රුව රැක ගැනීම යනු රූපලාවන්‍ය සත්කාර ගැනිම පමණක්ද?

0
174

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. මේ සඳහා නොයෙකුත් නවීන ක්‍රම හදුන්වා දී ඇති අතර , මේ සඳහා ඇති උනන්දුව වැඩිවීමේ ප්‍රරතිඵලයක් වශයෙන් අද රූපලාවන්‍යාගාර ඉතා සීග්‍රයෙන් බිහිවෙමින් පවතියි. ඇත්තෙන්ම ලස්සන වෙන්න අවශ්‍යනම් ඔබ රූපලාවන්‍යාගාරයකට යායුතුමද?

ලස්සන පෙනුමක් යනු makeup කර ඔබේ බාහිර පෙනුම වෙනස් කර ගැනීම නම් නෙමේ. ඉතාමත් හොඳ සෞක්‍ය සම්පන්න පුරුදු මෙහි වැදගත් තැනක් ගනී. මේ පිළිබඳව ඔබ තුළ මනා දැනුමක් තිබිය යුතුයි. බොහෝ රූපලාවන්‍ය ආයතන මගින් කරන්නේ බාහිර සුන්දරත්වය රැකගැනීමට මග පෙන්වීම පමණයි. එහෙත් ලස්සන ,සුන්දරත්වය සහ නිරෝගී බව රැකගැනීමට ඔබ විසින් කල හැකි දේ බොහෝ ඇත. ඔබ නිරෝගී අයෙක් නම් ඔබේ රූ සපුව සුන්දර වීම පුදුමයක් නොවෙයි.

දිනපතා වියායාම කරන්න. උදැසන අවදි වූ විගස ඔබේ ශරීරය stretch කරන මෘදු වියායාම අවම වශයෙන් විනාඩි 20 ක් පමණ කිරීමට වග බලා ගන්න. මෙය යෝගා , ධාවනය හෝ ඇවිදීමෙන් ලබා ගන්න පුළුවන්. මෙමගින් ශරීරය සෞඛ්ය සම්පන්න කරනවා පමණක් නොවේ , එය ඔබේ මනසටත් හොඳයි.

පෝෂ්‍යදායී ගුණදායක ආහාර වේලක් ගන්න. වැඩි වශයෙන් මැල්ලුම් , කුඩා මාළු, පළතුරු වර්ග ආහාරයට එකතු කර ගන්න.

මුහුණ පිරිසිඳු කරන දියර වර්ග ලෙස ස්වාභාවික දේ යොදා ගන්න. හැකිතාක් ස්වභාවික දෑ යොදා ගෙන සමට සත්කාර කරන්න. කාලයක් ගත වුනත් ස්වභාවික ආලේපන තුලින් නිසි ප්‍රතිපල ලැබෙන අතර සමට අහිතකර ප්‍රතිපල ඇති නොවේ.විශේෂයෙන් නින්දට යෑමට පෙර ඔබේ මුහුණ පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්.

සතියට දෙවරක් scrub එක්ක භාවිතා කරන්න. Scrub එකකින් මැරුණු සම ඉවත් කර සම අලුත් කරනවා. එහෙත් නිතර සම ස්ක්‍රබ් කිරීමෙන් සමේ ස්වාභාවික තෙල් ඉවත් වී සම් වියළි යා හැකි බව මතක තබා ගන්න.

රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩි වශයෙන් ස්වභාවික දේ යොදා ගන්න. මුහුණට ආලේප කරන රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග ගැන සැලකිලිමත් වන්න. Cleanser/Scrub/Cream මිලදී ගැනීමට පෙර ඒවායේ අඩංගු දේවල් සහ වෙළද නාමය ගැන හොදින් දැනගන්න.

භාවනා කිරීම අපේ සෞක්‍යට ඉතාමත් හොඳයි. දවසට විනාඩි 15-20ක් පමණ වෙලාවක් මේ සඳහා වෙන් කර ගන්න. මානසික ආතතිය, අධික රුධිර පීඩනය , හෘද රෝග, තරබාරු බව මෙමගින් නැති කර ගන්න හැකි වේ. ඒ වාගෙම ඔබේ මනස පිරිසිදු වීමෙන් සමේ වරණය ඇති වේ.

ජලය පානය කිරීමෙන් ඔබේ සමේ තරුණ බව ඇති කරයි. මෙමගින් සම මත තෙතමනය ඇති කර සම මත ඇතිවන වියළි බව නැති කර සම තුල ඇතිවන රැලි වැටීම පාලනය කරයි.

 

LEAVE A REPLY