ෆේස්බුක් මඟින් තවත් සමාජ සත්කාරයක්

0
49

මේ රටේ ඉන්න තවත් එක දුප්පත් පවුලක් ඔවුන් සිටි තැනින් ගොඩ ගන්න අපිට හැකි උනා , එ් ෆේස්බුක් භාවිතා කරන පරිත්‍යාගශිලින්ගෙ නොමසුරු දායකත්වයෙන්

දැනට අවුරුද්දකට ඉහතදි එඩේරමුල්ල වගුරුබිමේ කණු මත පුංචි නිවසක් තනාගෙන ජීවත් වු අවුරුදු 3 ට අඩු ගැහැණු නිවුන් දරුවන් දෙදෙනයි අවුරුද්දක පිරිමි දරුවයි ඔවුන්ගේ දෙමාපියන් සමග අසරණ ලෙස ජීවත් උනා.

මාගේ ඇසල්වැසි Bernadeen De Zilva මිතුරිය රැකියාව සදහා දුම්රියෙන් ගමන් කරනවිට වගුරුබිමේ ඇති මේ පුංචි පැල්පත දැක මේ පුංචි පවුලට අපිට බැරිද උදව්වක් කරන්න කියා විමසුවා..

එතනින් ආරම්භ වූ මෙම වැඩසටහන සදහා එකතුවී ඔවුන්ට හෙවනක් ලබාදීමට Deshal ” Wijeyasiri ” Anuradha යන තිදෙනාද එක්වුනා

මුලින්ම අප කටයුතු කලේ රේල්පාර අයිනෙ වගුරුබිමේ අනාරක්ශිතව ජීවත් වූ මෙම පවුල ආරක්ශිත ස්ථානයක නිවසක් ඉදිකර දෙන තුරු පදිංචි කිරීමයි , මසකට රැපියල් 8000 ගානෙ අවුරුද්දක් ගෙවල් කුලි ගෙවා අප ඔවුන්ව කුලීනිවසක පදිංචි කිරීමට කටයුතු කලා..

පසුව දරුවන්ගෙ පියා කොස්ගසකින් වැටි අත කැඩි එකතැන් වු පසු ඔහුට සුවවනතුරු බෙහෙත් හේත් කිරිමටත් , රැකියාවක් කරගැනීමට නොහැකිවීම නිසා අසරණ උන තම දරැවන්ගේ සහ ගෙදර කෑම බීම ද අසල ඇති කඩයකින් මාස ‍දෙකක් පුරාවට අප ලබාදීමට කටයුතු කලා, එ සදහා වැය වන මුදල් අප විසින් දැරුවා ..

ඉන්පසු අපහට තිබේ ඉලග අභියෝගයයි , එ ඉඩමක් සොයාගැනීමේ අභියෝගයයි , අප කිහිපදෙනෙක් එක්වී ඉඩම් කට්ටි කරන අයතන වෙත ගොස් මේ සදහා අපහට නොමිලේ ඉඩමක් හෝ අඩුවට ඉඩමක් ලබාදෙන ලෙස ඉල්ලිම් කලත් අපහට ඉඩමක් නොලැබුනා ,

අවසානයේ හිතවත් Chandana මහත්මා ඔහුගේ කඩවත ඉදිහගමුල හංදියේ පිහිටි ඉඩමෙන් ‍නොමිලේ පර්චස් 10 ක් ලබාදීමට කටයුතු කලා , එම ඉඩමේ ඔප්පුව පසුව ‍වගුරුබිමේ ජීවත් වු එම දරැවන් තිදෙනාගෙ නමට ලියාදුන්නා”..

ඉලගට පහහට තිබු අභියෝගය උනේ නිවස ඉදිකරන්න අවශ්‍ය ද්‍රව්‍ය සහ මුදල් , අතේ රැපියලක්වත් නොතිබුන මොහ‍ොතක අපවිසින් නිවසට මුල්ගල තබා නිවස ඉදිකිරිමට ආරම්භ කලේ අප විසින් නිවසේ වැඩ ආරම්භ කල බව දැනගත් පසු ෆේස්බුක් මිතුරන් අපහට උදව් කරයි කියා ..

කෙමෙන් කෙමෙන් පරිත්‍යාගශිලින් අපහට උදව් කිරීමට ඉදිරිපත් උනා ,

ගෙදරට අවශය බ්ලොග් ගල් , සිමින්ති , වැලි , කලුගල්, වහලෙ ෂිට් , තීන්ත , බාත්රෑම් එක සදහා අවශය උපකරණ සහ මුදල් පරිත්‍යාග කිරිමටද , පරිත්‍යාගශිලින් ඉදිරිපත් උනා..

එමෙන්ම නිවස පින්තාර කිරීමට සහ වයරින් කිරිමට ශ්‍රමයෙන් දායකත්වය ලබාදීමටද ඉදිරිපත් උනා

නමුත් අපහට තිබු ප්‍රධාන ගැටලුවක් උනේ වැඩ කුලිය සදහා වැය වන මුදල් සහ අනිකුත් ද්‍රව්‍ය මිලදීගැනිම සදහා අවශ්‍ය මුදල් සොයාගැනීමයි , එ සදහා ෆේස්බුක් එකෙන් පිටතදී හදුනාගත් කුසිල් ගුනසේකර මහත්මා රැපියල් ලක්ෂ 10 ක මුදල්ක් අපහට පරිත්‍යාග කලා ,

දරැවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සදහා අමිල ටැලන්ට් 2017 වැඩසටහන යටතේ Ananda මහත්මා රැපියල් 50000 ක මුදල් පරිත්‍යාගයක් දරැවන් හට සිදුකලා ,

දරැවන්ගෙ පියා හට මසකට 35000 ක වැටුප් සමග ස්තීර රැකියාවක් ලබාදීම සදහා දේශාංජලී ආයතනය ඉදිරිපත් උනා .

නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩද අපහට ‍නොමිලේ ලබාදීමට ‍පරිත්‍යාගශිලින් ඉදිරිපත් උනා..

නිවසේ ඔප්පුව ප්‍රධානය කිරීම සහ නිවසේ යතුර ප්‍රධානය කිරීමද

එමෙන්ද අද දිනය සංකේතවත් කරමින් පැල රොපණය කිරීමේ වැඩසටහනක්ද සිදුවුනා..

මේ සත්කාරක වැඩසහටන පුරාවටම අප වැටුන අවස්ථා බොහොමයි , රැකියාවක් කරග ගමන් අප පිරිස අවුරුද්දක් පුරාවට තමන්ගෙ රැකියාවෙන් පසු ලැබෙන විවේකයද මේ සදහා කැපකර දිවා රාත්‍රි නොලබා මේ පුංචි පැටුවුන් හට නිවස ලබාදීමට වෙහෙසී කටයුතු කලා ..

ඉතින් අද එ් පවුල මේ රටේ සිටි තැන සිට තවත් එක අඩියක් ඉදිරියට තබා තිබෙනවා ,

දැන් ජීවිතය ජයගැනීම ඔවුන් සතුයි, ඔවුන්ට දැන් සෑම දෙයක්ම හිමියි , දැන් තිබෙන්නෙ ඔවුන්ගේ අවස්ථාවයි ,

මේ සත්කාරක වැඩසටහන පුරාවටම අපහට උදව් කල බොහොම ලොකු පිරිසක් හිටියා..

නිවසේ වැඩ අවසන් කිරිම සදහා දිවා රැ නොබලා යුධ හමුදා සහයද අපහට ලබාදුන් එ උදාර රණවිරැවන්වත් මේ අවස්ථාවෙ මතක් කල යුතුමයි .

විශේෂයෙන් මතක් කරන්න ඔනෙ මේ නිවස ඉදිකිරිම සදහා රැපියල් සියයකින් හෝ ආදාර කල ෆේස්බුක් මිතුරන් හට

ඔවුන් දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් තමා අද මේ පුංචි පැටවුන්ට මාලිගාවක් ඉදිකර දීමට අපහට හැකියාව ලැබුනෙ..

මේ සදහා මුදල් සහ ද්‍රව්‍ය පරිත්‍යාග කල ඹබට අද ගොඩක් සතුටු දවසක් වෙනවා නොඅනුමානය..

ඉතින් පුරා අවුරුද්දක් පුරාවට මෙම දුප්පත් පවුල කුලියට පදිංචි කරමින් ගෙවල් කුලී ගෙවමින් කෑම බීම බෙහෙත් හේත් කරමින් රජයක්වත් නොකරන තරමෙ සත්කාරක වැඩසටහනක් අපහට කරන්න ලැබුනා එක ගැන ගොඩක් සතුටුයි..

මේ සත්කාරක වැඩසටහද අදින් අවසන් වන අතර තව යම් මුදල් මදිපාඩුවක් තිබුනත් එම මුදල් ලබාදීමට පොරොන්දුවී කිහිපදෙනෙක් සිටන නිසා එය ගැටලුවක් නොවෙ ..

සති දෙකක් ඇතුලත අප අරමුදලට සහ මගේ ගිණුමට මුදල් බැරවු බැංකු වාර්ථා සමගින් මෙහි පැහැදිලි සම්පුර්ණ අයවැයක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා ,

අප විසින් කල මේ සත්කාරක වැඩසටහන ඉදිරියෙදි ජාතික රෑපවාහිණිය ඔස්සෙ වාසුලිය වැඩසටහන සහ ලෝක ජනාවාස දිනයේදි පැයක පමණ වාර්ථාමය වැඩසටහනක් ලෙසින් ඔබට දැක බලාගත හැකි වේවි..

නම් සදහන් නොකරපු බොහෝ පිරිසක් සිටිනවා ඔවුන් පිලිබද කතා නොකරන්නෙ එක් අයෙකු හෝ අමතක උනොත් අසාධාරණයක් වන නිසා..

අපි මෙතුවක් කල් මෙම කල ප්‍රජාසත්කාරක වැඩසටහනෙදි පලකල පෝස්ට් වලට ලයික් කල කොමෙන්ට් කල හැමෝටමත් මේ සදහා දහඩිය මහන්සියෙන් උපයාගන්නා මුදල් පරිත්ත්‍යාග ගල පරිත්‍යාගශිලින්ටත් පිටුපස සිට අපහට නොවැ‍ටි මෙම සත්කාරක වැඩසටහන අවසන් කිරිමට අනුබල දුන් දිරිය ශක්තිය දුන් ඔබ සැමටත් මේ කරගත්තාවූ කුසලකර්මයෙන් හේතු වාසනා වේවා …

මෙම සත්කාරක වැඩසටහන මගේ පලමු සහ අවසාන සත්කාරක වැඩසටහන වන අතර මෙයට සම්බන්ද වී කටයුතු කල අනිකුත් පුද්ගලියින් දිගටම සමාජ සේවයේ නිරත වනු ඇති..

අයවැයෙන් නැවත අප හමුවෙමු

අපි ආ ගමන් මග දැනගැනීම සදහා මේ ලින්ක් එකෙන් අ‍පේ ග්රෑප් එකට යන්න

https://www.facebook.com/groups/177793752556638/?ref=group_header

හැමෝටම බොහොමත්ම ස්තුතියි 🙂

සටහන – චානක මධුසංඛ

 

LEAVE A REPLY