ඉන්දීය පරාජය ගැන විග්‍රහයක් – චන්න කරුණාරත්න

0
146

ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් විග්‍රහ කරන්නේ තම පුරුද්ද සහ ඇබ්බැහියට අනුවය. එනයින් ඊයේ ඉන්දීය පරාජය විග්‍රහ කරන්න මට ඉඩ දෙන්න.

ඕනෑම අයෙක් අභියෝගයකට මුහුණදීල ඉද්දි ඔහුගේ හෝ ඇයගේ කාර්‍යසාධනයට බලපාන කරුණු අතර ‘උද්වේගයේ තීව්‍රතාවය” Level of arousal ප්‍රධානම සාධකයක්. ඒකට කෙලින්ම බලපාන්නෙ මානසික සාධක Mental Factors. ඉතින් උද්වේගය අවශ්‍ය මට්ටමට වඩා අඩු වුණාමත් අවශ්‍ය මට්ටමට වඩා වැඩි වුණාමත් යන දෙකම පහල කාර්‍ය සාධනයට Poor Performance හේතු වෙනව.

ඊයෙ ඉන්දියාවට වුනේ උද්වේගය අවශ්‍ය මට්ටමට වඩා වැඩිවීමෙන් ඇතිවුනු සoකාමය තත්වයක්. Very high level of Competition Anxiety caused by High level of arousal. එතකොට සුපුරුදු මානසික අවධානය Focus සහ චිත්ත ඒකාග්‍රතාවය Concentration පවත්වා ගන්න බැරි වෙනවා. එයාල ක්‍රීඩාවට අවතීරණය වුනේම ” අපිම තමයි මේක දිනන්න පුළුවන් මිහිපිට ඉන්න එකම කණ්ඩායම” කියන අනවශ්‍ය තරම් අධික ආතතිමය තත්වයකින්. ඉතින් කරන්න ගිය කිසිම දෙයක් හරිගියෙ නෑ.

පාකිස්තාන් කණ්ඩායමට ඒ තරම්ම අධික පීඩනයක් නොතිබුණ බව ශාරීරික අභිනයන්ගෙන් පෙනුන Body language. මොකද ඒ කණ්ඩායම ගැන විචාරකයොත් ලොකු තක්සේරුවක් දීල තිබුනෙ නැති නිසා. විචාරකයො හැම වෙලාවෙම කිව්වෙ Very inconsistent Team කියලයි. ඉතින් ඔවුන්ට පුළුවන් වුනා ලොකු තැතිගැනීමකින් තොරව ඉතාමත්ම කෙටි කාලයක් තුල තමන්ගෙ සුපුරුදු ක්‍රීඩා රිද්මයට පිවිසෙන්න.

ඉතින් මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන අය විෂේශයෙන්ම ක්‍රීඩා සහ විභාග වැනි, තමන්ගේ උද්වේගය උපරිම කාර්‍ය සාධනයක් සඳහා අවශ්‍ය කෙරෙන මධ්‍යම තැන රඳවා ගන්න ක්‍රියා කරන්න උවමනයි.

Channa Karunaratne ෆේස්බුක් ගිණුමෙනි.

 

LEAVE A REPLY