-පියාපත් නැති හින්දා,පොළොවෙන් අහසට කඳුළු ඉස්සා-බේබදු කුමාර

0
310

පීරා කටුනායක අහස ඇහි බැමින්
හෙව්වා ඉන්නවද හැංගිලා වලාකුළු මැද හොරෙන්
ඉර කීවට ඇහුවේ නෑ..තරු කීවමයි දැනුනේ,
“අහුලගනින්,උඹත් එක්කම පපුවත් වීසා නැතිව රට ගිහින්”

හීන වැටුන හැටි මතකයි ඇහි බෝල හූර හූරා
මගේ වෙලාවට සඳ එළියටත් නින්ද ගිහින්,කළුවරේ හිත පාරා
හීතලට ගුලි උනත් උණුහුමක් තෝරා
කම්මුල් දියවුනා පල්වෙචිචි රුධිරයෙන් හුස්ම බේර බේරා..

“ආපු දවසක බලපන්,ගැලරියේ ඇති කොන්ක්‍රීට් වලක් හාරා”

හුස්ම වැටුනේම නැද්ද ඔය පපු කැහුත්තේ
නැහුන හැටි මතකම නැද්ද,මම උඹෙ හිනා මත්තේ
මේ කඳුළු විතරමද මට උරුම ඇත්තේ..

“කියපං රත්තරං ඇයි,මගින් බැස්සේ නැත්තේ..?”

උපුටාගැනීම

https://www.facebook.com/bebadukumara.return?ref=br_rs

LEAVE A REPLY