ධනාත්මක මනසක් ඇතිකර ගැනීමට ඇති හොදම ක්‍රමය කුමක්ද?

0
377

ධනාත්මක මනසක් ඇතිකර ගැනීමට කලින් අප තුල ඍණාත්මක මනසක් ඇතිවන්නේ ඇයි යන්න සොයා බැලීම ඉතා වැදගත්ය. අපගේ මනස පරිගනකයක් වැනිය. එය සෑම විටම සිදු කරන්නේ තමන්ට ලැබෙන දත්ත විශ්ලේෂනය කරමින් තීරණ ගැනීමටත් , ක්‍රියාත්මක වීමටත් අවශ්ය හැකියාව ලබා දීමය. ඔබේ සිත සෑම මොහොතක් තුලම අවට පරිසරයෙන් දත්ත රැස් කර ගනී. ඔබ දකින දේ තුලින් , ඔබ අසන දේ තුලින්, ඔබ කියවන දේ තුලින්, ඔබ ඇසුරු කරන පුද්ගලයන් තුලින්, ඔබ ලබන හා ලැබු අත්දැකීම් තුලින් එය නිරන්තර දත්ත රැස් කරගෙන තීරණ ගැනීමට උදව් ලබා දේ.

නමුත් ඔබ දවසේ අසන දකින, කීයවන, ඇසුරු කරන දේ හා පුද්ගලයන්ගෙන් කොපමන ප්‍රමානයක් ඔබට අවශ්‍ය ඉලක්ක කරා ලගා වීමට උදව් වන ධනාත්මක දේවල්ද? උදාහරනයක් ලෙස හොඩ පවුල් ජීවිතයක් ගත කිරීමට සිතන පුද්ගලයකු පිලිබද සිතන්න, ඔහුට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ අද වන විට විරහ ගීතය, එමෙන්ම අසාර්ථක පවුල් සබදතා පාදක කරගෙන නිර්මානය වූ රූප රචනයන්ය. ගැටළු සහිත පවුල් ජීවිත ගැන කියන රූපවාහිනී වැඩසටහන්ය. බොහෝ විට ඇසුරු කරන්නට ලැබෙන්නේ විවිද වූ වැරදි ක්‍රියා වල යෙදෙන පුද්ගලයන්ය. කියවන්නට ලැබෙන පුවත් වල වැඩි වශයෙන් අහන්නට ලැබෙන්නේ අසාර්ථක පවුල් ජීවිත නිසා දිවිනසා ගැනීම් හෝ වෙනත් යම් යම් ගැටලු පිලිබද පුවත්ය. මෙවන් පරිසරයක් තුල ඔබ අවට තිබෙන දේ හරහා ඔබට ලැබෙන දත්ත පාලනයකින් තොරව ඔබේ මනසට ලබා දුන්නොත් ඔබ තුලද ඔබේ සහකරු හෝ සහකාරිය පිලිබදව ඉබේම සැකයක් ඇතිවීම , ගැටලු ඇතිවීම, වැරදි තීරණ ගැනීමට පෙලබීම අරුමයක් වන්නේ නැත. මක් නිසාද යත් ඔබේ මනස සෑම විටම ඔබ තුල තිබෙන දත්ත අනුව තීරන ගැනීම පෙලබෙන බැවිනි.

ධනාත්මක මනසක් ඇතිකර ගැනීමට ප්‍රධාන පියවර 2ක් ඇත

1. ඍණාත්මක දේ තුලින් ඉවත් වීම

2. ධනාත්මක දේ තම සිත තුලට ඇතුල් කිරීම

ඕනෑම කෙනෙකුගේ සිත ධනාත්මක තත්වයකට ගෙන යාමට අවශ්‍යනම් කල යුතු එකම කාර්යය වන්නේ මෙම පියවරයන් අනුගමනය කිරීම පමනි.

නමුත් ඇතැම් විට කාලයක් තිස්සේ ඍණාත්මකව හුරු වූ සිතකට ධනාත්මක දේ ඇතුල් කිරීමට උත්සාහ කලත් එය ඇතැම් විට අපහසුය. කාලයක් තිස්සේ තමන්ට සාර්ථක වීමට නොහැකියයි සිතූ අයෙකුට නෑ ඔබට සාර්ථක වෙන්නට පුලුවන් කියූ පමනින් ඔහුගේ සිත වෙනස් වන්නේ නෑත. මුල් කාලීනව එය ඇතැම්විට සිත විසින්ම ප්‍රතික්ෂේප කරයි. “කියන තරම් ලේසි නෑ” “සාර්ථක වෙන්න මුදල් ඕනෑ” “වාසනාව තියෙන්න ඕනෑ” “මේ ප්‍රශ්න එක්ක කොහොම සාර්ථක වෙන්නද” “අපිට උදව් කරන්න කවුරුත් නෑ” වැනි විවිද දේවල් ඔබේ සිත විසින්ම කියමින් ඔබ වෙතට එන ධනාත්මක දේ ඉවත් කිරීමට ඍණාත්මක බවට හුරු වූ මනස උත්සාහ කරයි. මේ හෙතුව නිසා ධනාතමක චින්තනය මුල් කාලීනව බොහෝ දෙනෙක් කැමැත්තෙන් බාර ගත්තත් කාලයත් සමග අත් හරී.

මේ හේතුව නිසාවෙන් ඍණාත්මක දෙයින් ඈත් වීම පුරුද්දක් කරගත යුතු අතර සූක්ෂමව ඔබේ සිතට ධනාත්මක දේ ඇතුල් කිරීමට ක්‍රම උපායන් සූදානම් කර ගත යුතුය.

විරහ ගීත වෙනුවට , ඔබගේ මනස විනාශ කරන වැඩසටහන් වෙනුවට ඔබව දෛර්යමත් කරන ගීත, චිත්‍රපට, වැඩසටහන් නැරබීමට හුරුවීම, ධනාත්මක සාර්ථක පුද්ගලයන් ඇසුරු කිරීමට හුරු වීම, සාර්ථකත්වය ධනාත්මක බව පිලිබද පොත්පත් කියවීමට හුරු වීම ඔබට දිගු කාලීනව ධනාත්මක බව වර්ධනය කෙරෙහි උපකාරී කරගත හැකිය.

මීට අමතරව කෙටිකාලීනව ඔබේ ධනාත්මක බව ඇතිකර ගැනීමට දවසේ පලමු මොහොත ධනාත්මක කර ගැනීම වැනි ක්‍රම ඔබට භාවිතා කල හැකිය.

ඔබ උදෑසන අවදිවූ මොහොතතේ සිට පැයක පමණ කාලය යනු, ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පවා හැකි ආකාරයේ ප්‍රබල කාල වේලාවකි. සාමාන්‍යයෙන් පැය 4ත් 6ත් අතර නින්දකින් පසු ඔබගේ ශරීරයට සාපේක්ෂව ඔබගේ සිතද යම් ආකාරයක තැම්පත් වීමක් සිදුවේ. උදාහරණයක් ගතහොත් එය මඩ වතුර පිරි භාජනයක් පැය කීපයක් එක් ආකාරයකින් තැබූ පසු එහි වූ මඩ අඩිය තුල තැම්පත්ව පිරිසිදු ජලය පමනක් ඉහලට පැමිනෙනවා වැනිය.

මේ මොහොතේදී ඔබ තුල වූ බොහෝ අහිතකර සිතුවිලි තාවකාලිකව අක්‍රීයව පවතී. මෙවැනි වේලවක ඔබ ඔබගේ සිතට යමක් ඇතුල් කලහොත් එය නිවරදිව ග්‍රහනය කර ගැනීමේ මෙන්ම, යටි සිත තුල තදින් තැම්පත් වීමක් සිතුවේ. එය හුදෙක් මා කලින් සදහන් කල මිදුනු මඩ සහිත වතුර වීදුරුවට තින්ත බිදුවක් එක් කලා වැනිය, මඩ මිදුනු අවස්ථාවක තින්ත ජලය සමග මිශ්‍ර වී, ජලය වර්ණ ගැන්වෙන ආකාරය ඔබට හොදින් දිස් වේ. බොහෝ විට දරුවන්ට උදෑසන පාඩම් කලහොත් හොදින් මතක තබා ගත හැකි බවට ලබා දෙන උපදේශයේ මනෝවිද්‍යාත්මක හරය වන්නේද මෙයයි.

එමෙන්ම ඔබ බොහෝ දෙනෙකු නිතර අත්විදින සිදුවීමක් නම් ඔබ උදෑසන යම් ගීතයකට සවන් දුන්නහොත් ඔබ කැමති ගීයක්වුවත් අකමැති ගීයක් වුවත් එය ඔබගේ දවස අවසාන වන තෙක් ඔබගේ මතකයේ හොදින් රැදේ, එය සිදුවන්නේද එය ඔබගේ මනස නිසලව තිබෙන වේලාවක ඔබගේ මනසට ඇතුල් වීම නිසාය.

එමෙන්ම මඩ වුනු වතුර වීදුරුවකට තින්ත බිදුවක් එක් කලහොත් ඔබට එය ජලය සමහ මිශ්‍ර වනවා දැකිය නොහැක. ඔබට දැකිය හැක්කේ මඩ පැහැති ජලය පමණයි. ඒ ආකාරයෙන්ම ඔබගේ මනස බිය , ශෝකය, පරාජය, අවිනිශ්චිත බව වැනි අහිතකර සිතුවිලි සක්‍රීයව පවතින විට කොතරම් ධනාත්මක දේ එක් කලත් එය ඔබගේ ජීවිතයට එක් කර ගැනීම ඉතා අපහසුය. බොහෝ විට ටිබෙටය වැනි රටවල බෞද්ධ භික්ෂූන් ධර්මය සාකච්චා කිරීමට උදෑසන අවදි වූ මොහොත භාවිතා කරයි. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේද අහිතකර සිතුවිලි වල ග්‍රහනයෙන් මිදී තමා ඉගෙන ගැනීමට බලාපොරොත්තු වනදේ පහසුවෙන් තම සිත තුල තැම්පත් කර ගැනීමය.

ඔබට උදෑසන ඇහෙන ගීත කොටසක් ඔබට දවස පුරා මතක සිටීමට, නැවත නැවත එය ඔබගේ මුවගට ගෙන ඒමට තරම් ඔබගේ මනස නිසලව පවතින උදෑසන පළමු පැය කීපයට හැකියාවක් ඇත්නම්, ඔබ සිතන්න ඒ මොහොතේ ඔබට ගීතයක් වෙනුවට ඉතා ධනාත්මක වූ, ඔබගේ ජීවිතය වෙනසක් , ඔබව සාර්ථකත්වය වෙත ගෙන යා හැකි ආකාරයේ අදහසක්, ඔවදනක් ඔබගේ මනසට ඇතුලත් කලොත් ඔබගේ ජීවිතයේ කුමන ආකාරයේ වෙනසක් පැය කීපයක් තුල අත් විදිය හැකි වනු ඇත්ද?

එවැනි දෙයක් සිදු වුවහොත් එය ඔබගේ යටි සිත තුල ඉතා තදින් තැම්පත් වීමට පටන් ගනී, එමෙන්ම උදෑසන ඇසෙන ගීත හෝ සංගීත කොටසක් එදින පුරාවට විටින් විට මතකයට එන ආකාරයෙන්ම එය විටින් විට මතකයට ඒමට පටන් ගනී. එමගින් ඔබ නොදැනුවත්වම ඔබගේ සිතුවිලි තරංග වෙනස් වන අතර ඒ හරහා ඔබගේ ක්‍රියාකාරකම් වල වෙනසක්, උද්යෝගිමත් සාර්ථක බවක් ඇති කරයි.

ලොව ප්‍රමුඛ මට්ටමේ මනෝවිද්‍යා උපදේශකයන් පවා තම පාරිබෝගිකයන්ගේ දෛණික සාර්ථකත්වය ඉහල දැමීමට හා දීර්ග කාලීනව මනස ධනාත්මක කිරීමට දවසේ පළමු පැය තුල සාර්ථකත්වය පිලිබදව සිතුවිලි ඇතුලත් කිරීමේ ක්‍රමය සාර්ථකව භාවිතා කරයි.

ලොව සාර්ථක මිනිසුන් දවසේ පළමු පැය ධනාත්මක කර ගැනීමේ ක්‍රමය භාවිතා කලාද?

ඇපල් සමාගමේ නිර්මාතෘ Steve Jobs සෑම දිනකම උදෑසන මුලින්ම සිදුකලේ අද තමාගේ අවසන් දවසනම් තමන් කල යුත්තේ කුමක්ද යන්න සිතමින් තමන්ට අද දවස තුල යා හැකි උපරිම සාර්ථකත්වය පිලිබදව සිටීමයි.

Facebook සමාගමේ නිර්මාතෘ Mark Zuckerberg උදෑසනම සිදුකලේ තමන්ට සාර්ථක විය හැකි ආකාරය , තමන් සාර්ථක වූ ආකාරය පිලිබද තමන් තවත් අයෙකු සමග කෙටි සංවාදයක යෙදීමයි.

ලොව අංක එකේ උපදේෂකයකු වන Tony Robbins උදෑසනම සිදුකලේ තමන්ට ජීවිතයේ සතුටු විය හැකි සෑම දෙයක් ගැනම සිතමින් ඒ සියල්ලටම ස්තූති කරමින් ප්‍රබෝධමත් මනසක් ඇතිකරගැනීමයි.

මේ ආකාරයෙන්ම ඔබටද ඔබේ දවසේ පලමු මොහොත එහෙමත් නැත්නම් විනාඩි කීපය හෝ පැය ධනාත්මක කර ගැනීමට ධනාත්මක වදන් ඇතුලත් පොතක් පතක් කියවීම, සාර්ථක වූ පුද්ගලයකු සමග කුඩා සංවාදයක යෙදීම, සාර්තකත්වය පිලිබදව ලියවුනු පොතක් කියවීම, සරල භාවනාවක් හරහා ධනාත්මක සිතුවිලි ඇතුල් කිරීම වැනි දේ සිදු කල හැකිය.

එහෙමත් නැත්නම් අප විසින් ඒ වෙනුවෙන්ම සකසා ඇති Wake Up Alert සේවාව වැනි සේවාවක් භාවිතා කල හැකිය. මේ හරහා ඔබට දිනපතා උදෑසන 5ට ධනාත්මක සිතුවිලි අවදි කරන ආකාරයේ විශේෂයෙන් සැකසුනු කෙටි පනිවිදයක් එවනු ලබන අතර ඒ හරහා ඔබගේ යටි සිත තුල වූ ධනාත්මක සිතුවිලි අවදි කිරීමකුත් නව සිතුවිලි තැම්පත් කිරීමකුත් සිදුවේ. උදෑසන ඇසුනු ගීතයක් දවස පුරාම මතක සිටින්නා මෙන්ම පළමු දිනයේ සිට ඔබට උදෑසන ඔබගේ සිත තුල ඇති වූ ධනාත්මක සිතුවිලි හරහා දවසේ ධනාත්මක වෙනසක් අත් විදීමට ඔබට හැකි වනු ඇත. එමෙන්ම මෙය ඔබගේ මනස දීර්ග කාලීනව පූර්ණ කාලීන ධනාත්මක තත්වයක් දක්වා දියුනු කරයි.

ධනාත්මක මනස යනු ඔබේ ආනාගතයේ සාර්ථකත්වය තීරණය කරන ප්‍රබලම සාදකයයි. සෑම විටම ධනාතමක සිතුවිලි වලින් යුත් මනසක් ඇති කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. එය නිසක වශයෙන්ම ඔබව සාර්ථකත්වය කරා ගෙනයයි

උපුටාගැනීම

https://www.facebook.com/notes/winners-lounge

LEAVE A REPLY