ගින්නෙන් පසු !! – හසිත හේරත්

0
77

ලන්ඩනයේදී ගිනිරකුසාට බිළිවූ ග්‍රැන්ෆෙල් කුළුණ පිළිබඳ ඔබ සැවොම නොදන්නවා විය නොහැක.17 දෙනෙක් පමණ ගින්නට හසුව හා ඉහළ මහල් වලින් පැන මිය ගියත් එකඳු මළ සිරුරක ඡායාරුවක් හෝ සමාජ ජාලා තුල හෝ එරට මාධ්‍ය තුල සංසරණය වූයේ නැත.එයට හේතුව ඔවුන්ගේ හැදියාව හා හික්මීම බොහෝ ඉහළ මට්ටමක තිබීමයි.

කෙසේ වෙතත් ලන්ඩනයේ 43 හැවිරිදි පුද්ගලයෙකු විසින් මිය ගිය පුද්ගල මළ සිරුරක ඡායාරූ කිහිපයක් තම අයිපෑඩයෙන් ලබාගෙන එය සමාජ ජාලා වලට මුදාහැර තිබුනා.එහි තිබුනේ මළසිරුර එය බහාලූ පොලිස් බෑගය විවෘත කොට ලබාගත් ඡායාරූ හතරක් හෝ පහකි.මියගොස් සිටි පුද්ගලයා ගොඩනැගිල්ලේ ඉහළ මහලක සිට පැනීමෙන් මියගොස් සිටියා.කෙසේ වෙතත් මළ සිරුරෙහි ඡායාරූ ජාලගත කිරීමෙන් පසු පැය 24ක් යන්නට මත්තෙන් මෙම පුද්ගලයා එරට අත්අඩංගුවට පත්වුනා.එරට අධිකරණ දෙකක් විසින් ඔහුට නඩු පැවරූ අතර ඔහුගේ අයිපෑඩ් හා ඒ අදාල උපකරණ පොලිසිය භාරයට ගනු ලැබුවා.නඩුවෙන් අනතුරුව ඔහුට දඬුවම වශයෙන් මාස තුනක සිරදඬුවමක් ලබාදී තිබුනු අතර ඊට අමතරව මියගොස් සිටි පුද්ගලයාගේ පවුලේ අයගෙන් සමාවද ගත යුතු වූවා මෙන්ම වන්දියක් ගෙවීමටද නියම වුනා.

පසුගියදා ලන්ඩනයේ සිදුවූ මෙම කණගාටුදායක සිදුවීම නිසා 17 දෙනෙක්ගේ මරණ වාර්ථා වූ අතර එරට කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක , වෙබ් අඩවියක හෝ එරට කිසිම පුද්ගලයෙකුගේ සමාජ ජාලා බිත්තියක කිසිම මළසිරුරක ඡායාරුවක් සටහන් වූයේ නැත.

ඔවුන් මළ සිරුරු වලට කවි ලිවුවේ නැත.මළ සිරුරු දමමින් තලුමැරුවේ නැත.හඬන දොඩන ඥාාතියා දිගින් දිගට මයික් ඇල්ලුවේ නැත.තවත් බොහෝ කල් යනතුරු අපට එසේ කිරීමට නොහැකි වනු ඇත.එසේ දකින ලොවක් තුල “සුද්දාගෙන් ඉගෙන ගැනීමට අපට තවත් බොහෝ දේ ඇත”

(ගූගල් සෙවීමෙන් මෙම සිද්ධියේ තවත් තතු සොයාගත හැක)

හසිත හේරත්.

LEAVE A REPLY