සෞන්දර්ය රසාස්‌වාදය පිළිබඳ බෞද්ධ ආකල්පය

0
241

විල්ගමුවේ පියනන්ද හිමි
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුරය

”කාව්‍ය ශාස්‌ත්‍ර විනෝදේන – කාලො ගච්ඡති ධීමතාම් ව්‍යසනේනච මූර්ඛාණාම් – නිද්‍රයා කලහේනවා” 1

නැණවතුන්ගේ කාලය කාව්‍ය ශාස්‌ත්‍ර පරිශීලනයෙන් ලබන වින්දනයෙන් හෙවත් සෞන්දර්ය රස වින්දනයෙන් යුක්‌තව ගෙවී යයි. අඥානයන්ගේ කාලය කෝලාහල කිරීමෙන් හා නිදීමෙන් මෙන්ම ප්‍රලාප දෙඩීමෙන් හා සූදු කෙළීම් ආදී ව්‍යසන ක්‍රියාවන්ගෙන් ගෙවීයන බව මෙම සංස්‌කෘත ශ්ලෝකයෙන් ප්‍රකාශ වේ. සෞන්දර්ය රසාස්‌වාදය ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන අංශ දෙකින් යුක්‌තය. බුදුදහම එම සෞන්දර්ය රසාස්‌වාදය පිළිබ`ද දක්‌වන ආකල්පය අධ්‍යයනය කිරීම මෙමගින් අපේක්‍ෂිතය.

සෞන්දර්ය යනු සුන්දරත්වය හෙවත් සිත් ඇද ගන්නා රමණීයත්වයයි. මෙය ස්‌වභාවධර්මය තුළින් නිරායාසයෙන් සෑම පුද්ගලයෙකුටම ලබා දෙයි. එයට අමතරව යම් කිසි කලාවක සෞන්දර්ය යෑයි නම් කරන්නේ එහි ඇති සෞන්දර්යාත්මක ගුණාංගවලටය. එම ගුණාංගයන් ශ්‍රව්‍ය හා දෘශ්‍ය වශයෙන් දෙයාකාරයකින් අපට අත්විඳිය හැකිය. එමගින් වින්දනයක්‌ ඇතිවන අතර එම වින්දනය එකහෙලාම බලපාන්නේ අපේ සිතටය. එනිසාම කලා කෘතියක්‌ අත්විඳීමෙන් ඇතිවන සිත කිතිකවන සුලු ප්‍රීති ප්‍රමෝදය සෞන්දර්ය රසාස්‌වාදය නම් වේ. එසේම රසාස්‌වාදය සෑම විටම මනෝමූල ආනුභාවයක්‌ විනා ඉන්ද්‍රියමූල අර්ථකථනයක්‌ නොවනු ඇත. සෞන්දර්ය රාසාස්‌වාදය අත්විඳීමෙන් සෑම පුද්ගලයෙක්‌ම එහි රසිකයෙක්‌ බවට පත්වීමෙන් ඒ බව තවදුරටත් තහවුරු වේ.

කලා කෘතියකින් පුද්ගලයකු රසිකයකු බවට පත්කිරීමට නම් එම කලා කෘතියෙහි ආනන්දජනක ගුණාංගයන් ස්‌ථායිභාව අනුව සමබරව යෙදිය යුතු වෙයි. ස්‌ථායිභාව නමයක්‌ පුරාණ කාව්‍ය ශාස්‌ත්‍රඥයන් විසින් දක්‌වා ඇති අතර ඒ අනුව රස උත්පාදනය දක්‌වා ඇත.

මෙයට අමතරව වත්සල, සද්ධා, මෛත්‍රී ආදී තවත් රස කිහිපයක්‌ ඇති බව සාහිත්‍ය විචාරකයන්ගේ මතයයි. මෙම රස මිනිස්‌ සිතෙහි ඉහත ස`දහනA පරිදි ස්‌ථායිභාව අනුව ඇති වේ. එවිට රස නිෂ්පත්තිය සිදුවන අතර එය සෞන්දර්ය නම් වේ.

සෞන්දර්ය රසාස්‌වාදය පිළිබ`ද බෞද්ධ ආකල්පය

මිනිසා ජීවත් වන ලෝකය දුක මත පිහිටා ඇත. (දුෙCඛ ලොකො පතිට්‌ඨතො) බුදුදහමට අනුව නිර්වාණය හැර (නිබ්බාණං පරමං සුඛං) සුන්දරයෑයි කියා වින්දනය කරනු ලබන සෙසු සියලූම දේ තාවකාලික සතුට පිණිස පවතනු ඇත.03 ලෝකයේ ඇති සුන්දර හා අසුන්දර සෑම වස්‌තුවකම ස්‌වභාවය වන්නේ උත්පාද, ඨති, භංග යන ලක්‍ෂණත්‍රයෙන් සමන්විත ව අනිත්‍ය, දුCඛ, අනාත්ම යන ලක්‍ෂණත්‍රයට භාජනය වීමයි. එබැවින් දුක මත පිහිටි ලෝකයේ යථා ස්‌වරූපය අවබෝධ කරවීම බුදුදහමේ මූලික අපේක්‍ෂාවයි. එහෙත් ලෞකික ජීවිතයේ දී මිනිසා සුන්දර දෙයට ඇළුම් කිරීම ස්‌වභාවිකය. එය ධාර්මික ලෙස වින්දනය කිරීම පිණිසත් එම වින්දනය ආධ්‍යාත්මික ප්‍රීතිය නම් අවේදයිත සුඛය බවට පරිවර්තනය කරගැනීම පිණිසත් අවශ්‍ය උපදෙස්‌ මඡ්Cධිම නිකායේ මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රයෙහි දක්‌වා ඇත.

බුදුදහම ආධ්‍යාත්මික විමුක්‌තිය ස`දහා පමණක්‌ උපදෙස්‌ දෙන සර්ව අසුබවාදී දර්ශනයක්‌ ඉදිරිපත් කරන දහමක්‌ බව ලෝකයේ ඇතැම් උගතුන්ගේ මතයයි. එබැවින් ලෞකික විෂයානු බද්ධ සෞන්දර්ය රසාස්‌වාදය පිණිස බුදුදහමින් ඉඩක්‌ නොලැබෙන බව ඔවුන්ගේ අදහසයි. එය සපුරා වැරදි මතයකි. සැබෑ වූ සෞන්දර්ය යනු මිනිස්‌ මනසේ යථාර්ථවාදී සිතුවිලි අවදිකිරීමකි. බුදුදහමේ ද මූලික ඉගැන්වීමක්‌ වන පටිච්චසමුප්පාදය තුළින් සිදු කොට ඇත්තේ ලෝකයෙහි ඇති සැබෑ වූ තත්ත්වය යථාර්ථවාදීව දේශනා කිරීම ය. සුන්දර යෑයි ලාමක පුරුෂයන් විසින් ඇලෙන ලද බොළ`ද රාගික වූ ද ශෘංගාරාත්මක වූ ද වි`දීම් හා ආශ්වාදයන් බුදුදහමින් ප්‍රතික්‍ෂේප වන අතර ඇලීමෙන් තොරව සෞන්දර්ය රසාස්‌වාදය ම`ගින් අත්විඳින ධාර්මික ප්‍රීති සුවය බුදුදහමෙන් අගය කරනු ලබයි. සෞන්දර්ය ම`ගින් ජනයා මුසපත් කිරීම බුදුදහමින් ප්‍රතික්‍ෂේපිතය. එනිසා ම බෞද්ධ ප`ඩිවරුන් බෞද්ධ කලාවේ සෞන්දර්යාත්මක පරමාර්ථ ලෙස දක්‌වා ඇත්තේ ප්‍රසාදය හා සංවේගය පමණි.

ස්‌වභාව සෞන්දර්ය පිළිබ`ද බෞද්ධ ආකල්පය

බුදුන් වහන්සේ ස්‌වභාව සෞන්දර්ය මැනවින් අගය කළා සේම ස්‌වභාව සෞන්දර්යෙහි ජීවත් වූ ශාස්‌තෘවරයෙක්‌ වෙති. උන්වහන්සේගේ ඉපදීම සිදුවූයේ සුන්දර ලූම්බිණි සාලවනෝද්‍යානයෙහි ය. වයස විසිනමයෙන් ගිහිගෙයින් නික්‌මී සත්‍ය ගවේෂණය කළ බෝසත් අවධියෙහි ඒ ස`දහා උන්වහන්සේ විසින් තෝරාගෙන අත්තේ ඉතා සිත්කළු රමණීය වූ භර්මි භාගයකි. ඒ බව ”රමණීයො වත භර්මිභාගො, පාසාදිකො ච වනසණ්‌ඩො, නදී ච සන්දති සෙතකා සුපතිFථා රමණීයා”5 යනුවෙන්

මඡ්Cධිම නිකායේ අරියපරියේසන සූත්‍රයේ ස`දහන්ව ඇත. අනතුරුව උතුම් බුද්ධත්වය එහි වූ ඇසතු රුකක්‌ මුල දී ලැබ ප්‍රථම ධර්ම දේශනය ද පැවැත්වීම ස`දහා තෝරාගන්නා ලද්දේ පස්‌වග තවුසන් විසින් සේවනය කරන ලද මුවන්ට වාසභර්මිය වූ රමණීය ඉසිපතන මිගදායයි. කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සාලවනෝද්‍යානයෙහි දී වයස අවරුදු අසූවේ දී උන්වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවන තෙක්‌ බුද්ධ චරිතයේ වැඩි කාලයක්‌ ගෙවී ඇත්තේ පරිසරය ඇසුරු කොට ගෙනය. එබැවින් ම බුදුන් වහන්සේ විසින් පරිසර සෞන්දර්ය අගය කළ බවට සාධක රැසක්‌ ත්‍රිපිටකයේ අන්තර්ගත ය.

”ගාමෙවා යදිවා රඤ්ඤෙ – නින්නෙවා යදිවා ථලෙ යත්ථ අරහන්තො විහරන්ති – තං භර්මිං රාමණෙය්‍යකං” 6

ගමෙහි හෝ වනයෙහි හෝ ගොඩ බිමෙහි හෝ රහතන් වහන්සේලා වෙසෙයිත් නම් ඒ භූමිය රමණීය වූ භූමියක්‌ වන බව මෙහි තේරුමයි. එහි වීතරාගි උතුමන් විසින් වින්දනය කරනු ලබන රමණීයත්වය භෞතික ලෝකයේ සෞන්දර්ය රසවි`දීම ඉක්‌මවා ගිය සෞන්දර්ය රසාස්‌වාදයේ ඉහළම තලයක්‌ ලෙස හැ`දින්විය හැකි ය. කාමභෝගී ගිහියන් විසින් ඇළුම් නොකරන සිත් කළු වනයෙහි සුන්දරත්වයට වීතරාගි උතුමන් වූ රහතන් වහන්සේලා ඇළුම් කරන බව මෙම ගාථාවෙන් පැහැදිලි වේ.

”රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනො වීතරාගා රමෙස්‌සන්ති – න තෙ කාමගවේසිනො”7

පරිසර සෞන්දර්ය රසවිදීම බුද්ධ චරිතයෙන්ම මැනවින් පැහැදිලිවන අවස්‌ථාවක්‌ ලෙස දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රය දැක්‌විය හැකිය.

”රමණීයං ආනන්ද වෙසාලී, රමණීයං උදෙන චෙතියං, රමණියං ගොතමක චෙතියං, රමණියං සත්තම්බ චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං රමණීයං සාරන්දදං චෙතියං, රමණියං චාපාලං චෙතියං”8

එම චෛත්‍ය පිහිටි ස්‌ථාන වන විසල් පුරය, උදේන, ගෝතමක, බහුපුත්තක, සාරාන්ද, චාපාල යන ස්‌ථාන රමණීය වූ, සිත්කළු වූ, චිත්තාකර්ෂණීය වූ ස්‌ථාන ලෙස වර්ණනා කොට ඇත. එසේම ථෙර, ථෙරි ගාථාවන්හි මෙන් ම ජාතක පාලියෙහි ඉතා අලංකාර පරිසර වර්ණනා තිබේ. ථෙර ගාථා පාලියේ ස`දහන් කාළුදායි තෙරුන් වහන්සේ විසින් කරන ලද පරිසර වර්ණනාව බුදුන් වහන්සේ ඉදිරිපිට කරන ලද්දකි. සුදෝවුන් රජු විසින් තම පුත් සිද්ධාර්ථ බුදු වූ බව අසා ඉමහත් ප්‍රීතියෙන් යුක්‌තව ගෞතමයන් වහන්සේ කිඹුල්වත් නුවරට ගෙන්වා ගෙන එAම ස`දහා පිරිස යවන ලදී. එම ගිහි සියපු දෙනා බුදුන් වහන්සේ ළ`ග පැවිදි බව ලැබ එහිම නතර විය. සුදොවුන් රජු තම බුදුපුත් දැකීමේ උත්සාහය එයින් ද නතර නොකළ අතර කාළුදායි ඇමතියා සහ දහසක්‌ පිරිස සහිතව බුදුන් වහන්සේ වැඩමවාගෙන ඒම ස`දහා එම පිරිසට පැවිදිවීමේ අවසරය ද ලබාදී පිටත් කර යෑවූ බව බෞද්ධ සහිත්‍යයේ ස`දහන් ය. මෙහිදී කාළුදායි ඇමැතියා පැවිදිව රහත්බව ලැබ බුදුන් වහන්සේ ඉදිරියෙහි බැ`දගිලිව කිඹුල්වත ඇති ස්‌වභාව අසිරිය සිත්ගන්නා ලෙස දැක්‌වීමෙන් අනතුරුව බුදුන් වහන්සේට එහි වඩින ලෙස ආරාධනා කරන විස්‌තරය ඉතා ළගන්නා පරිසර වර්ණනාවකින් සිදු කොට ඇත. බුදුන් වහන්සේ ද එම ආරාධනාව පිළිගන්නේ එම කාලය පසුවුවහොත් එබ`දු කාලයක්‌ යළි පැමිණීමට වසරක්‌ ගතවන බව දන්නා නිසාය.

ගීතය හා කවිය පිළිබ`ද බෞද්ධ ආකල්පය

සෞන්දර්ය රසාස්‌වාදය පිරි තවත් විෂයක්‌ වන්නේ ගීතය හා කවියයි. බුදුසමය පුද්ගලයාගේ සංසාරික ජීවිතය අතෘප්ති කර වූ දෙයක්‌ ලෙස දක්‌වමින් එයින් මිදීම පිණිස විමුක්‌ති මාර්ගය නිර්දේශ කොට ඇත. එහෙත් මිනිසුන්ගේ සමාන්‍ය ජීවිතයෙහි ජීවන පැවැත්ම පිණිස හේතුවන ලෞකික සංතුෂ්ටිය හෙළා දැකීමක්‌ සිදු කොට නොමැති බව මෙහි දී අපගේ අවධානයට යොමුවිය යුතු කරුණකි. භික්‍ෂූන් විෂයෙහි පනවන ලද විනය ශික්‍ෂා දෙස බලා සෞන්දර්යෙහි අංගයක්‌ වන ගීතය හා කවිය බුදුදහමෙන් හෙලා දකින බව ආනන්ද කුමාරස්‌වාමි ඔහුගේ ”ශිව නෘත්‍යය” ග්‍රන්ථයෙහි ස`දහන් කොට ඇත. එහෙත් එය වැරදි මතයකි.

ගීතය හා කවිය භික්‍ෂූන්ට ප්‍රතික්‍ෂේප කළ අවස්‌ථා කිහිපයක්‌ ත්‍රිපිටකයේ ඇත. දීඝනිකායේ සීලCඛන්ධ වග්ගයේ සූත්‍රවල මධ්‍යම ශීල යටතේ භික්‍ෂූන් ඇළුම් නොකළ යුතු තහනම් විෂයක්‌ ලෙස කවි, ගීත දක්‌වා තිබීම, අංගුත්තර නිකායේ රුණ්‌ණ සුත්‍රයෙහි ගීතය හැ`ඩීමක්‌ ලෙස දැක්‌වීම,11 (රුණ්‌ණමිදං භිCඛවෙ අරියස්‌ස විනයෙ යදිදං ගීතං) උපෝසත අෂ්ටාංග, දශාංග ශීලවලදී ගීතය විරමණය කළයුතු දෙයක්‌ ලෙස දැක්‌වීම, චුල්ලවග්ග පාලියේ ඛුද්දකවත්ථුක්‌ඛන්ධකයේ බුද්ධ වචනය ඡන්දසට නොනැඟිය යුතු බව දැක්‌වීම, එහිම ගී හ`ඩින් ධර්මය ගායනා නොකළ යුතු බව දැක්‌වීම ගීතය හෙළා දැකි අවස්‌ථා ලෙස ත්‍රිපිටක සාහිත්‍යයෙන් උපුටා දැක්‌විය හැකිය.12 එම අවස්‌ථා භික්‍ෂූන් විෂයෙහි සිදු කරන ලද පැනවීම් බැවින් කාමභෝගි ගිහියන් විෂයෙහි අදාළ නොවන බව සැලකිය යුතුය.

ගීතය සහ කවිය බුදුන් වහන්සේ විසින් පැසසුමට ලක්‌කළ අවස්‌ථා ද ත්‍රිපිටකයේ ඇත. එබ`දු අවස්‌ථා අතර මිහිරි කටහ`ඩින් බණ කීම අනුමත කිරීම. ලකුණ්‌ටක තිස්‌ස තෙරුන්ට මිහිරි හ`ඩින් බණ කියන්නන් අතර අග තනතුර පිරිනැමීම. සංයුක්‌ත නිකායේ සෝණ කොළිවිස සුත්‍රයෙහි ස`දහන් පරිදි සෝණ කෝළිවිස හිමියන් බුදුන් වහන්සේ වැඩසිටි ඡේතවනාරාමයේ ග`දකිලිය ආසන්නයේ වැඩ සිටමින් සුත්ත නිපාතයේ අට්‌ඨකපාරායන වග්ගයේ ගාථා ඉතා මිහිරි ලෙස ගායනා කළවිට එය අසා බුදුන් වහන්සේ විසින් පැසසුමට ලක්‌කිරීම. බුදුන් වහන්සේද ගාථාවන්ගෙන් ධර්මය දේශනා කිරීම. පඤ්චසිකගේ වීණා වාදනය හා ගායනය පැසසුමට ලක්‌කිරීම. අංගුත්තර නිකායේ කවි සූත්‍රයේ දී චින්තා කවි, සුත කවි, අත්ථ කවි, පටිභාණ කවි, යනුවෙන් කවියන් හතර දෙනෙකු ඇති බවත් එයින් පටිභාන කවියා ශ්‍රේෂ්ඨ බව දැක්‌වීම ආදී වූ මෙබ`දු අවස්‌ථාවන්ගෙන් පැහැදිලි වන්නේ රාගික හැඟීමෙන් තොරව කවි ගී ම`ගින් කරන රස වින්දනය බුදුදහමෙන් ප්‍රතික්‍ෂේප නොවන බවයි.

නෘත්‍ය පිළිබ`ද බෞද්ධ ආකල්පය

”කාෙව්‍යaෂු නාටකං රම්‍යං” යනුවෙන් සාහිත්‍ය විචාරකයන් විසින් දක්‌වා ඇති පරිදි කාව්‍ය අතර රමණීයම සාහිත්‍ය විශේෂය වන්නේ නාට්‍යයයි. නාට්‍ය රස වින්දනය ස`දහා භාරතීය ජනතාව පුරා අතීතයේ සිට හුරුපුරුදු වී සිටි බව බෝසත් චරිතයෙන් ද උපතිස්‌ස සහ කෝලිතගේ ගිහි ජීවිතය කල කිරීමට පත්කරන ලද ගිරග්ගසමæජ නාට්‍ය ර`ග දැක්‌වීමේ පුවතින් ද පැහැදිලිය. බුදුදහම උසස්‌ ශීලයෙහි දී නාට්‍ය විරමනය කළ යුතු විසූක දස්‌සන ලෙස සහ ”උම්මත්තකමිදං අරියස්‌ස විනයෙ යදිදං නච්චං”13 යනුවෙන් අංගුත්තර නිකායේ රුණ්‌ණ සුත්‍රයෙහි අරිය විනයෙහි දී නාට්‍යය උමතුවක්‌ ලෙස ද දක්‌වා ඇත. එසේම සි`ගාලෝවාද සූත්‍රයේ ධනය විනාශ වන මුඛයක්‌ ලෙස නාට්‍ය ස`දහා ලොල්වීම ස`දහන් ය.14 හුදු විනෝද මාධ්‍යයක්‌ ලෙස පමණක්‌ අරමුණු කොට උභය ලෝකාර්ථයට හේතු නොවන නාට්‍ය නැරඹීම, රසවින්දය බුදුදහමෙන් ප්‍රතික්‍ෂේප කොට ඇත. සංස්‌කෘතික අංගයක්‌ ලෙස ගිහි සමාජයෙහි ඇති නාට්‍ය දර්ශන ගිහියන් විසින් නැරඹීම අර්ථාන්විත ජීවන දර්ශනයක්‌ ලබා ගැනීම මෙන්ම ධාර්මික ලෞකික ප්‍රීති සුවය ස`දහා හේතුවේ නම් ඒ පිළිබ`ද බුදුදහමේ විරෝධත්වයක්‌ නැත.

”න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සංකප්පරාගො පුරිසස්‌ස කාමා තිට්‌ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ අථෙFථ ධීරා වපයන්ති ඡන්දං ”15

බුදුන් වහන්සේ විසින් පිළිතරු වශයෙන් එක්‌තරා දෙවියෙකුට කළ මෙම ප්‍රකාශයෙන් සෞන්දර්ය රසාස්‌වාදය පිළිබ`ද බුදුදහමේ ස්‌ථාවරය මැනවින් පැහැදිලි වේ. එහි ස`දහන් පරිදි නානාවිධ වූ විචිත්‍ර දේවල් ලෝකයේ සැමදා පවතියි. ප්‍රඥාවන්තයෝ එම විචිත්‍රත්වය, විචිත්‍රත්වය ලෙස දැක එහි ඇලීමක්‌ නොවෙති. බුදුදහම සත්ත්වයාට සංසාර විමුක්‌තිය පිණිස හේතු වන දහමක්‌ දේශනා කළ අතර එහිදී ධාර්මික ලෞකික සතුට ප්‍රතික්‍ෂේප නොකොට එය ආධ්‍යත්මික සතුටක්‌ ස`දහා පරිවර්තනය කරගැනීමට උපදෙස්‌ ලබාදී ඇත. එබැවින් ධාර්මික ලෞකික සතුට පිණිස හේතුවන සෞන්දර්ය රසාස්‌වාදය බුදුදහමින් ප්‍රතික්‍ෂේප නොවන බව අපගේ නිගමනයයි.

ආන්තික සටහන්

01. හිතෝපදේශය (මිත්‍රලාභය), සංස්‌., සිරිතිලක සිරි, රත්න පොත් ප්‍රකාශකයෝ, කොළඹ, 2007, පිටුව 07.

02. සිංහල පද්‍ය බන්ධනය, සංස්‌., ඕවිටිගල වජිරඤාණ හිමි, ඒකනායක මුද්‍රණාලය, වේයන්ගොඩ, 1954, පිටුව 34.

03. ඛුද්ධක නිකාය 01, (ධම්මපදය, සුඛවග්ගය ), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005,පිටුව 76.

04. ”අස්‌සාදඤ්ච අස්‌සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්‌සරණඤ්ච නිස්‌සරණතො යථාභර්තං පජානාති” මජිCජිම නිකාය 01 සීහනාදවග්ගය, මහාදුක්ඛක්ඛන්ධ සුත්ත), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 214.

05. මඡ්ධිම නිකාය 01, (ඔපම්ම වග්ග, අරිය පරියෙසන සුත්ත), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005,පිටුව 406.

06. ඛුද්ධක නිකාය 01, (ධම්මපදය, අරහන්ත වග්ගය ), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005,පිටුව 46.

07. එම, පිටුව 46.

08. දීඝ නිකාය 02, (මහාපරිනිබ්බාණ සූත්‍රය), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 160.

09. ථෙරථෙරී ගාථා පාලි, (දසක නිපාතය, කාළුදායි ථෙරගාථා), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 152.

10. එම, (චතුක්‌ක නිපාතය, සප්පක ථෙරගාථා), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 100.

11. අංගුත්තර නිකාය 01, (තිකනිපාතය, රුණ්‌ණ සුත්ත), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 464.

12. ‘දීන භිCඛවෙ ආයතකෙන ගීතස්‌සරෙන ධම්මො ගායිතබ්බායො ගායෙයH ආපත්ති දුක්‌කටස්‌සාති” චුල්ලවග්ගපාලි ෂෂ, බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 12.

13. අංගුත්තර නිකාය 01, (තිකනිපාතය, රුණ්‌ණ සුත්ත), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 464.

14.” සමæජාභිචරණං භොගානං අපායමුඛං” දීඝ නිකාය 03, (පාîක වග්ගය, සි`ගිලසුත්ත), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 292.

15. සංයුත්ත නිකාය 01, (දේවතා සංයුත්තය, නසන්ති සුත්ත), බු.ජ.මු., බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල, 2005, පිටුව 42.

උපුටාගැනීම

http://www.divaina.com/2016/12/07/badada01.html

LEAVE A REPLY