි.නියම පරිදි පිරිමි කොන්ඩමයක් භාවිතයට පහත සඳහන් උපදෙස් පිලිපදින්න. ඔබ කොන්ඩමයක් මිළදී ගැනීමේදි එය හොඳින් සීල් කර ඇති බව ඔබ විසින් තහවුරැ කර ගත යුතුය.අසුරනය පලුදු වි හෝ වෙනත් අයුරකින් හානිවි තිබෙන කොන්ඩොම මිළදි ගැනිම ප්‍රතික්ශේප කරන්න.මිළදි ගන්නා කොන්ඩොම ප්‍රමිතියට අනුකුලද යන්න ඔබ විසින් තහවුරැ කර ගත යුතුය.


කොන්ඩොමය පැළඳීමේදී එය කැටි කොට සෘජු කරන ලද ශිෂ්ණය අග සිට එය ශිෂ්නයට ඇතුළු කල යුතුය.කිසිම අයුරකින් ශිෂ්ණය සහ කොන්ඩොමයේ ලේටෙක්ස් පටලය අතර වායු බුබුලු රැඳීම වැළැක්වීම ඔබගේ වගන්න.


1. කොන්ඩොමය කෙළවර ඉතා තදින් නොපැළඳිය යුතුය.සෙන්ටිමීටර් 1.5ක හෝ අඟල් 3/4 ක ඉඩක් ශිෂ්ණයේ විමෝචනය වන අග්‍ර යේ තැබිය යුතුය.කොන්ඩොමය අග්‍රෙය් තඳින් පැළඳීම සැම විටෙකම එය පැලීම් වලට ලක්විමට හේතුවේ.
2. එමෙන්ම කොන්ඩොමය වඩා ලිහිල්ව පැළඳීම ද එය ගැලවී යාමට හෝ දේහ තරල නිකුත්වීමකට හේතුවිය හැකිය.
3. එක් වරක් පැළඳි කොන්ඩෝමයක් නැවත පැළඳීම හෝ එහි ඇති දේහතරල සිරැරේ සියුම් ස්ථාන මත විසුරැවා ගැනීමෙන් වළකින්න.
4. එක් වතාවක් භාවිතා කල කොන්ඩෝමයක් පැත්ත මාරැ කර නැවත භාවිතයෙන් වැළකිය යුතුය.
5.දිගු නියපොතු සහිත පුද්ගලයන් කොන්ඩොම පැළඳීමේදී එය පලුදු නොවන බවට වග බලා ගත යුතුයි.
6.ලේටෙක්ස් කොන්ඩොම සමඟ ලිහිසි ද්‍රව්‍ය/තෙල් භාවිතා කරමින් සංසර්ගයේ යෙදීමෙන් වළකින්න.තෙල් හෝ ලිහිසි ද්‍රව්‍ය නිසා ලේටෙක්ස් කොන්ඩොම දියවී හෝ විඛාදනය වී යාමේ අනතුර ඇත.
7.රස කාරක සහිත කොන්ඩොමයන් මුඛ සංසර්ගය සඳහා පමණක් යොදා ගන්න(මේවා ලංකාවේ දකින්නට නැත.)මේවා ලිංගික සංසර්ගය සඳහා යොදා ගත් විට ඒවාගේ ඇති සිනි රසකාරක මඟින් ලිංගේන්ද්‍රයන්ගේ දිලීර ආසාදන ඇතිවීමේ අවධානම ඇතිවේ.
යල් පිනූ හෝ තත්වයෙන් බාල හෝ ප්‍රමිතියෙන් තොර හෝ නැවත නැවත භාවිතා කරන කොන්ඩොමයන්ගෙන් නිසි ආරක්ෂාව නොලැබෙන බව ඔබට  යලිත් මතක් කර දෙමි.




වඩාත්ම ආරක්ෂිතම ක්‍රමවේදය නම් ලිංගික සම්භන්දතා ඇති කර ගැනීමට ප්‍රථම ලිංගික සහකරැවන් දෙදෙනාම ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග පරීක්ෂාවකට බඳුන්වීමේ අවශ්‍යතාවයයි.( අවම වශයෙන් එක් ලිංගික සහකරැවෙක්වත් පෙරදී ලිංගික සම්භන්දතා පවත්වා ඇත්නම්)නමුත් මානව පැපිලෝ වෛරසය වැනි සමාජ රෝග  බොහෝ කල් ඇතිව හදුනාගැනිමට තරම් වත්මන් වෛද්‍ය තාක්ෂණය දියුණු නැත.
වෙනත් සමාජ රෝග තත්ව වලින් සිරැරේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වී ඇති විටකදී එච්.අයි.වී වැනි වෛරස් වලට සිරැරට ආසාදනය ඉතා පහසුය.එමෙන්ම එච්.අයි.වි වැනි ආසාදන මඟින් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වී ඇති විට සිරැරට අනෙකුත්  සමාජ රෝග කාරකයින්ට ඇතුළු වීම ඉතා පහසුය.මේ නිසා ඒඩ්ස් වැනි ආසාදනයන්ට ගොදුරැ වූ පුද්ගලයන් මිය යන්නේ බොහෝ විට වෙනත් වෛරස,දිලීර හෝ බැක්ටිරියා ආසාදන වලිනි.

එච්.අයි.වී සහ අනෙකුත් සමාජ රෝග පරීක්ෂාව සඳහා ඇති තාක්ෂනික ක්‍රමවේදයන් දැන් ඉතාමත් දියුණු අතර ආසාදනය හෝ එහි ත්‍රීව තාවය මැනිම සඳහා ගෘහස්ත උපකරණ පද්ධති මෙන්ම සායනද ඇත.මෙවන් සායන වලට සාභාගී වීමට පුද්ගලයන්ට ටෙලිෆෝන් හෝ ඊ මේල් මඟින් සිහිකැඳවීමේ සේවාවාන් දැනට ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල මෙන්ම සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල පවා ක්‍රියාත්මකවේ.

B.වැක්සින්../.ඉන්ජෙක්ෂන්/එන්නත්





හෙපටයිටිස් ඒ, හෙපටයිටිස් බී, සහ සමහර මානව පැපිලෝ වෛරස් විශේෂ වලින් ආරක්ෂා විමට එන්නත් භාවිතා කල හැකිය.එන්නත් මඟින් උපරිම ආරක්ෂාව ලබා ගැනීමට නම්  ලිංගික සම්භන්දතා ඇති කිරිමට ප්‍රථමව එම එන්නත් ලබා ගෙන තිබිය යුතුය.ගොනෝරියා වලින් ආරක්ෂාව ලබා දෙන එන්නතක් තවමත් පර්යේෂන මට්ටමින් අත්හදා බලමින් පවතී.

3. ක්ෂුද්‍ර ජීවින් භාවිතය මඟින් ඒඩ්ස් ආසාදන අවධානම අවම කිරිම….




පර්යේෂකයන්  මේ වන විට නොන්ඔක්ෂිනෝල් -09 නමින් හඳුන්වන යෝනි මාර්ගයේ වෙසෙන ක්ෂුද්‍රජීවීන් කාණ්ඩයක් අත්හදා බලමින් සිටිති.මෙමඟින් ඒඩ්ස් වැළඳීමේ අවදානම අවම කරන බව සොයාගෙන ඇත.එච්.අයි.වි වැළඳීමට ඉහල අවදානමක් පවතින කාන්තාවන් සඳහා මෙම ක්ෂුද්‍රජීවි විශේෂය භාවිතා කල හැකිය.

සමාජරෝග පරීක්ෂා කිරිම



1. විද්‍යාගාර පරීක්ෂාව


ගොනෝරියා සහ ක්ලැමිඩියා  යන ආසාදිත තත්වයන් පරීක්ෂා කිරිම සඳහා යොදා ගන්නේ න්‍යුක්ලික් ඇසිඩ් බහුඅවයවීකරණ පරීක්ෂාවයි.මේ සඳහා පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයේම මුත්‍රා සාම්පල ලබා ගනී.නැතහොත් ගැහැනුන්ගේ යූනික හෝ යෝනි ස්‍රාව සාම්පලයන් ලබා ගනි.පිරිමින්ගේ මෞත්‍ර මාර්ගයේ ස්‍රාවයන් ලබා ගනි.
මෙම පරීක්ෂාවන් වෙන වෙනම එක් එක් ආසාදනයන් සඳහා අවශ්‍ය වේ.සියළුම සමාජ රෝග සඳහා නිශ්චිත එක් පරීක්ෂනයක් නැත.

1. රෝග විනිශ්ච්‍යය මගින් සමාජරෝග ක්‍රමික රෝග ලක්ෂන සහ රෝග තත්ව නීර්ණය


2. ස්ක්‍රීනින් හෙවත් විද්‍යාගාර පරීක්ෂනයක් මඟින් රෝග ලක්ෂණ පහලවිමට පෙර රෝගය අණාවරනය කර ගැනිමට හැකිය.


3.ලිංගිකව එක් වීමට ප්‍රථම එක් එක් ලිංගික සහකරැවන් ආසාදන වලින් තොර බව පරික්ෂණ මඟින් තහවුරැකර ගැනිම


4. ගර්භනී විමට ප්‍රථම හෝ ගරභනීකාලය අතරතුර සමාජ රෝග සඳහා පරීක්ෂාවක් සිදුකිරිම මඟින් කළලයට සහ දරැවාට හානිවිම වැළැක්වීම


5. දරැ උපතෙන් පසුව සමාජ රෝග පරීක්ෂාවක් මඟින් දරැවාට ආසාදනය වී නොමැති බව තහවුරැ කර ගැනීම


6.ආසාදිත හෝ ආසාදිත යැයි සැක සහිත රැධිර හෝ ඉන්ද්‍රිය පාරවිලනයන්ගෙන් වැළකීම

ආසාදනය ප්‍රාරම්භක අවස්ථාවේදිම එය හදුනාගැනිම නිසා එම සමාජරෝගය තවත් බොහෝ දෙනෙකුට ව්‍යාප්තවීම හෙවත් බෝවිම වළකින අතරම ආසාදිතයාගේ තත්වය බරපතලවිම වළකී.නමුත් බොහෝ සමාජරෝග ක්ෂුද්‍රජිවින් විද්‍යාගාර පරීක්ෂන වලටද හදුනාගත නොහැකි ගුප්ත අවධියක් සිරැර තුල ගත කල හැකිය.

වඩාත් සෞඛ්‍ය සම්පන්න ජාතියක් උදෙසා සහ රටේ ශ්‍රමබලකාය රැක ගනිමින් නිෂ්පාදනය සඳහා ඔවුන් දායක කර ගැනීමේ පරමාර්ථයෙන් සමාජ රෝග වලින් ඔවුන් රැක ගැනිමේ ඒකායන පරමාර්ථය පදනම් කරගෙන මෙම ලිපි පෙළ සකස් කෙරිනි.මේ ලිපි පෙළින් ඔබ යම් කිසි දැනුමක්  ලබා ගත්තා නම් ඔබ ලැබූ දේ නිවැරදිවත් පැහැදිලිවත් අන් අයට සම්ප්‍රේශනය කරන මෙන් මා ඉල්ලා සිටිමි.මෙම ලිපිය සම්පාදනය  සඳහා මා හට උපකාරී වූ මගේ දෙමව්පියන්  මෙහිදී පින්දීමෙන් සිහිපත් කරමි.

අනුරාධ සේනාරත්න( BSc (Hon’s) , PG Dip in sociology , ADv trainig in Eng)
youths for good politics,  sera idea blogspot.com , http;//primenews.lk/sinhala

උපුටාගැනීම – Sera Idea (සැර අයිඩියා)

http://seraidea.blogspot.com/2016/07/2.html

 

LEAVE A REPLY