ඔරියානා ෆලෙවි – උපාලි ජයසිංහ

0
94

දෙවියකු නොමැතිබව සොයාගැනීමෙි නීරස සත්‍යත් සමගම දෛවය පිළිබද සංකල්පය විනාශවී ගියේය. එහෙත් දෛවය ප්‍රතික්ෂේප කරීම අහංකාරකමකි. අපගේ ඡීවිත හැඩ ගස්සන්නේ අපම බව සිතීම පිස්සුවකි.

ඔබෙි මරණ දඩුවම අහෝසිකර ඔබට නිදහස දුන්නායැයි මා ඇසීමෙන් පසු
ඊ ළග දිනයේ ඉතාලියේ සිටි මා ග්‍රීසියට පැමිණ ඔබ හමුවිය.
‘‘ අපි කලින් හමුනොවූයේ ඇයි ? මම බෝමිබ පුපුරවනවිට, ඔවුන් මට වධහිංසා
දෙනවිට, නඩුව අහන අවස්ථාවෙි, මාව අර සොහොනෙ හිර කරල ඉන්න විට
ඔබ හිටියෙ කොහෙද ඔරියානා ““
ඔබ දුක්බරව එසේ ඇසුවෙිය. පසුතැවීමෙන් යුතුව මම මෙසේ පිළිතුරැ දුනිමි.
‘‘ සයිගොන්, හැනෝයි,මෙක්සිකෝ සිටි,සාඔිපාලෝ ,රියෝ ඩි ඡැනයිරෝ,
හොංකොං, ලාපාස්, අමිමාන්, ඩැකා, කල්කටා , කොළඹ, ආයිමත් සාඔිපාලෝ , සයිගොන් “ පේනවනෙ !
එහෙත් දෛවය මට අණ කල තැනට යන්න සිදුවූ බව මා ඔබට කීවෙි නැත.
මන්ද යත් මෙයට පෙර හමුනොවී අද මෙම පැයේදී ඔබව හමුවීම දෛවයේ
තීරණයක් නිසාය. මෙි දිනයේ මෙි පැය දක්වා අප ගමන් ගත් මාවත් බොහෝ
දුරස්ථ විය.කොතරමි ඈතද යත් ඉතාමත් බලගතු අධිෂ්ඨානයට වුවද එම මාවත් තුල අප එකිනෙකා මුණගැසීම කල නොහැක්කක් විය.
……ඔබෙි ග්‍රීසියේ ඒකාධිපතියාගේ ඝාතන ප්‍රයත්නය මා දැන ගත්තේ
බොහෝ පසුවය.එයද ඒඡන්සි වාර්තාවකනි.එවකට මා සිටියේ වියටිනාමයේය.
ග්‍රීසියේ කැළඹීමක් ඇති වෙමින් පවතින බව අසා මම සතුටු වීමි ඉන්පසු
එම සිද්ධිය මට අමතක විය. වියටිනාමයේ මුලු මහත් ඡාතියක් මිය යමින් සිටී.
මලකදන් වලින් වහනය වන දුගදත්, වීරත්වයේ සුවදත් අහස පුරා පැතිර ඇත.
ඒ මහා ඛෙදවාචකය තුල ඔබට කොහි ඉඩක්ද ඇලිකෝස් .ඔබ එිවිට මගේ ඡිවිතය තුල සෙවනැල්ලක හෝ නැත. මා ඔබට ඒබව කීවෙි නැත.
අනතුරැව මෙක්සිකෝ නගරයේ සිදුවූ මහා මිනිස් ඝතනයෙන් පසු මම
රෝහල් ගතව සිටිද්දී ඔබෙි නඩු විභාගය ගැනත්, මරණ දඩුවම ගැනත්
දැනගත්තෙමි.එම මහා මිනිස් ඝාතන අවස්ථාවෙිදී මම සිටියේ ඔවුන් සමගය මගේ පාදයටත් පිටිපස පෙදෙසටත්
වෙඩි උන්ඩ ඇතුල්වීම නිසා මට රෝහල් ගත වීමට සිදුවිය
ඉතිං ඔබට කොහි ඉඩක්ද ඇලිකෝස් මා ඔබට ඒබව කීවෙි නැත.
———— ORIYANA FALLACI ——–
A MAN
ඔරියානා ෆලෙවි යනු 1970 දශකයේ ඉතාලියේ සිටි නිර්භිතම හා විශිෂ්ඨතම පුවත්පත් කාලාවෙිදිනියක් විය ඇය ග්‍රීසියේ විප්ලවවාදියෙකු වූ ඇලිකෝස්ට පෙමිබැන්දාය

LEAVE A REPLY