90 දශකයේ ගීත කෝකිලයා නික්ම යයි

0
126

90 දශකයේ පෙම් හදවත් මුසපත් කළ ගී නාදය, ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද නිහඬ විණි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 47කි.

90 දශකයේ ලාංකීය තුරුණු හදවත් ප්‍රේමණීය ගී ස්වරයෙන් මුසපත් කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත 1970 වසරේ ජුනි 13 වන දා ගාල්ල ඇල්පිටියේදී උපත ලැබී ය.

ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් අකුරු කළ ප්‍රින්ස්, පාසල් සමයේ පටන් ගායකයකු වීමේ සිහිනය සැබෑ කර ගන්නේ ජාතික තරුණ සේවා සභාව හරහා ය.

ඔහු තම පළමු ගීතයෙන් ම ලාංකීය රසික හදවත් තුළ ළැගුම් ගත්තේ ය.

තමාට ම අනන්‍ය වූ ගායන රිද්මයකින් දශක 2ක් පුරා ඔහු තුරුණු හදවත් ආමන්ත්‍ර‍ණය කළේ, ගීතයේ විවිධ හැඩතල මවමිනි.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයත් සමග ප්‍රින්ස් පැතූ ලොව ඔහු ඉදිරියේ ම බිඳ වැටුණේ, කලාකරුවෙක් ලෙස ඔහු හරිහම්බ කර ගත් මුදල් ප්‍ර‍තිකාර සඳහාවත් ප්‍ර‍මාණවත් නොවීම හේතුවෙනි.

අවසානයේ සිය රෝගී තත්ත්වයට ප්‍ර‍තිකාර ගැනීමට වෙනතක් නොවූ තැන නිර්මාණ කිහිපයක් වෙන්දේසියට තැබීමට ඔහුට සිදුවිණි.

LEAVE A REPLY