කලාකරුවා සුරංගනාවක්, විචාරකයා යක්ෂයෙක් ද? කේ. කේ. සමන් කුමාර

0
58

 

පුවත්පත්කලාවේදී, ලේඛක ජයසිරි අලවත්තගේ විචාර සටහන් එකතුවක මුද්රිාත කෘතියක් දෙවැනි මුද්ර ණයෙන් පසුගිය දා එළිදැක්විණි. ‘සාහිත රසවිත’ නම් එකී කෘතිය ජනගත කිරීම පැවැති අවස්ථාවේ ලේඛක, විචාරක කේ. කේ. සමන් කුමාර හෙවත් ‘සර්පයා’ විසින් දේශනයක් පැවැත්වීය. එහි මුඛ්යක තේමාව ලාංකේය සාහිත්ය් විචාරය නාභිගත කරගෙන පැවැත්වුණු අතර එහි ලංකාවේ කලා විචාරය සම්බන්ධයෙන් යම් පදනම් අදහස් පරචා මාණයක් ස්ථානගත කැරුණු බව අපේ අදහස ය. දිගු දේශනයක් වන එය කොටස් කිහිපයක් වශයෙන් මතු පළ කරන්නට යෙදෙයි.


විචාරකයා කියන්නෙ රාක්ෂයෙක් හැටියට තමයි ලංකාව ඇතුළෙ ස්ථානගත වෙලා තියන්නෙ. යමක් සම්බන්ධයෙන් ඥානවිභාගාත්මක එළැඹුමක් ගත්ත විවාදයන් ඇති කළ විචාරකයින් තමා මේ රාක්ෂයො කියල හැඳින්වෙන්නෙ. කලාකරුවො කියන්නෙ සුරංගනාවන් විචාරකයන් කියන්නෙ රාක්ෂයො, විදිහට තමයි ස්ථානගත වෙලා තියන්නෙ.
ලංකාවෙ තිබෙන පොදු ගැටලුවක් තමයි සියලු ම දේවල්වල සමාජ සංස්ථාවල මතවාදවල සහ කලාවේ විකාශනය සම්බන්ධ ගැටලුව. වෙන රටවල දේවල් විකාශනය වෙනකොට යමක් ස්ථාපිත වෙලා අනෙක් දේවල් අහෝසි කරල, අතීතයට යවලා තමයි ස්ථාපිත වෙන්නෙ. නමුත් ලංකාවෙ එහෙම නෑ. ලංකාවෙ සුද්ධෝධන රජ්ජුරුවන්ගේ සිට ජිජැක් ද ශිෂෙක් ද මන්දා වෙනකන් මතවාද ටික එහෙම ම තියනවා. මේක අපූරු චින්තන වෙළෙඳපොළක්. බුදු දහමෙන් ගත්තත්, පශ්චාත් නූතනවාදයෙන් ගත්තත්, මාක්ස්වාදයෙන් ගත්තත් නානාපරින්කාර ලෙසින් තියෙනවා. තම තමන්ට රුචි ආකාරයට ඒවා තියන්නෙ. බුදු හාමුදුරුවො ආවත් තමන්ට රුචි ආකාරයට හැදෙනවා. සේකර කිව්වනෙ බඳුනේ ලූ මිදි යුෂ ද බඳුනේ හැඩය ගනී බඳුනේ ලූ වස විස ද ඒ හැඩය ගනී. නමුත් යම් මතවාදයක්, විද්යාාවක්, දර්ශනයක් ආව තැනක ඒක එතන තියෙන හැඩය ගන්නෙ නැහැ. සිදුවිය යුත්තේ එතැන යම් වෙනසක් වෙන එක. ලංකාවෙ බොහෝ දුරට සිද්ධවෙන්නෙ එන සියලුම මතවාද-බුද්ධාගමේ සිට මාක්ස්වාදය ද සියල්ල මේ තියන බඳුනේ හැඩය ගන්න එක. ලංකාව ඇතුළෙ කලාවේ නොයෙකුත් ශානර, නොයෙකුත් ‘ස්ටයිල්’ස් සියල්ල ම මේ තියන පටු කෝව ඇතුළෙ වෙනම හැඩයක් ගන්නවා. ඇත්තට ම ඥානවිභාගාත්මකව වෙනත් තැන්වල සිද්ධවෙන්නෙ මිනිසුන්ගේ චින්තනය, ජීවිතය සහ චර්යාවන් මිනිසුන්ගෙ සමාජ පැවැත්ම යන මේ දේවල්වල වෙනසක් ඇති කරන එක. මම කියන්නෙ නැහැ ලංකාවෙ එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ කියලා. ඇත්තටම ඇස් ඇරලා බැලූවොත් ඒවා සිද්ධවෙලා තියන්නෙ, කලාව සාහිත්යා වගේ දේවලට වැඩිය වෙනත් සමාජ පරලා වණතා, වෙළඳපොළ පරවා වණතා, දේශපාලන බලවේග වගේ දේවල් එක්ක. මේක අපිට මෙහෙම කියන්න පුළුවන්. බරකරත්තවල සිට සුපර්සොනික් දක්වා විචාර තියෙනවා. අතරමැද පරණ මොරිස් මයිනර්, වොක්ස්වැගන්, ලේලන්ඞ් බස් වගේ ඒවත් තියනවා.
සුපර්සොනික් විචාරය ලංකාවෙ මුලින් ම පටන්ගන්නෙ සුචරිත ගම්ලත්ගෙන්. එක්ස් කණ්ඩායමේ ආගමනයත් එක්ක දීප්ති, සමන් විකරින්මාරච්චි, මහේෂ් හපුගොඩ, විදර්ශන කන්නන්ගර, භූපති නලින් වගේ පරාසයක් ඉන්නවා. මේ අය අතර තියෙන ගැටුම් මතවාදී වෙනස්කම් පැත්තක තියලා, මේ අය ඔක්කොම සුපර් සොනික් විචාර බවට පත්වෙලා තියනවා. සුපර්සොනික්වල තියන පරෙනසශ්නෙ තමයි මේ බැලුවම මේ ගිහිල්ලා.
ලංකාවෙ විචාරය ඥානවිභාගාත්මකව ඛණ්ඩනය වුණේ අවස්ථා දෙකයි. සුසමාදර්ශී විතැන්වීමක් සිද්ධ වුණේ පළමුව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ආශරිය තව සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය හා පියසීලි විජේගුණසිංහගෙ මැදිහත්වීමත් එක්ක. දෙවැනි සුසමාදර්ශී විතැන්වීම එක්ස් කණ්ඩායම සහ වත්මන් පෙරටුගාමී පක්ෂය එනම් රොහාන් අප අතරට ගෙන ආපු මතවාද සමාජගත කරපු දීප්ති ඇතුළු කණ්ඩායම වෙතින් සිදුවෙනවා. බාහිරව සුපර්සොනික් විචාරයේ ඉන්න සියලූම දෙනා ඒ මතවාදත් එක්ක එළියට ගිය ඒ එක්ක හැප්පෙන පිරිසක්.
මෙයට කලින් ලංකාවෙ විචාරය ඇතුළෙ ගත්තත් සාහිත්යප කලාවන් ඇතුළෙ ගත්තත් මේ සුසාධිත ගල්ගැහුණු (ඒක මේ මොහොතෙ ගල් ගැහුණට එක්තරා යුගයක සජීවී) මූලික සංරචකයන් ගත්ත ම එකක් භාරතීය කලා විචාරය-ඒක රසවාදය, අලංකාරවාදය-අනුපාන හැටියට ධ්වනිවාදය සහ ඖචිත්ය්වාදය භරතමුණිගේ සිට ආනන්දවර්ධන භාමහ දක්වා කොටස. මේක එන්නෙ පරාය සචීන දිග ඥානය සෞන්දර්ය විද්යාීව එක්ක. ඊළ`ග සංරචකය තමයි පරං එකශ ඇකඩමිය විසින් නීතිගත කළ ධනේශ්වර මතවාදයේ සහ ධනේශ්වර සමාජකරපරාමයේ මධ්යරමපාංතික බුද්ධිමතුන්ගේ මතවාදය ස්ථාපිත කරපු යථාර්ථවාදී කලා විචාරය. මේක එන්නෙ නව සම්භාව්ය වාදය සමඟ. පරංක ශ ඇකඩමිය කලාව සම්බන්ධයෙන් නීතිමාලාවක් පනවනවා. ඒ කොන්දේසි නැතිනම් ඔවුන් එය කලා කෘතියක් ලෙස පිළිගත්තේ නැහැ. සමස්ත යුරෝපයේ කලා විචාරයම මේ පරං ව ශ ඇකඩමියේ ආධිපත්ය යට නතු වුණා.
මතු සම්බන්ධයි
(ඇත්ත පුවත්පතේ පළමුවරට පළ විය.)

උපුටාගැනීම

Jayasiri Alawatta  ෆේස්බුක් පිටුවෙනි.

LEAVE A REPLY