කුරුලෑ එන එක නවත්තන්න සිම්පල් වැඩ 6ක්

0
186

මුහුණේ කුරුලෑ එන එක සාමාන්‍ය දෙයක්. එයින් වෙන්නේ සිරුර තුල තියෙන විෂ සහ අපද්‍රව්‍ය බැහැර වීමයි. එත් සමහර වෙලාවට අපට කරදරයක් වෙන තරමට මුහුණේ කුරුලෑ එන්න ගත්තොත් අපි ගොඩක් කලබල වෙනවා.

ඇයි එහෙම කුරුලෑ එන්නේ කියලා ඔබ නිකමටවත් කල්පනා කරලා බැලුවද?

ඔව්. කුරුලෑ එන්න මුහුණේ හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. අපිරිසිදු සමක් පැවතීම, තෙල් සහිත සමක් පැවතීම, මානසික ආතතිය, සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම, උෂ්ණ සහ මේධය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරිත්වය මෙයට හේතු විය හැක.

ඉතින් මේවා හොඳ කරන්න බැරිද?

ඇයි බැරි? පුළුවන්. වෛද්‍යවරු විසින් මේවාට නියම කරන බෙහෙත් බොහෝ විට හෝමෝන ක්‍රියාකාරිත්වය හෝ දැඩිව ක්‍රියාකරන ප්‍රතිජීවක (antibiotics) හෝ රසායන ද්‍රව්‍ය මත පදනම් වී ඇත. ඒවා සාර්ථක විය හැකි නමුත්, ඊට කලින් නිවසේදීම කුරුලෑ මට්ටු කරන්න ගත හැකි ක්‍රම කිහිපයක් ගැන තොරතුරුයි මේ කියන්න යන්නේ.

1. දෛනික පුරුදු

Source - lovelivehealth.com

Source – lovelivehealth.com

ඉස්සෙල්ලාම ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ සම මනාව රැක බලාගැනීමට සහ ආරක්ෂා කිරීමටයි. මෙයට අමතරව ඔබේ සම නිරතුරුව පිරිසිදු කරන්නට හැකිනම් කුරුලෑ එන්නට කිසිදු ඉඩක් නැහැ. එහෙත් ඕනෑවට වඩා පිරිසිදු කරන්නටත් යන්න එපා. මුහුණ මත ඇති තෙල් තට්ටුව ඉවත් වීම නිසා සම වියලීමකට ලක්වෙන්නට පුළුවන් ඒ නිසා ඕනෙම දෙයක් ගානට කරන එක තමා නුවනැතිම දේ.

මේ නිසා ඔබ,

  1. මුහුණ දවසකට දෙවරකට වඩා සෝදන්නට එපා.

  2. ඔබ මුහුණ සොදත්දී සීතල හෝ උණු ජලය සමඟ මුහුණු පිරිසිදුකාරයක් [cleanser] භාවිතා කරන්නට පුලුවන්නම් බොහොම හොඳයි.

  3. මුහුණ සෝදන්නට ප්‍රථමයෙන් දෑත හොඳින් සෝදා හරින්න.

  4. නිතරම වියලි පිරිසිදු තුවායක් මුහුනේ තෙත මාත්තු කිරීම සඳහා තබා ගන්න.

  5. ගොඩක් තදින් මුහුණ අතුල්ලන්නට යාමෙන් වලකින්න.

ඔබ මුහුණ සොදත්දී ඉහත කියූ පිරිසිදු කාරකයක් භාවිතා කිරීම මගින් මුහුණේ සම මත තිබෙන දුහුවිලි, තෙල්, රුපලාවන්‍ය ආලේපන වැනි දේවල් ලෙහෙසියෙන්ම ඉවත් කරන්නට හැකියාව තියෙනවා. එයට අමතරව ඕබේ සම පිලිබඳ වෛද්‍යවරයාගෙන් රෙටිනොයිඩ් ආලේපන සහ බ්‍රෝන්සිල් පෙරොක්සයිඩ් සහිත නිෂ්පාදන භාවිතය ගැන විමසා සිටින්න. ඔබ රුපලාවන්‍ය ආලේපන භාවිතා කරනවා නම් සැලිසිලික් ඇසිඩ් භාවිතාව ගැනත් විමසා සිටීම වටිනවා.

මීට අමතරව නිතරම රුපලාවන්‍ය ආලේපන තෝරා ගැනීමේදී “noncomedogenic” හෝ “non-acnegenic”,ආලේපන භාවිතාව ගැන සැලකිලිමත් වන්න. මක්නිසාද මේ නිර්දේශය සහිත ආලේපන වලින් ඕබේ මුහුණේ රෝම කුප මුල් වැසීයාම වලකන අතර මුහුණේ කුරුලෑ නිසා ඇතිවන කැළැල් ඇතිවීම වළක්වනවා.

2. මී පැණි

Source - stylepresso.com

Source – stylepresso.com

මී පැණි කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක්. මුහුණේ ආලේප කර තියන්න පුලුවන්නම් විනාඩි 10-20 අතර කාලයක් කුරුලෑ මට්ටුවට එය සහයක් විය හැක. ඒ විතරක් නොවෙයි, පුලුවන්නම් කුරුදු කුඩු ටිකක් දාන්න ඔය මීපැණි ටිකට ම. ඉන් පසුව සෝදා හරින්න.

3. හුමාලය

Source - jipambe.com

Source – jipambe.com

උණු වතුර භාජනයකට දමා ඊට උඩින් හිස යොමා ඔබේ මුහුණ හුමාලයට සෙමෙන් නිරාවරණය කරන්න. (මෙය කරනා විට ඉතා ප්‍රවේසම් වන්න මතක තියා ගන්න. හුමාලය නටන වතුරටත් වඩා උෂ්ණයි.) මුහුණේ ඇති දහදිය එන රෝම කුප විවර වෙලා මුහුණේ අපද්‍රව්‍ය ඉන් ඉවත් වී යාවි. ටික වෙලාවක් මෙහෙම කරලා, ඇල්වතුරෙන් මුහුණ සෝදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්නත් අමතක කරන්න එපා.

4. දෙහි

Source -weixinyidu.com

Source -weixinyidu.com

කපු රෙදි කෑල්ලක් අරං දෙහි ඉස්ම වල පොගවල පිරිසිදු කරගත් කුරුලෑ තුවාලය මත තියලා තෙත මාත්තු කරන්න. මුහුණ වියලී ගියායින් පස්සේ නින්දට යන්න. දෙහිවල තියෙන ශාක සාර සහ අම්ලතාවය නිසා කුරුලාව වියලීමට සමත්වෙනවා. ඒ විතරක් නෙවෙයි. කුරුදු කුඩු ස්වල්පයක්, ඒ කියන්නේ මේස හැන්දකින් හතරෙන් එකක් වගේ අරගෙන, දෙහි ඉස්ම එක්ක එකතු කරලා නින්දට පෙර මුහුණේ ආලේප කරලා උදේට මුහුණ සෝදන්න. කුරුලෑ වියලී යාමට මෙය රුකුලක් වේවි.

5. අයිස්

Source - stylishwalks.com

Source – stylishwalks.com

සමහර වෙලාවට මුහුණේ කුරුලෑ දැවිල්ල ගන්නවා. ඒ අපේ මුහුණේ තියෙන දහදිය සහ දුහුවිලි වලින් කුරුලෑ ආසාදනය වෙන්න පටන් ගත්තම. එත් ඔබට පුලුවන්නම් ඒ වගේ වෙලාවකට මුහුණට [ඒ කුරුලෑ වලට] අයිස් වගේ දෙයක් තියන්න, ඒ කුරුලවල තියෙන වේදනාවයි ඉදිමුමයි දෙකම සමනය වේවි.

6. කඩල පිටි

Source - herstyletips.com

Source – herstyletips.com

මීපැණි හැඳි දෙකයි, කහකුඩු ස්වල්පයයි, කඩල පිටි මේස හැඳි තුනක් ගෙන එය හොඳින් එකට මිශ්‍ර කර මුහුණේ ගාන්න. පැක් එක මුහුණට වියලී ගියාට පසුව සෝදා හරින්න.

HEALTH

උපුටාගැනීම – http://www.aniwa.lk/2016/03/30/6-simple-tricks-to-control-pimples/

LEAVE A REPLY