‘ඡන්දය පුරවැසියන්ගේ වගකීමක්‘ – මහින්ද දේශප්‍රිය

0
131

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බවත් ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමට අද(2) මීගමුව නගර සභා පුරහලේදි පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
‘‘රටේ නිතිය හදන්නේ , මහජන නියෝජිතයින්  පත්කරන්නේ ජනතාව.  ලංකාවේ  ජන ගහනයෙන් 52%ක්  ඉන්නේ කාන්තාවන්.   එයින්  120ක් පාර්ලිමේන්තුවේ  සිටිය යුතුයි. ඉන්නේ 13 යි. එය වැඩි විය යුතුයි.  අද ජන මාධ්‍ය  ආයතන විශේෂයෙන්ම රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති විකාශනය  කිරීමේදි සමබර විය යුතුයි.  ජනතාවට විශ්වාසය  ඇතිවීමට  ඔවුන් වගකීමෙන් කටයුතු කළ යුතුයි. මා එලෙස කියනුයේ  සමහර ප්‍රවෘත්ති යන්නේ කෑලි. හරි දේ ජනතාවට යන්නේ නැහැ‘‘ යැයි ද දේශප්‍රිය මහතා කීවේය.

LEAVE A REPLY