අපේ අම්ම උදේ ඉදන් රෑ වෙනකම්ම phone එකේ facebook යනවා

0
154

මගේ දුව ඊයේ ඉස්කෝලේ ඇරිල ගෙදර ඇවිත් කිව්ව කතාවට හිත රිදුනා වගේම අම්මල කියන වචනෙට විතරක් ඉන්න ගෑනු ගැන පුදුම තරහක් ඇති උනේ.

දුවගේ පංතියේ යාලුවෙක් (පිරිමි දරුවෙක් ) හැමදාම උදේ 7.15 විතරයි කැන්ටිමෙන් මොනවහරි අරගෙන කාල දවල් ඉන්ටවල් වෙලාවට නොකා එලියට වෙලා ඉන්නවලු දුව කිප දවසක් කන්න අඩගැහුවම අවේ නැති නිසා දුව ඊයේ එයා ලගට ගිහින් ඇහුවලු ඔයා කන්න එන්නේ නැත්තෙ අපි එක්ක තරහ ද නැත්තන් අපේ කැම කන්න ගෙදරින් එපා කියල තියෙනවද කියල.


අනේ එතකොටම මේ දරුවට එක පාරටම ඇස් වලට කදුලු ඇවිත් කිව්වලු අනේ නැ අමන්දා අපේ අම්ම උදේ ඉදන් රෑ වෙනකම්ම phone එකේ facebook යනව වෙන අම්මගේ වැඩ කර ගන්නව මිසක් අපි ගැන හොයන්නෙ නැ තාත්තාත් රට ඉන්නේ ගෙදර කැම උයන්නේ නැ කඩෙන් මොනව හරි ගෙනත් දෙන්නෙ උදේට රුපියල් 100 දෙනව කැන්ටිමෙන් කන්න කියල තේ වත් නොබී එන නිසා මන් උදේම කැන්ටිමෙන් කාල ඉන්නව ගෙදර යනකොට තුන විතර වෙනව ස්කූල් වෑන් එකේ එතකන් බඩගින්නේ දවල්ට කඩ කැම රෑටත් පාන් කාල ඉන්නේ කිව්වලු.ඉතින් ඉන්ටවල් එකට කන්න මගේ ලග කැම නැති නිසා මන් ඔයාල එක්ක කන්න එන්නෙ කොහොම ද ඇහුවලු.කවදාවත් පාඩම් වැඩ කියල දෙන්නෙත් නැ මොනවහරි ඇහුවොත් ඉස්කෝලේ වැඩක් තනියම කරගන්න කියනවලු.

මගේ දුව ඇවිත් කිව්වම ඇති කලකිරීම කියන්න වචන නැ මොකද නැති බැරි කමට නම් එක උනේ හිත හදාගන්න පුළුවන් පුද්ගලික පාසලකට එවන ආර්ථික තත්ත්වය ඉහල මට්ටමක තියෙන මේ වගේ අම්මල ගැන ඇත්තටම ලැජ්ජයි.
මන් දුවට කිව්ව අපි හැමදාම යාලුවටත් එක්ක තව කැම එකක් ගෙනියමු ඔයා එයා එක්ක කන්න කියල මගේ කෙල්ලට හරි සතුටුයි අද කෑම දෙකම අරගෙන ගියේ හරි සතුටින්.මාත් ජිවිතේ ගොඩක් කාර්ය බහුල කෙනෙක් ඒත් කවදාවත් මන් මගේ යුතුකම් නොකර ඉදල නැ බිරිඳ අම්ම කියන භූමීකාව හරියටම කරා කියල සතුටු වෙන්න පුළුවන්.

ගෙදර උදව්වට කවුරු හිටියත් ගෙදර කැම හදල දෙන්නෙ මන්. එක කාටවත් කරන්න දෙන්නෙ නැ. පොඩි අයගේ ඉස්කෝලේ වැඩ ඔක්කොම බලල කරල දෙනව මොන තරම් මට වැඩ තිබුනත්. ඒ වගේමයි කොච්චර රෑ වෙලා ගෙදර ආවත් උදේට පොඩි දෙන්නට කවන්නෙ කැලුම්. අම්ම තාත්තාව දරුවන්ට දැනෙන්න ජිවත් වෙන්න. එතකොට තමයි සමාජෙට ආදරේ කරන දරුවො බිහි වෙන්න.මගේ දුව හැම විශයකටම 90 උඩ ගන්නව මේ ලගදි මට ඇහුන දුව කියනව කැලුම් එක්ක එහෙම ලකුණු ගන්නෙ අම්ම කෑ ගගහ පස්සෙන්ම ඉන්න නිසා කියල මට ඒ සතුට ඇති.ඇත්තටම දරුවන්ට එහෙම කරන්න නරකයි තමන්ට මොන ප්‍රශ්න තිබුනත් දරුවො අංක එක විලාසිතාවට අම්මල නොවී දරුවන්ට අම්මල වෙන්න.
පවුල ඇතුලේ සම්පුර්ණ වගකීම තියෙන්නේ ගැනියට.ඒක මග ඇරුනොත් ආයි ගන්න එක ලේසි නැ

උපුටා ගැනීමක් – දීප්ති ජයසුමන

LEAVE A REPLY