ඔබේ දරුවාත් මේ ලක්ෂණ දක්වනවාද?

0
47

හැම දරුවෙක්ම එක එක ආකාරයට හරිම දක්ෂයි. එත් සමහර දරුවන් පුදුම හිතෙන විදිහට බුද්ධිමත් වෙන්න පුළුවන්. එවැනි දරුවෙක් ලබන්න දෙමාපියන් හරිම වාසනාවන්ත වෙන්නත් ඕනේ. ඇමරිකා එක්සත් ජනපදයේ National Association for Gifted Children (NAGC) ආකාරයට ඔබට මෙවැනි සුවිශේෂී දරුවෙකු වටින්නේ මේ ලෙසටයි.

මේ වගේ දරුවන් සීමාවන්ට එහා දක්ෂ දරුවන් නිසා ඔවුන් ප්‍රශ්න කිරීම් හා ඉගෙන ගන්න ප්‍රමාණය වැඩියි. ඔවුන් එක ඉසව්වකට වඩා වැඩි ගණනක දක්ෂතා දක්වන දරුවන් ලෙස හඳුන්වන්න පුළුවන්. ගණිතය, සංගීතය, භාෂාව මෙන්ම නැටුම්, ක්‍රීඩා, චිත්‍ර ආදියත් ඊට එක් වෙනවා. US National Association for Gifted Children හි පවුල හා විවාහය පිළිබද මනෝ වෛද්‍ය ලින් ස්කොස්බ් පවසන ආකාරයට මෙවැනි ඇති දක්ෂ දරුවන්ගේ ගති ලක්ෂණ 8 ක් විස්තර කරනවා.

1. ඔවුන් පාසල් යාම පටන් ගන්න විට කියවීමට දන්නවා ඔවුන් පෙර පාසල් වියේදීම ලිවිම, කියවීම ඉක්මනින් ප්‍රගුණ කරනවා. ඔහුට මෙය කියවීමට වඩා තොරතුරු එක් රැස් කර ගන්න මෙවලමක් වෙනවා.

2. මුල් ළමා අවදියේදී ම ඔවුන් විවිධ දක්ෂතා දක්වමින් අනෙකුත් ළමයිට වඩා විශේෂතා පෙන්වනවා මෙවැනි දරුවන් හරිම ක්‍රියාශීලියි. ඔවුන් වැඩිය නිදා ගන්න කැමැත්තක් නැහැ. ඔවුන් ඔහුට සම වයසේ මිතුරන්ට පෙර තම හැකියාවන් වර්ධනය කරගෙන ඇති බව පෙනෙනවා. ඒ වගේම මෙවැනි දරුවන්ට යම් යම් කරණා සහ සිද්ධීන් ගැන හොඳ දැනීමක් තියෙනවා.

3. මෙවැනි දරුවන්ගේ වාග් කෝෂය හරිම පුළුල් සම වයසේ දරුවන්ට වඩා ඔහුට කුතුහලය හා වෙනත් විවිධ පැතිකඩයන් ඔස්සේ කරුණු සොයා යාමේ කැමැත්ත, ආශාව වැඩියි. ඒ නිසා ඔවුන්ගේ වාග් කෝෂයත් පුළුල් වෙනවා. ඒ වගේම ඉන් ඔවුන් හුඟක් තොරතුරු එක් රැස් කරගන්නවා. උදාහරණයක් ලෙස අනිත් ළමයින් ඩයිනොසරයන් ගැන ඉගෙන ගන්න විට ඔහු ඩයිනොසරයන් ගැන මදක් ඉගෙනගෙන නවතින්නේ නැහැ. එහි හැම අස්සක් මුල්ලක්ම දැනගැනීමට උනන්දු වෙනවා.

4. ඔවුන්ට සමහර විට සම වයසේ දරුවන් යහළුවන් කරගන්න අමාරුයි ඔහු සම වයසේ දරුවන් සමග සෙල්ලම් කිරීම ඔහුට නීරස වෙන්න පුළුවන්. මන්ද ඔහුගේ බුද්ධි මට්ටම සම වයසේ ළමයින්ට වඩා හුඟක් ඉදිරියෙන් ඇති නිසයි. මේ නිසා සමහර විට දෙමාපියන්ට ඔවුන් සමග සෙල්ලම් කිරීමට හෝ ඔහුට වඩා වයසින් වැඩි දරුවන් සමග සෙල්ලමට එක් කිරීමට සිදු වෙනවා.

5. ඔවුන්ට ඇති ධාරණ ශක්තිය පුදුමයි ඔවුන් යමක් දුටු විට නැවත එහි පින්තුරයක් විස්තර කරනවා වගේ කියන්න දක්ෂයි. බොහෝ දෙනෙකුට අමතක වෙන ඉතා කුඩා දේවල් පවා ඔහුගේ මතකයේ තියෙනවා.

6. යමක් ගැන නිරවුල්ව බැලීමට පුංචි වයසේදී වුනත් පුළුවන් දිගු වෙලාවක් යම් කාරණයක් මත අවධානය දීමෙන්, අවධානය හා පැහැදීම මත සම වයසේ දරුවන් අතර ඉතා සුක්ෂම ලෙස ගැටළු නිරාකරණයට ඔහු දක්ෂයි. හැබැයි මින් සමහර කරුණු ඔහුට කැමති දේවල් පමණක් තෝරා බේරා ගැනීමට ඔහුගේ නැඹුරුවක් තියෙන්න පුළුවන්.

7. ඉතා කුඩා අවදියේදීම සංගීතය වැනි දේට දක්ෂතා දක්වයි මුලින් සඳහන් කළ ආකාරයටම ඔවුන් කැපී පෙනෙන්නේ අන් අයට පෙර දක්ෂතා දක්වන නිසයි. දරුවාට පුංචි වයසට සරිලන ගීත ගයන කරන්නත් යමෙක් වරද්දන විට එය හඳුනගන්නත් පුළුවන්කම තියෙනවද? එහෙනම් ඔහු සුවිශේෂී දක්ෂතා ඇති දරුවෙක්.

8. ඔවුන් හරිම සංවේදීයි මෙවැනි දරුවන් ඉක්මනින් සිදුවීම් වලදී සංවේදී වෙන්න පුළුවන්. සමහර විට සමාජයේ දේශපාලනයේ වෙන වැරදී සහ අවස්ථා ගැන ඔහුට දැනෙනවා. ඒ ගැන ප්‍රශ්න කරනවා. කතා කරනවා. අසාධාරණය පවා මේ වයසේදී දැනෙනවා. දරුවෙකුගේ දක්ෂතා හඳුනාගත්තොත් ඔහුට අති දක්ෂයෙක් වෙන්න මාවත විවර කරන්න ඔබට ලෙහෙසියෙන් පුළුවන්. මේක theAsianparent Sri Lanka ඔබේ ඒ වාසනාවන්ත දක්ෂ දරුවා හඳුනාගන්න උදවු කරන්න ගත් උත්සහයක්. theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

LEAVE A REPLY