වඩාම ගුදය අවට ඉන්නවුන් වඩාම උද්දච්ච හා ප්‍රචන්ඩවුන්ය ! – ධනන්ජය කරුණාරත්න

0
205

අපේ රටේ තරම් දූෂිත තක්කඩි දේශපාලකයින්ව ආරක්ෂා කරන, උන්ව ආගමක් කරගන්නා ජනතාවක් ග්‍රහලොවේ තවත් ඇත්නම් ඒ එදා ඉඳන් අපිට ගුරුහරුකම් දුන්න අපේ මහවුන් ආපු රටම විය යුතුය.

මේ නිවට, වහල් පාලක ගැතිකම රජ කාලේ ඉඳන් එන පුරුද්දකි. එදා රටේ තිබුණ හොඳම ලබු ගෙඩියයි තන්ගෙඩියයි දෙකම රජුගේ අම්මගේ බූදලයක් වූ අතර තම මිනිස්සුන්ගෙන්ම ඒවා උදුරගෙන ගෙනත් රජුට දී ජීවත් වෙනවුන් වගයක් හැමදාම පැවතුනි. එදා සුද්දා ආවමත් සුද්දා වටේද ඒ වගේම එකතු වී තම වර්ගයා (‘පීඩිතයින්’) පාවා දී රටබීම ටිකක් ලෙවකන්න හෝ කලිසමක් ඇඳගන්න හැදුවේත් මුන්මය. සුද්දා ගිය පසුද සුද්දා දීලා ගිය ඡන්ද ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රමය මේවා ඔක්කම ආපහු ‘රජකාලෙට අරන් ගිහින්’ පාවිච්චි කරනකොට සුද්දා ඒවා තම රටේ සාධාරණය හා ශිෂ්ඨත්වය හදාගන්න පාවිච්චි කලේය. සුද්දා දේශපාලකයා රැකියාවක් කරන්නේකු බවට පත් කර උගෙන් වැඩ කරවා ගන්නා ජනතාවක් හදා ගත්තේය. අද අපේ එකෙකුට දියුණුවීමේ මාර්ගය කවුරු හෝ බලය තියන තක්කඩියෙකුට බැලමෙහෙවර කර, ඌව හෝදමින් උගේ ගුදමාර්ගය අවට ජීවත්වීම බවට පත්වී ඇත. වඩාම ගුදය අවට ඉන්නවුන් වඩාම උද්දච්ච හා ප්‍රචන්ඩවුන්ය !

රටේ අති විශාල ජනතාවක් එදා වේල හොයා ගන්න විදියක් නැතිව, ළමයි පාසල් යවාගන්න, ඉන්න හිටින්න තැනක් නැතිව තියෙද්දී මේ තක්කඩි දේශපාලකයින් ඉතාම කෙටි කාලයක් තුල දේශපාලනය හරහා විශාල ධන කුවේරයින් බවට පත්වී ඇත. උන්ගේ දරුවන් අති සුඛෝපභෝගී ඉහල බටහිර ජීවිත වලට යවා අර දුප්පත්ම මිනිසුන්ව රට ජාතිය ආගම වෙනුවෙන් කියා ඡන්ද වැඩ කර ගැනීමට තබා ගෙන ඇත.එදත් අදත් ඒ දුප්පතාගේ ජීවිතය උන් වැඩ කළ දේශපාලකයාගේ ජීවිතය තරම් වෙනස් වී නැත. අප කළ යුත්තේ මේ තක්කඩියන් වසර පුරා රටේ තියන දැවැන්ත අර්බුද එකකටවත් හරියට මුහුණ නොදී වි‍ෙශේෂ අවස්ථාවල කරන සංදර්ශණ වලට හෝ උන් දෙන මොකක් හරි සොච්ම් පඩයකට නොරැවටී උන්ව අනුකම්පා විරහිතව එලිදරුව් කරමින් මේ යථාර්තය සමාජ ගත කිරීමයි.

අද අප ඉදිරයේ ඇති අභියෝගය මේ තක්කඩි දේශපාලකයින් වෙනස් කර ගන්නේ කෙසේද යන්නට වඩා උන්ව ආරක්ෂා කරගන්නා මේ නිවට, වහල්, ඔලමොට්ටල ජනතාව වෙනස් කරගන්නේ කෙසේද යන්නයි. හොරුන් ආරක්ෂා කරන ජනතාවක් සිටිනා තාක් මේ කාලකණ්නි ක්‍රමය තවත් අනාදිමත් කාලයක් පවතිනු ඇත!

උපුටාගැනීම

Dhananjaya Karunarathne ෆේස්බුක් ගිණුමෙනි.

LEAVE A REPLY