කලාව සහ විනෝදාස්වාදය! – මනෝරම වීරසිංහ

0
98

අද අපේ හිතවතියක් දාලා තිබුණු පෝස්ට් එකක් නිසා තමා ලියන්න හිතුණේ… ප්‍රින්ස් මියගියා. ඔහු මියගියා කියල ඔහුගේ සින්දු මිය ගිහින් නැහැ.. ඒවා පීචං කියල බොහෝ දෙනෙක් කියල තිබුණා.. ඔහු මුකුත්ම කරපු නැති, කමකට නැති හරි හමං සින්දුවක් නොකියපු ගායකයෙක් කියල සුභාවිත ශානරයේ අය සටහන් දාලා තිබුණා…

මම ප්‍රින්ස්ගේ ගීපද වැල් කිහිපයක් ම බැලුවා. අපේ සාහිත්‍ය විචාරකයෝ කියල ඉන්න බහුබූතයො සහ ෆේස්බුක් යුගයේ අටම්පහුරු විචාරකයෝ බලන්නවත් නොහිතෙන, කියවන්න වත් නොහිතෙන නිර්මාණ වලට දෙන විචාර එක්ක බලද්දි මම අද හෙට ප්‍රින්ස් ගේ ගීයකට ඒ වගේ විචාරයක් ලියන්න ඕනි කියල හිතුවා.. මොකද මෙලෝම රහක් නැති එකක් වචන වලින් බය කරල… අමුතු වචන වලින් ගහල අපිට සම්භාව්‍යයි කියල ඒත්තු ගන්නවනව නං… එ් වචන වලින් ම අපිට පුලුවන් සම්භාව්‍ය නැති එකකුත් සම්භාව්‍ය කරන්න!

කවුදෝ මන්දා ඒ හිතිවිල්ල අස්සේ ‘රම්බරී‘ ගීයට විහිලුවට වුණත් වෙනස් අර්ථකථනයක් දීලා තිබුණා…

ඔය ප්‍රශ්නය පැන නගින්නේ රටේ ‘පුහුණු රසිකයො‘ කියල ජාතියක් නැති නිසා. එහෙම උන් හදන්න හරි අමාරුයි.. ඒක නිර්මාණකරුවන් විසින් ක්‍රමයෙන් කළ යුතු වැඩක්.. මාධ්‍ය ආයතන විසින් වගකීම් සහගතව කළ යුතු වැඩක්.. ඒක නිසා අපිට ‘එන්ටටේන්‘ වලට යන්න වෙනවා ආර්ට් එක පැත්තක තියල..ආර්ට් එක දිරවන්නෑ..

ලංකාවේ චිත්‍ර හෝ ඡායාරූප ප්‍රදර්ශනයකට යන්න..ඒක ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය අයෙක්ගෙ නම් සෑහෙන තරම් සෙනග එනවා. ඇවිත් චිත්‍රය හෝ පින්තූරය රසවිදිනව වෙනුවට ඒක බලනව… ‘පෙනෙන‘ දේ බලල එතන කෑගහල, සෙල්ෆි ගහල, හිනාවෙලා, රසකතා කියල යනව… පෙනෙන දේ ‘දකින්න‘ එනව ඔය අතරෙ පුහුණු රසිකයෝ කිහිප දෙනෙක්… උන්ට මේ හැසිරීම හරිම බාධාවක්..

චිත්‍රපට ශාලාවකට යන්න. ඒකට අම්මල තාත්තල අරං එනවා බබාලව.. ඒ අය කරුවලට, අධික ශබ්ද වලට බයයි.. ඒ දරුවො අඩනවා.. ඊට පස්සෙ බලන උන්ටත් මළ වදේ.. එක්කෝ හෝල් එකකට ආවාම ෆෝන් ඕෆ්කරගන්න පුරුද්දක් නෑ..ඒවා වදිනවා.. කවදාවත් තැනකට වෙලාවට යන්න පුරුද්දක් නෑ..විනාඩි 10ක් හරි පරක්කු වෙලා යන්නේ.. ඊට පස්සෙ ටෝච් ගහනවයි,..කකුල් අස්සෙ යනවයි.. ජංජාලයයි..

හේතුව පුරුද්දක් නැති කම හා දෙයක් රසවිදිම හෝ නොවිදීම කරන්න ඕනි බොහොම නිහඩව..සාවධානව කියල තේරුමක් නැතිවීම.

ඉතින් මෙහෙම රටක මොන කලාද? මොන ප්‍රාසාංගික කලාද? මොන විනෝද කලාද?

උපුටාගැනීම

https://www.facebook.com/ksnmweerasinghe?fref

LEAVE A REPLY