sex හිලෙන් බලා ආතල් ගැනීමේ ගෝත්‍රික කලාව

0
799

සනාගේ වීඩියෝ එකක් ලීක් වෙලා…… ඊයේ බුකියම උනුහුම් වෙලා නිකම් තමන්ගේ දෙයක් වගේ. දවස පුරාම බුකියේ නොඋන්න නිසාවෙන් මම රෑ වෙනකම්ම ඒ ගැන දැනන් උන්නේ නෑ. සනත් කියන්නේ බොහොම ජනප්‍රිය තරුවක්. ඉතින් ඔහුට තාමත් ගෑණු ළමයි පවා ආදරෙයි.

එක වරෙක මට හම්බවෙනවා ජනප්‍රිය ගායකයෙක්ව ඒ ගල්කිස්සේදී. ඔහුත් එක්ක රූම් එකකට ගියේ දොලහේ පන්තියේ ගෑණු ළමයෙක්. ඒ ආදරේ කරන්න නෙමෙයි. හැබැයි ඒක ඒ දෙන්නගේ මනාපය. ඉතින් මං යතුරු හිලෙන් එබෙන්න ගියේ නෑ. ඒ නිසා සනාගේ වීඩියෝ එක මට බ්ලැක් මැජික් එකක් නෙමෙයි.

කාමසූත්‍ර බලපු මම, එක් හැම්ස්ටර් එකේ සියළුම කාණ්ඩ ගැන විශ්ලේෂණයක් කරපු මට සංසර්ගය, අපගාමී චර්‍යා හා සෙක්ස් පොෂිෂන් ගැන මහා දැනුමක් හා අවබෝධයක් ලැබුනා. ඔය කොයි වීඩියෝ එකක් ලීක් උනත් මට මැජික් නොවෙන්නේ ඒ ගැන තියෙන දැනුම හා අත්දැකීම් මත. ගෝලීය අරමුදල් එච් අයි වී ඒඩ්ස් නිවාරණ ව්‍යාපෘතියේ ඉන්න කාලේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් හා සමලිංගික කොටස් එක්ක කල කතා බහ ඇතුලේ දහස් ගණන් දස දහස් ගණන් අත්දැකීම් තියෙන මට මේ සනාගේ කතාව නම් හරිම සරල දෙයක්. ඔවුන් බොහෝ දෙනෙක් බොහෝම විවෘතව කතා කලා අපචාරයට ලක්වීම් ගෲප් සෙක්ස් සහ BDSM ගැන. (නොදන්න අය ගූගල් සර්ච් කරල බලන්න).

ඒ වගේම වරෙක විවාහක අයෙක් ඒ ගණිකාව ළඟට ඇවිත් තිබුනේ බගමනිය හොයාගන්න. ඝණ අන්ධකාරේ ලයිට් ඕෆ් කරගත්ත දහයේ දහයේ කාමරයක් ඇතුලේ සාම්ප්‍රදායිකව හා සදාචාරාත්මකව ඔහුට ඒක හොයාගන්න බැරි වෙලා. ඉතින් මම මේ කියන්න යන්නේ නොබලපු අය ඉන්නවනම් කාමසූත්‍ර බලන්න එක්ස් හැම්ස්ටර් වගේ වෙබ් සයිට් එකකට ගිහින් බලන්න සංසර්ගය කොටස් කීයකටද බෙදනවද කියලා? මිනිසුන්ගේ රුචිකත්වය කොහොමද කියලා බලන්න. ඔබ ප්‍රිය කරන්නේ කුමක්ද කියලා බලන්න. ඒ එක්කම ඒ සයිට් එකේ තියෙනවා අපේ රටේ ලීක් වෙච්ච වීඩියෝස්. ඒවත් බලන්න. ඊට පස්සේ පිටරැටියන් කලාවක් කරගත් සංසර්ගය බලන්න. උඹලාට සනා ගැනත් දුකක් දැනෙයි. උඹලා ගැන කලකිරෙයි. සදාචාරය සංස්කෘතිය ගැන නම් කරුණාකර කියවන්න එපා. බහුතරයකගේ ලීක් නොවුනු කොටු පැනීම් තියෙන නිසා ඉස් ඉස්සෙල්ලාම තමා ගැන කල්පනා කරල ඉන්න.

අනුන්ගේ එකක් නිමිත්තක් කර නොගෙන තම සිහිනයක හිඳ මෛථූනයේ යෙදෙන්න. එය බොහෝ අගේ ඇති ක්‍රියාවක්. වරෙක ගණිකාවක් ළඟට ගිය මිනිසෙක් මෙහෙම කිව්වලු. “බොහෝ මිනිසුන් තම බිරිඳ එක්ක සංසර්ගයේ යෙදෙන්නේ පිට කෙනෙක්ව මතක් කරන්. ඒත් මම මේ ගණිකාව එක්ක නිදි වදින්නේ බිරිඳව මතක් කරන්” මේ වගේ ලී වෙන හොට් වීඩියෝ වලට කැමති බහුතරය තමන්ගේ ලිංගයේ දිග පළල නොදන්නා උන්. ගෝත්‍රික රටක් තුල රෑට විතරක් සෙක්ස් කරන ඒකත් ලයිට් ඕෆ් කරගෙන විඳවන බොහෝ දෙනා තමන් නොදකින අනෙකාගේ රහසඟ මේ වගේ ලීක් වෙන ඒවයින් හොයන්න හදනවා. ඉතින් සබඳ ඒ ඔවුන්ගේ ජීවිතයයි. අපි ඒක ඔවුන්ට දී අපි අපේ එක එන්ජෝයි කරමුද? අනුන්ගේ එක බලන්න කලින් අපේ එක හා සමීපතමයාගේ එක බලා ඉමුද? එවිට ඔය ලිංගික කුතුහලය හා ඇම්ම අඩුවේවි. සෙක්ස් කියන්නේ කලාවක්…….

අකුරු කලේ -අමිල අදිකාරම්

LEAVE A REPLY