ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය හා අපේ නාට්‍ය කලාව

0
158

සංවාදය –  ඉඳුනිල් උස්ගොඩආරච්චි

ලංකාව උසස් හා ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු ටෙලිනාට්‍ය කලාවක ඉතිහාසයට උරුමකම් කියයි. ඉන්දියානු මෙගා නාට්‍ය ආගමනයත් සමග ටෙලිනාට්‍ය කලාවටත් නිෂ්පාදන ක්ෂේත්‍රයටත් ලාංකීය සමාජයටත් සිදු කළ බලපෑම සුළුපටු නොවේ. මේ ඒ සම්බන්ධයෙන් කලා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් කිහිප දෙනෙකු රාවයට දැක්වූ අදහස්ය.

මේ මළඉලව් නිසා  සමාජය පිරිහෙනවා |ජයන්ත චන්ද්‍රසිරි

ටෙලිනාට්‍ය කර්මාන්තය වඩාත් ලාභදායක ව්‍යාපාරයක් බවට පත් කිරීම සදහා එය වඩාත් බාල මට්ටමේ නිෂ්පාදන භාණ්ඩයක තත්ත්වයට ගෙනා යුතුය කියන අදහස මීට කලකට පෙර කරළියට ආ වෙලාවේ අප බොහෝ දෙනා ඊට එරෙහිව කතා කළා. කතා කළා පමණක් නොවෙයි අපි අපේ නිර්මාණවලිනුත් ඊට පිළිතුරු දුන්නා. හැබැයි දැන් තත්වය ඊටත් වෙනස්. ටෙලිනාට්‍ය නමින් මේ රටේ රජ කළ මෙලෝ ඩ්‍රාමාවලටත් වඩා නරක ඉතාම අධම ගණයේ මෙලෝ ඩ්‍රාමා තමයි දැන් විදේශවලින් ගෙන්වා මෙහේ ප්‍රදර්ශනය කරනු ලබන බව පෙනෙන්නේ. මේවා නිසා සිදු වන්නේ රටේ ජනතාවගේ රසිකත්වය පිරිහීමක් පමණක් නොවෙයි, යම් ආකාරයක සමාජ වටිනාකම්වල පිරිහීමකට ද මේ මළඉලව් හේතු කාරණා වන බව පෙනෙනවා.

වෙනස් කරන්න කාටවත් උවමනාවක් නෑ | අශෝක හඳගම

ඕනෑ කෙනෙක්ට ඕනෑ එකක් ගෙන්නලා පෙන්නන්න පුළුවන්. ඒවා නරඹන්න මිනිස්සු ඉන්නවා නම් කරන්න දේකුත් නැහැ. බලන්න මිනිස්සු ඉන්න හින්දානේ ගෙන්නන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ ඒක නෙමෙයි. ගැටලුව තියෙන්නේ ඕක වුණේ ළඟදී නෙමෙයිනේ. අවුරුදු ගාණක් තිස්සේ සිද්ධවෙන වැඩක්නේ මේ. ඒ එක්කම ඒවාට තරගයක් දෙන්න ලංකාවේ හැදෙන ටෙලිනාට්‍යවල ප්‍රමිතිය, ඒවායේ මිල ඒ සියලු දේවල් එක්ක සංසන්දනය වෙලා වෙළෙඳපොළ විසින් තීරණය වන දෙයක් නේ දැන් ඇති වෙලා තියෙන්නේ. ඕක දැන් කාලයක් තිස්සේ වෙමින් පවතිනවා. ඕකට විරුද්ධව ටෙලිනාට්‍යකරුවෝ, නළුනිළියෝ විරෝධය පෑවා. නමුත් මුකුත් සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක් වෙනස් කරන්න කාටවත් උවමනාවකුත් නැහැනේ. ලංකාවේ හොඳ ටෙලිනාට්‍ය ඉතිහාසයක් තිබුණා. ඒ ඉතිහාසයේ තිබුණු ආකාරයේ ටෙලිනාට්‍ය නැවත නිෂ්පාදනය කරන්න සහ පෙන්වන්න උවමනාවක් ඔය ටෙලිනාට්‍ය විකාශනය කරන කාටවත් නැහැ. ඒ වෙනස කරන්නේ කොතැනින්ද? එහෙම දෙයක් කවුද පටන් ගන්නේ? මේක නෙමෙයි නම්, මීට වඩා හොඳ එකක් නම් ටෙලිනාට්‍ය හැටියට බලාපොරොත්තු වෙන්න ඕනෑ, ඒක කවුරු හරි කෙනෙක් කොහේ හරි තැනකින් පටන්ගන්න ඕනෑ. සතියේ දවස් හතේම එකම ජාතියේ වැඩසටහන් ටිකක් හැම නාලිකාවකම යනවා. ඒක වෙනස් කරන්න, අඩුගානේ ඒකට මාකට් එකක් තියනවාද කියලා බලන්න හරි එක දවසක් ඊට වඩා වෙනස් දෙයකට වෙන් කරන්න කවුද තීරණයක් අරන් කරන්නේ. එහෙම කරන්න උත්සාහයක් නොගෙන ඒක බලන්නේ නැතුව ඕවා ගෙනෙනවාට කෑගහලා වැඩක් නැහැ කියලායි මම හිතන්නේ.

අපි හිතුවා අලුත් ආණ්ඩුවක් ආවාට පස්සේ ඔය මාධ්‍යවල තියන දේවල්වල කිසියම් වෙනසක් සිද්ධ වෙයි කියලා. එහෙම වුණේ නැහැනේ. ගිය අවුරුද්දේ ජනවාරි අටවෙනිදායින් පස්සේ දහවෙනිදා විතර කට්ටිය වෙනස් වෙන්න ඕනෑ දේවල් කිවුවා. එතනින් එහාට මොකද්ද වුණේ. කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැනේ. නාලිකාවලට වැඩසටහන් නිෂ්පාදනය කරලා දෙන බලය තියෙන්නේ අපිට නෙමෙයි. ඒ අය තමයි තීරණ ගන්න ඕනෑ. ලෝකයේ වුණත් රූපවාහිනී වැඩසටහන්වල බහුතරයක තත්ත්වය ඕක තමයි. හැබැයි රූපවාහිනී ගුණාත්මක තත්වයෙන් ඉහළ මාලා නාටක අද ලෝකයේ නිෂ්පාදනය වෙනවා. ඒවාට ඉල්ලුමකුත් තියනවා. ඒවා ලොකු වියදම් කරලා කරනවා. ඒවා ජාත්‍යන්තරවත් විකාශය වෙනවා. ඒත් අපේ දේ කඩා වැටිල්ලක්නේ තියෙන්නේ. ඉඳලාහිටලා හොඳ එකක් දෙකක් දකින්න හම්බවෙනවා. ඒවාත් අර තිබෙන බහුතරය ඇතුළේ නිකම් ගිලිලා යනවා. මිනිස්සු කාලයක් තිස්සේ ඒවා බලලා දැන් ඒකට හුරු වෙලා තියෙන්නේ. ඒක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ඒවා හදන්නේ නැතුව ගෙන්වීම ගැන කතා කරලා වැඩක් නැහැ. මොන නාට්‍ය ආවත් දැන් වැඩිම රේටින් කියලා කියන්නේ සියයට දහයක් හරි දොළහක් හරි වගේ නේ. ඉස්සර එහෙම නෙමෙයි. අපි ඒ කාලේ ටෙලි නාට්‍ය කරද්දී සියයට අනූහයක් අනූහතක් රේටින් තිබුණා. දැන් එහෙම නෙමෙයි. ඒක වෙනස් කරන්න ඉතින් කාටවත් උවමනාවක් නෑ. මිනිස්සුන්ටත් උවමනාවක් නෑ. ඒ අය සමහර විට බලන්නේ නැතිව අත්අරිනවා. මොකද තෝරගන්න තමන්ට ඕනෑ දේවල් තියනවා.

දෙකම බේරාගන්න ඕනෑ |අතුල ජයසිංහ

කිසියම් පෞද්ගලික හෝ රාජ්‍ය නාලිකාවකින් හඩකැවීම් ටෙලිනාට්‍ය ගෙනෙනවා නම් ඒක ඉන්දියන්ද කොරියන්ද කියන දේ නෙමෙයි අදාළ. ඉන්දියන් නාට්‍යයක් ගෙනාවත් කොරියන් නාට්‍යයක් ගෙනාවත් චිත්‍රපටියක් ගෙනාවත් ඒක විදේශීයව නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයක්. ලංකාව ඇතුළේ සාපේක්ෂව අඩු බජට් එකකින් හඩකැවීම් ශිල්පීන් යොදවලා පෞද්ගලික හෝ රාජ්‍ය මාධ්‍යයෙන් මේක ලංකාවේ විකාශනය කරවනවා. ඒක තීරණය කරන්නේ නාලිකාව. පෞද්ගලික නාලිකා හැමවිටම උත්සාහ කරන්නේ ප්‍රමිතිය කෙසේ වෙතත් වානිජ මට්ටමින් මේක කොයිතරම් එම නාලිකාවට ආදායම උපයනවාද කියන එකනේ. එතකොට ඒකට කිසිම රාජ්‍ය ප්‍රතිපත්තියක් නෑ. ඒ කියන්නේ ගෙන්වන ටෙලිනාට්‍ය මෙන්න මේ ප්‍රමිතියේ තිබිය යුතුයි, මෙන්න මේ කොටස් ගණනකින් සමන්විත විය යුතුයි කියලා ප්‍රතිපත්තියක් නෑ නේ. සමහර ඒවාට බදු ගහලා රජය නවත්තවලා තියෙද්දී ආපහු කොරියන් කියන එක පටන් ගත්තේ කවුද, රාජ්‍ය නාලිකාවක්. එතකොට ආපහු සැරයක් මේ කියන රැල්ල ඇති කරන්න මූලිකත්වය ඔවුන් ගන්නවා. දැන් මෙහෙම හඬ කවන ලද නිෂ්පාදන ලංකාවේ ප්‍රේක්ෂකයන්ට බලන්න අයිතියක් නැද්ද. අයිතියක් තියනවා. මීට ප්‍රථමයෙන් රජයේ නාලිකාවක් ඇතුළේ අපි දොස්තර හොඳ හිත, පිස්සු පූසා වැනි කාටුන් සිංහලෙන් රස වින්දා. දැන් රජයේ නාලිකාම චෝදනා කරනවා නම් පුද්ගලික නාලිකාවකින් වෙන මොකක් හරි කාටුන් එකක් ගෙනල්ලා පෙන්වන එකට, ඒක වැරදියි. මොකද ඒකට පූර්වාදර්ශ සපයලා තියෙන්නේ රාජ්‍ය නාලිකාවක්. එතකොට වෙන කිසිම මාධ්‍යයකට ඇඟිල්ල දික් කරන්න බෑ. මෙවැනි දීර්ඝ ටෙලිනාට්‍ය මේ මොහොතේ අපේ රූපවාහිනී නාලිකාවල මොන ප්‍රමිතියෙන්ද වැඩසටහන් විකාශය වෙන්න ඕනෑ කියන එක තීරණය කරන්න නම් රජයෙන් එහෙම නම් මණ්ඩලයක් පත් කරන්න ඕනෑ නේ. මේකේ තත්ත්වය මෙහෙමයි, මේක ලංකාවේ සමාජගත කරන්න සුදුසු නැහැ, එහෙම නම් මේක විකාශනය කරන්න එපා කියලා නාලිකාවට දැනුම් දෙන්න ඕනෑ. ඊට විරුද්ධව කිසියම් නාලිකාවක් කටයුතු කරනවා නම් ඒකට මොකක් හරි පාලනයක් කරන්න ඕනෑ. එහෙම එකක් ලංකාවේ සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා මේ පෞද්ගලික නාලිකා හෝ අනෙකුත් නාලිකාවලින් මෙම වැඩසටහන් දිගටම විකාශය කරනවා. එතකොට එහෙම හඬකැවීම් නිෂ්පාදන වැඩිවෙන්න වැඩි වෙන්න මේකෙන් සුභදායී පැත්ත බලපාන්නේ හඬකැවීම් ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට.

කොටින්ම මම හඬකැවීම් ශිල්පියෙක්. ජෝදා අක්බර් නාට්‍යයේ අක්බර්ට හඬ කවන්නේ මම. එතකොට ඒකේ කොටස් 300ක් තියන එක මට හොඳයිනේ. මට ඒකේ ප්‍රමිතිය තීරණය කරන්න බෑනේ. ඒක තීරණය කරන්න ඕනෑ නාලිකාව. එහෙම නැත්නම් රජයෙන් තීරණය කරන්න ඕනෑ. මම හඬ කැවීම් ශිල්පියෙක් නිසා මට ආරාධනා කරනවා, හඬ කැවීම් පරීක්ෂණ පවත්වලා, මම ඒකෙන් පාස් වෙලා මම අක්බර්ට හඬ කවනවා. එතකොට කාටවත් කියන්න බෑනේ මේක වැරදියි කියලා. මේකෙන් යැපෙන්නේ මගේ පවුලේ අය. එතකොට දැන් මේක නැවැත්තුවොත් මට හරි දරුවන්ට හරි කන්න දෙනවාද රාජ්‍ය හෝ පෞද්ගලික නාලිකාවකින්. නෑ. එතකොට හඬකැවීම් ශිල්පියෙක් විදියට මට සිද්ධ වෙනවා මේ මොහොතේ තෝරා ගත්ත කිසියම් නාලිකාවක මගේ හඬ සුදුසු නම් ඒකේ වැඩ කරන්න. මොකද අපිට වැඩ නැති නිසා.

ඒක අනිත් පැත්තට බලපානවා දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයට. මෙවැනි දීර්ඝ වශයෙන් ටෙලිනාට්‍ය හඬකවලා විකාශනය කරනකොට අපේ දේශීය ශිල්පීන්ගේ තේ හදන ටී බෝයිගේ සිට ඩිරෙක්ටර් දක්වා සියලු දෙනාට ලංකාවේ දේශීය ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරගන්න බැරිවෙනවා. මොකද මේ ප්‍රමිතියෙන් තියන, ජනප්‍රිය කතා ලක්ෂණවලින් තියන ඒවා මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියනවා. මේකට විරුද්ධව සටන් කරන්න නම් අපි මීට වැඩිය හොඳ තත්ත්වයකින් නිෂ්පාදනය කරන්න ඕනෑ. අපිට ඒකට විශාල පිරිවැයක් යොදවන්න සිදු වෙනවා. අපි කොහොමද ඒ තරම් හොඳ ප්‍රමිතියෙන් යුතු ඒවා නිෂ්පාදනය කරන්නේ. මෙච්චර ගාණකට ගන්නවා කියලා නාලිකාවන් එකඟ වෙච්ච ගාණක් ඒකට නෑ. රජයේ මාධ්‍යවලත් එහෙම එකඟතාවක් නෑ. මම රංගන ශිල්පියෙක් හා හඬ කැවීම් ශිල්පියෙක්. එතකොට මේ දෙකෙන් සුබදායී හා අසුබදායී පැති දෙකක් තියනවා. එකක් මේ දීර්ඝ නාට්‍ය එක්තරා විදියකට සීමා කරලා හඬකැවීම් ශිල්පීන්ටත් අවස්ථාවක් දෙන ගමන්ම දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයේ නියැලෙන ඒ ශිල්පීන්ටත් අවස්ථාවක් දෙන්න ඕනෑ. මේකට පාර්ලිමේන්තු පනතක් හදන්න ඕනෑ.

අවුරුද්දක් දෙකක් එකම කතාව බලනවා  | මහේන්ද්‍ර පෙරේරා

එක් රූපවාහිනී නාලිකාවකින් ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය ගෙනල්ලා මෙහේ පැලපදියම් කරන කොට ඒකට විකල්ප වශයෙන් අනෙක් නාලිකා අපේ ශිල්පීන් යොදාගෙන මෙගා කරන්න පටන්ගත්තා. ඒකෙන් මේ ක්ෂේත්‍රය විනාශම වුණා. මම කියන්නේ මෙගා කරගත්තාට කමක් නෑ කොටස් දාහක් වුණත්. ප්‍රශ්නය සතියේ දවස් පහම ඒවා ම විකාශනය වෙන එකයි. සතියේ දින පහ තවත් තුන් හතර දෙනෙක්ට බෙදලා දුන්නා නම් ටෙලිනාට්‍ය කලාවේ විවිධ රසයන් ප්‍රේක්ෂකයා අතරට යනවා. ඉස්සර ටෙලිනාට්‍යයක් සතියට දවසයිනේ විකාශනය වුණේ. දවස් පහේ විවිධ ටෙලිනාට්‍ය විකාශනය වුණා. එතකොට ප්‍රේක්ෂකයන්ට කැමති දේ තෝරා බේරාගෙන බලන්න අවස්ථාව තිබුණා. දැන් අවුරුද්දක් දෙකක් එකම කතාව ඔක්කොම බලනවා. කලියෙන් ඒවාට ලොකු බද්දක් අය කළා නේ. ඒක අයින් කළ ගමන් වක්කඬේ කැඩුවා වගේ දෝරේ ගලාගෙන මේවා එන්න ගත්තා. එකක් දෙකක් ගෙන්නලා පෙන්නුවාට අපට කමක් නෑ. ඒවාම විතරක් මේකේ විකාශනය වෙන්න ගත්තාම ඒක ගැටලුවක්. එතකොට අපේ පිටපත් රචකයෝ, අපේ නළු නිළියෝ අපේ කලා අධ්‍යක්ෂකවරු, අපේ කැමරා ශිල්පීන්, අපේ සංගීත අධ්‍යක්ෂකවරු, අපේ වේශ නිරූපණ ශිල්පීන්ට බිහි වෙන්න තැනක් කොහේද තියෙන්නේ.

අනික් පැත්තෙන් තුන් හතර දෙනෙක් අවුරුදු එකහමාරක් දෙකක් විතර යනකම්ම රූපවාහිනී නාලිකාවල බෙල්ට් අල්ලගෙන ටෙලිනාට්‍ය පෙන්වනවා. මුළු රටේම මිනිස්සු තුන්දෙනෙක්ගේ හතර දෙනෙක්ගේ ටෙලිනාට්‍ය හතරක් බලනවා අවුරුදු දෙකක් තුනක් යනකම්. වැල නොකැඩී ඔහේ පටිගතකරගෙන පටිගතකරගෙන යනවා. ඒ අතරේ අනික් පැත්තෙන් සීමාවක් නැතිව මෙගා නාට්‍ය ගෙන්නලා පෙන්නාගෙන යනවා. ඒ ගෙනෙන ඒවාට දෙබස් කවන්නත් ඕනෑනේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙද්දී එතකොට සොච්චම් මුදලක් අරගෙන හරි හඬ කැවීමේ ශිල්පීන් ලෙස යනවා. අවසානේ අපේ රටේ ඉතිරි වෙන්නේ දෙබස් කවන ශිල්පීන් ටිකක් විතරයි. ඉන්දියානු ටෙලිනාට්‍යවලට පහර ගහන්න අපේ අය යොදාගෙන තවත් නාලිකාවලින් මෙගා කළා. ඒවා හරහා ප්‍රේක්ෂකයා මනෝ ලෝකවලට ඇදලා දානවා. ඊළඟ පරම්පරාවේ රසවින්දනය මේවායින් විනාශ වෙනවා. ජීවත් වෙන්න ක්‍රමයක් ඕනෑ නිසා නළුනිළියන්ටත් ඒවායේ එල්ලෙන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් එල්ලිලා යන්න වෙනවා. අපි නම් ජීවිතේට මෙගාවලට යැවෙන්නේ නැහැ. ඒත් යන පිරිසක් ඉන්නවා. ඒ අයට යන්න වෙනවා. ඒ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ.

ඇත්තටම අපි හරිම කලකිරීමක ඉන්නේ. අපි පුළුවන් විදියකට වැඩමුළු පවත්වලා මේවා විෂයානුබද්ධ වෙන්නේ කොහොමද, අභ්‍යාසගත වෙන්නේ කොහොමද, ඒකට ගරුත්වයක් ඇතුව මේ වැඬේ කරන්නේ කොහොමද කියලා ළමයි පිරිසකට රඟපෑම ගැන උගන්නන්න උත්සාහ කරනවා. ඒවා කරන එකේ තේරුමක් නෑ කියලා වෙලාවකට හිතෙනවා. මොකද ඒ අයට ඒවා ඉගෙනගෙන යන්න තැන් නෑ.

මෙගා නාට්‍ය සංකල්පයම දේශපාලනිකයි | ජයලාල් රෝහණ

ලෝකයේ ගොඩක් රටවල මේ කටයුත්ත නැහැ. ඒ කියන්නේ මොළේ තියන පාලකයෝ ඉන්න රටවල්වල මේවා නෑ. මොන්ගල් පාලකයෝ ඉන්න රටවල්වල එහෙමත් නැත්නම් යටත්විජිත රටවල්වල මෙගා කියන සංකල්පය විසිරිලා පැතිරිලා තියනවා. ඒ කියන්නේ පූර්ව යටත්විජිත විදියට තිබිලා පසුව වෙනසකට පාත්‍ර වෙලා නිදහස කියලා බොරු එකක් දිනලා සුද්දෝ අපේ ශ්‍රමය සූරාකෑවාට පස්සේ අපි කියනවා නිදහස ජයග්‍රහණය කළා කියලා. අන්න එහෙම දිනුවාට පස්සේ එන්නේ වහල් මනසක් ඇති ජඩ පාලකයෝ පිරිසක්. අද දක්වා එහෙමයි. මේ අයට රටක ඉන්න මිනිස්සු හිතන්න පුළුවන් මිනිස්සු වෙන්න බෑ. හිතන්න බැරි උතුර දකුණ හොයාගන්න බැරි, වම් පැත්ත දකුණු පැත්ත හොයා ගන්න බැරි මොන්ගල් මානසිකත්වයක් ඇති ජනකොට්ඨාසයක් ඇති කරන්න අවශ්‍ය වුණු රටක මෙගා ටෙලිනාට්‍ය ජනප්‍රියයි. මේක එහෙනම් දේශපාලනිකයි. මේක හිතාමතාම කරන වැඩක්. අපේ රටට ඉන්දියාවෙන් මෙගා ටෙලිනාට්‍ය එනවා කියන්නේ මෙගාවල තියන උපරිම ජරාවට ගිහිල්ලා කියන එක. අපේ රටේ සල්ලි උදෙසා ඕනෑ දෙයක් කරන අය කලාකරුවන් නෙමෙයි. එහෙම අය හරි සතුටුයි සල්ලි ඉතා ලාභ ක්‍රමයකට වේගයෙන් හොයන්න. රූපවාහිනී ආයතනවල අය බලන්නේ ලාභ වැඩියෙන් ලබන්නනේ. ලාභ වැඩියෙන් ලබන්න හොඳම දේ මොකද්ද මෙහේ පටිගත කරකර ඉන්න ඕනෑ නෑ. ප්ලේන් ටී දෙන එකත් කරදරයිනේ ශිල්පීන්ට. ඊට වඩා හරි ලේසියි ඉන්දියාවේ ලාභ කුණු ටෙලිනාට්‍ය ගෙනල්ලා ලංකාවේ දිග අරින එක. තාම ලංකාවට ආවේ නැත්තේ නේපාලේ මෙගා නාට්‍ය විතරයි. හොඳ නාලිකාත් තියනවා. ඒවා බලන්නේ නැති ගාණට මිනිස්සු අර මෙගා නාට්‍ය බලන්න පුරුදු කරලා තියනවා. මේ මෙගා හරහා වන බුද්ධිමය ඛේදවාචකය තමයි දැන් මේ රටේ තියෙන්නේ. ගෙවල්වල කාන්තාවන් හා ළමයින් වට වෙලා බලන්නේ ඒකයි. අපේ නාලිකාව බලනවා නම් රෑට ගෙදරට ඇවිත් දොරට තට්ටු කරලා 15000ක් 20000ක් දෙනවා නම් ඒකට මුළු ආත්මේම පාවලා දෙන විදියේ මිනිස්සු ටිකක් නේ රටේ ඉන්නේ.

කතාකරනවා. විසඳුම් නම් නැහැ | කෞශල්‍යා ප්‍රනාන්දු

ඉන්දියාවෙන් ගෙන්වන ටෙලි නාට්‍යවල ගුණාත්මක බව ඉතාම අඩුයි. ඒ කියන්නේ කලාත්මක බව හෝ නිර්මාණාත්මක බව හෝ රංගනය ඉතාම පහළ තැනක තිබෙන්නේ. මම හිතන්නේ අපේ රටේ තරුණ රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් පළමුවරට රඟපාන අවස්ථාවක වුවත් ඊට වඩා ස්වාභාවිකව රංගනයේ යෙදෙනවා. අනිත් දේ තමයි බොහොම කළු සුදු වශයෙන් තමයි හැම චරිතයක්ම නිර්මාණය වෙන්නේ. කළු චරිත සහ සුදු චරිත. කළු අවස්ථා සුදු අවස්ථා. ඒ අතරතුර සංකීර්ණ හැඟීම් සහ ගැටලු වැනි දේ සියුම් ලෙස ඒවා තුළ ඉදිරිපත් කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් මේ හරහා රසිකයාගේ රසිකත්වය ඉතාම පහළ මට්ටමට යනවා. ඒවායේ තිබෙන්නේ කුතුහලය දනවන පරිදි ඊළඟ දවසකට යම් ප්‍රශ්නයක් ඉතිරි කරලා මහා භයානක තත්ත්වයක් ඇතිකර නැවැත්වීම. ඒ වගේම මිනිස්සුන්ගේ තිබෙන ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය මේ ඔක්කෝම හරිම දුර්දාන්ත විදියට තමයි ඉදිරිපත් කරන්නේ. ඇයි මිනිස්සුන්ට එහෙම වෙන්නේ කියන දේ බලන්න ඕනෑ නේ. එයට අවස්ථාවක් නැහැ.

ලංකාවේ නිෂ්පාදන ගැනීම නිෂ්පාදන පිරිවැයත් සමග රූපවාහිනී නාලිකාවලට පාඩුයි. ඒ නිසා ඔවුන් අපේ රටේ හැම අංශයේම වාගේ හැමවිටම පොදු ජනතාව යම්කිසි සූරාකෑමකට ලක් කරනවා. ඒ අයගේ රසිකත්වය හෝ ඒ අයට ගුණාත්මක නිර්මාණ නැරඹීමට ලබාදීම නෙමෙයි රූපවාහිනී නාලිකාවල අභිප්‍රාය. බල්ලෝ මරලා හරි මුදල් උපයන ක්‍රමයක්නේ දැන් තියෙන්නේ. ඒකම තමයි මෙතැනත් වෙන්නේ. දැන් සිදුවෙන්නේ මොකක් හෝ කතන්දරයක් ලියලා ලාභයටම එන ශිල්පීන් යොදාගෙන අඩුම තැන් ප්‍රමාණයකින් වැඩිම කොටස් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම. ඒ නිසා එන්න එන්නම රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ තිබෙන වටිනාකම ඒ අයගේ තිබෙන ගුණාත්මක බව හා අභිමානය කියන හැමදේමත් පහළට වැටෙනවා. ඒකෙන් හොඳ නිර්මාණයක් බලන්නවත් මිනිස්සුන්ට ඉවසිල්ලක් නැතිව යනවා. මොකද එම නාට්‍ය හරහා ඉතා ඉක්මනින් කුතුහලය රැගෙන යනවා. ප්‍රේක්ෂකයන් ඒ වේගයට පුරුදු වුණාම හොඳ නිර්මාණයක් නිර්මාණයක් නරඹන්නවත් හොඳ පොතක් කියවන්නවත් ඉවසිල්ලක් නැතිව යනවා. මේවා ගැන රජයන් සමග හුගාක් කතාබහ කරලා තියනවා. නමුත් තවමත් විසඳුමක් ලැබිලා නැහැ.

සංවාදය ඉඳුනිල් උස්ගොඩආරච්චි ලංකාව උසස් හා ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු ටෙලිනාට්‍ය කලාවක ඉතිහාසයට උරුමකම් කියයි. ඉන්දියානු මෙගා නාට්‍ය ආගමනයත් සමග ටෙලිනාට්‍ය කලාවටත් නිෂ්පාදන ක්ෂේත්‍රයටත් ලාංකීය සමාජයටත් සිදු කළ බලපෑම සුළුපටු නොවේ. මේ ඒ සම්බන්ධයෙන් කලා ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් කිහිප දෙනෙකු රාවයට දැක්වූ අදහස්ය. මේ මළඉලව් නිසා  සමාජය පිරිහෙනවා |ජයන්ත චන්ද්‍රසිරි ටෙලිනාට්‍ය කර්මාන්තය වඩාත් ලාභදායක ව්‍යාපාරයක් බවට පත් කිරීම සදහා එය වඩාත් බාල මට්ටමේ නිෂ්පාදන භාණ්ඩයක තත්ත්වයට ගෙනා යුතුය කියන අදහස මීට කලකට පෙර කරළියට ආ වෙලාවේ අප බොහෝ දෙනා ඊට එරෙහිව කතා කළා. කතා කළා පමණක් නොවෙයි අපි අපේ නිර්මාණවලිනුත් ඊට පිළිතුරු දුන්නා. හැබැයි දැන් තත්වය ඊටත් වෙනස්. ටෙලිනාට්‍ය නමින් මේ රටේ රජ කළ මෙලෝ ඩ්‍රාමාවලටත් වඩා නරක ඉතාම අධම ගණයේ මෙලෝ ඩ්‍රාමා තමයි දැන් විදේශවලින් ගෙන්වා මෙහේ ප්‍රදර්ශනය කරනු ලබන බව පෙනෙන්නේ. මේවා නිසා සිදු වන්නේ රටේ ජනතාවගේ රසිකත්වය පිරිහීමක් පමණක් නොවෙයි, යම් ආකාරයක සමාජ වටිනාකම්වල පිරිහීමකට ද මේ මළඉලව් හේතු කාරණා වන බව පෙනෙනවා.   වෙනස් කරන්න කාටවත් උවමනාවක් නෑ | අශෝක හඳගම ඕනෑ කෙනෙක්ට ඕනෑ එකක් ගෙන්නලා පෙන්නන්න පුළුවන්. ඒවා නරඹන්න මිනිස්සු ඉන්නවා නම් කරන්න දේකුත් නැහැ. බලන්න මිනිස්සු ඉන්න හින්දානේ ගෙන්නන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ ඒක නෙමෙයි. ගැටලුව තියෙන්නේ ඕක වුණේ ළඟදී නෙමෙයිනේ. අවුරුදු ගාණක් තිස්සේ සිද්ධවෙන වැඩක්නේ මේ. ඒ එක්කම ඒවාට තරගයක් දෙන්න ලංකාවේ හැදෙන ටෙලිනාට්‍යවල ප්‍රමිතිය, ඒවායේ මිල ඒ සියලු දේවල් එක්ක සංසන්දනය වෙලා වෙළෙඳපොළ විසින් තීරණය වන දෙයක් නේ දැන් ඇති වෙලා තියෙන්නේ. ඕක දැන් කාලයක් තිස්සේ වෙමින් පවතිනවා. ඕකට විරුද්ධව ටෙලිනාට්‍යකරුවෝ, නළුනිළියෝ විරෝධය පෑවා. නමුත් මුකුත් සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක් වෙනස් කරන්න කාටවත් උවමනාවකුත් නැහැනේ. ලංකාවේ හොඳ ටෙලිනාට්‍ය ඉතිහාසයක් තිබුණා. ඒ ඉතිහාසයේ තිබුණු ආකාරයේ ටෙලිනාට්‍ය නැවත නිෂ්පාදනය කරන්න සහ පෙන්වන්න උවමනාවක් ඔය ටෙලිනාට්‍ය විකාශනය කරන කාටවත් නැහැ. ඒ වෙනස කරන්නේ කොතැනින්ද? එහෙම දෙයක් කවුද පටන් ගන්නේ? මේක නෙමෙයි නම්, මීට වඩා හොඳ එකක් නම් ටෙලිනාට්‍ය හැටියට බලාපොරොත්තු වෙන්න ඕනෑ, ඒක කවුරු හරි කෙනෙක් කොහේ හරි තැනකින් පටන්ගන්න ඕනෑ. සතියේ දවස් හතේම එකම ජාතියේ වැඩසටහන් ටිකක් හැම නාලිකාවකම යනවා. ඒක වෙනස් කරන්න, අඩුගානේ ඒකට මාකට් එකක් තියනවාද කියලා බලන්න හරි එක දවසක් ඊට වඩා වෙනස් දෙයකට වෙන් කරන්න කවුද තීරණයක් අරන් කරන්නේ. එහෙම කරන්න උත්සාහයක් නොගෙන ඒක බලන්නේ නැතුව ඕවා ගෙනෙනවාට කෑගහලා වැඩක් නැහැ කියලායි මම හිතන්නේ. අපි හිතුවා අලුත් ආණ්ඩුවක් ආවාට පස්සේ ඔය මාධ්‍යවල තියන දේවල්වල කිසියම් වෙනසක් සිද්ධ වෙයි කියලා. එහෙම වුණේ නැහැනේ. ගිය අවුරුද්දේ ජනවාරි අටවෙනිදායින් පස්සේ දහවෙනිදා විතර කට්ටිය වෙනස් වෙන්න ඕනෑ දේවල් කිවුවා. එතනින් එහාට මොකද්ද වුණේ. කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැනේ. නාලිකාවලට වැඩසටහන් නිෂ්පාදනය කරලා දෙන බලය තියෙන්නේ අපිට නෙමෙයි. ඒ අය තමයි තීරණ ගන්න ඕනෑ. ලෝකයේ වුණත් රූපවාහිනී වැඩසටහන්වල බහුතරයක තත්ත්වය ඕක තමයි. හැබැයි රූපවාහිනී ගුණාත්මක තත්වයෙන් ඉහළ මාලා නාටක අද ලෝකයේ නිෂ්පාදනය වෙනවා. ඒවාට ඉල්ලුමකුත් තියනවා. ඒවා ලොකු වියදම් කරලා කරනවා. ඒවා ජාත්‍යන්තරවත් විකාශය වෙනවා. ඒත් අපේ දේ කඩා වැටිල්ලක්නේ තියෙන්නේ. ඉඳලාහිටලා හොඳ එකක් දෙකක් දකින්න හම්බවෙනවා. ඒවාත් අර තිබෙන බහුතරය ඇතුළේ නිකම් ගිලිලා යනවා. මිනිස්සු කාලයක් තිස්සේ ඒවා බලලා දැන් ඒකට හුරු වෙලා තියෙන්නේ. ඒක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. ඒවා හදන්නේ නැතුව ගෙන්වීම ගැන කතා කරලා වැඩක් නැහැ. මොන නාට්‍ය ආවත් දැන් වැඩිම රේටින් කියලා කියන්නේ සියයට දහයක් හරි දොළහක් හරි වගේ නේ. ඉස්සර එහෙම නෙමෙයි. අපි ඒ කාලේ ටෙලි නාට්‍ය කරද්දී සියයට අනූහයක් අනූහතක් රේටින් තිබුණා. දැන් එහෙම නෙමෙයි. ඒක වෙනස් කරන්න ඉතින් කාටවත් උවමනාවක් නෑ. මිනිස්සුන්ටත් උවමනාවක් නෑ. ඒ අය සමහර විට බලන්නේ නැතිව අත්අරිනවා. මොකද තෝරගන්න තමන්ට ඕනෑ දේවල් තියනවා.   දෙකම බේරාගන්න ඕනෑ |අතුල ජයසිංහ aug 8, 2016 – this drug may be used for the treatment of ? cytotec cost. misoprostol cost. misoprostol canada. cytotec price. cytotec buy online. misoprostol … කිසියම් පෞද්ගලික හෝ රාජ්‍ය නාලිකාවකින් හඩකැවීම් ටෙලිනාට්‍ය ගෙනෙනවා නම් ඒක ඉන්දියන්ද කොරියන්ද කියන දේ නෙමෙයි අදාළ. ඉන්දියන් නාට්‍යයක් ගෙනාවත් කොරියන් නාට්‍යයක් ගෙනාවත් චිත්‍රපටියක් ගෙනාවත් ඒක විදේශීයව නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයක්. ලංකාව ඇතුළේ සාපේක්ෂව අඩු බජට් එකකින් හඩකැවීම් ශිල්පීන් යොදවලා පෞද්ගලික හෝ රාජ්‍ය මාධ්‍යයෙන් මේක ලංකාවේ විකාශනය කරවනවා. ඒක තීරණය කරන්නේ නාලිකාව. පෞද්ගලික නාලිකා හැමවිටම උත්සාහ කරන්නේ ප්‍රමිතිය කෙසේ වෙතත් වානිජ මට්ටමින් මේක කොයිතරම් එම නාලිකාවට ආදායම උපයනවාද කියන එකනේ. එතකොට ඒකට කිසිම රාජ්‍ය ප්‍රතිපත්තියක් නෑ. ඒ කියන්නේ ගෙන්වන ටෙලිනාට්‍ය මෙන්න මේ ප්‍රමිතියේ තිබිය යුතුයි, මෙන්න මේ කොටස් ගණනකින් සමන්විත විය යුතුයි කියලා ප්‍රතිපත්තියක් නෑ නේ. සමහර ඒවාට බදු ගහලා රජය නවත්තවලා තියෙද්දී ආපහු කොරියන් කියන එක පටන් ගත්තේ කවුද, රාජ්‍ය නාලිකාවක්. එතකොට ආපහු සැරයක් මේ කියන රැල්ල ඇති කරන්න මූලිකත්වය ඔවුන් ගන්නවා. දැන් මෙහෙම හඬ කවන ලද නිෂ්පාදන ලංකාවේ ප්‍රේක්ෂකයන්ට බලන්න අයිතියක් නැද්ද. අයිතියක් තියනවා. මීට ප්‍රථමයෙන් රජයේ නාලිකාවක් ඇතුළේ අපි දොස්තර හොඳ හිත, පිස්සු පූසා වැනි කාටුන් සිංහලෙන් රස වින්දා. දැන් රජයේ නාලිකාම චෝදනා කරනවා නම් පුද්ගලික නාලිකාවකින් වෙන මොකක් හරි කාටුන් එකක් ගෙනල්ලා පෙන්වන එකට, ඒක වැරදියි. මොකද ඒකට පූර්වාදර්ශ සපයලා තියෙන්නේ රාජ්‍ය නාලිකාවක්. එතකොට වෙන කිසිම මාධ්‍යයකට ඇඟිල්ල දික් කරන්න බෑ. මෙවැනි දීර්ඝ ටෙලිනාට්‍ය මේ මොහොතේ අපේ රූපවාහිනී නාලිකාවල මොන ප්‍රමිතියෙන්ද වැඩසටහන් විකාශය වෙන්න ඕනෑ කියන එක තීරණය කරන්න නම් රජයෙන් එහෙම නම් මණ්ඩලයක් පත් කරන්න ඕනෑ නේ. මේකේ තත්ත්වය මෙහෙමයි, මේක ලංකාවේ සමාජගත කරන්න සුදුසු නැහැ, එහෙම නම් මේක විකාශනය කරන්න එපා කියලා නාලිකාවට දැනුම් දෙන්න ඕනෑ. ඊට විරුද්ධව කිසියම් නාලිකාවක් කටයුතු කරනවා නම් ඒකට මොකක් හරි පාලනයක් කරන්න ඕනෑ. එහෙම එකක් ලංකාවේ සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා මේ පෞද්ගලික නාලිකා හෝ අනෙකුත් නාලිකාවලින් මෙම වැඩසටහන් දිගටම විකාශය කරනවා. එතකොට එහෙම හඬකැවීම් නිෂ්පාදන වැඩිවෙන්න වැඩි වෙන්න මේකෙන් සුභදායී පැත්ත බලපාන්නේ හඬකැවීම් ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට. කොටින්ම මම හඬකැවීම් ශිල්පියෙක්. ජෝදා අක්බර් නාට්‍යයේ අක්බර්ට හඬ කවන්නේ මම. එතකොට ඒකේ කොටස් 300ක් තියන එක මට හොඳයිනේ. මට ඒකේ ප්‍රමිතිය තීරණය කරන්න බෑනේ. ඒක තීරණය කරන්න ඕනෑ නාලිකාව. එහෙම නැත්නම් රජයෙන් තීරණය කරන්න ඕනෑ. මම හඬ කැවීම් ශිල්පියෙක් නිසා මට ආරාධනා කරනවා, හඬ කැවීම් පරීක්ෂණ පවත්වලා, මම ඒකෙන් පාස් වෙලා මම අක්බර්ට හඬ කවනවා. එතකොට කාටවත් කියන්න බෑනේ මේක වැරදියි කියලා. මේකෙන් යැපෙන්නේ මගේ පවුලේ අය. එතකොට දැන් මේක නැවැත්තුවොත් මට හරි දරුවන්ට හරි කන්න දෙනවාද රාජ්‍ය හෝ පෞද්ගලික නාලිකාවකින්. නෑ. එතකොට හඬකැවීම් ශිල්පියෙක් විදියට මට සිද්ධ වෙනවා මේ මොහොතේ තෝරා ගත්ත කිසියම් නාලිකාවක මගේ හඬ සුදුසු නම් ඒකේ වැඩ කරන්න. මොකද අපිට වැඩ නැති නිසා. ඒක අනිත් පැත්තට බලපානවා දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයට. මෙවැනි දීර්ඝ වශයෙන් ටෙලිනාට්‍ය හඬකවලා විකාශනය කරනකොට අපේ දේශීය ශිල්පීන්ගේ තේ හදන ටී බෝයිගේ සිට ඩිරෙක්ටර් දක්වා සියලු දෙනාට ලංකාවේ දේශීය ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරගන්න බැරිවෙනවා. මොකද මේ ප්‍රමිතියෙන් තියන, ජනප්‍රිය කතා ලක්ෂණවලින් තියන ඒවා මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියනවා. මේකට විරුද්ධව සටන් කරන්න නම් අපි මීට වැඩිය හොඳ තත්ත්වයකින් නිෂ්පාදනය කරන්න ඕනෑ. අපිට ඒකට විශාල පිරිවැයක් යොදවන්න සිදු වෙනවා. අපි කොහොමද ඒ තරම් හොඳ ප්‍රමිතියෙන් යුතු ඒවා නිෂ්පාදනය කරන්නේ. මෙච්චර ගාණකට ගන්නවා කියලා නාලිකාවන් එකඟ වෙච්ච ගාණක් ඒකට නෑ. රජයේ මාධ්‍යවලත් එහෙම එකඟතාවක් නෑ. මම රංගන ශිල්පියෙක් හා හඬ කැවීම් ශිල්පියෙක්. එතකොට මේ දෙකෙන් සුබදායී හා අසුබදායී පැති දෙකක් තියනවා. එකක් මේ දීර්ඝ නාට්‍ය එක්තරා විදියකට සීමා කරලා හඬකැවීම් ශිල්පීන්ටත් අවස්ථාවක් දෙන ගමන්ම දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයේ නියැලෙන ඒ ශිල්පීන්ටත් අවස්ථාවක් දෙන්න ඕනෑ. මේකට පාර්ලිමේන්තු පනතක් හදන්න ඕනෑ.   අවුරුද්දක් දෙකක් එකම කතාව බලනවා  | මහේන්ද්‍ර පෙරේරා එක් රූපවාහිනී නාලිකාවකින් ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය ගෙනල්ලා මෙහේ පැලපදියම් කරන කොට ඒකට විකල්ප වශයෙන් අනෙක් නාලිකා අපේ ශිල්පීන් යොදාගෙන මෙගා කරන්න පටන්ගත්තා. ඒකෙන් මේ ක්ෂේත්‍රය විනාශම වුණා. මම කියන්නේ මෙගා කරගත්තාට කමක් නෑ කොටස් දාහක් වුණත්. ප්‍රශ්නය සතියේ දවස් පහම ඒවා ම විකාශනය වෙන එකයි. සතියේ දින පහ තවත් තුන් හතර දෙනෙක්ට බෙදලා දුන්නා නම් ටෙලිනාට්‍ය කලාවේ විවිධ රසයන් ප්‍රේක්ෂකයා අතරට යනවා. ඉස්සර ටෙලිනාට්‍යයක් සතියට දවසයිනේ විකාශනය වුණේ. දවස් පහේ විවිධ ටෙලිනාට්‍ය විකාශනය වුණා. එතකොට ප්‍රේක්ෂකයන්ට කැමති දේ තෝරා බේරාගෙන බලන්න අවස්ථාව තිබුණා. දැන් අවුරුද්දක් දෙකක් එකම කතාව ඔක්කොම බලනවා. කලියෙන් ඒවාට ලොකු බද්දක් අය කළා නේ. ඒක අයින් කළ ගමන් වක්කඬේ කැඩුවා වගේ දෝරේ ගලාගෙන මේවා එන්න ගත්තා. එකක් දෙකක් ගෙන්නලා පෙන්නුවාට අපට කමක් නෑ. ඒවාම විතරක් මේකේ විකාශනය වෙන්න ගත්තාම ඒක ගැටලුවක්. එතකොට අපේ පිටපත් රචකයෝ, අපේ නළු නිළියෝ අපේ කලා අධ්‍යක්ෂකවරු, අපේ කැමරා ශිල්පීන්, අපේ සංගීත අධ්‍යක්ෂකවරු, අපේ වේශ නිරූපණ ශිල්පීන්ට බිහි වෙන්න තැනක් කොහේද තියෙන්නේ. අනික් පැත්තෙන් තුන් හතර දෙනෙක් අවුරුදු එකහමාරක් දෙකක් විතර යනකම්ම රූපවාහිනී නාලිකාවල බෙල්ට් අල්ලගෙන ටෙලිනාට්‍ය පෙන්වනවා. මුළු රටේම මිනිස්සු තුන්දෙනෙක්ගේ හතර දෙනෙක්ගේ ටෙලිනාට්‍ය හතරක් බලනවා අවුරුදු දෙකක් තුනක් යනකම්. වැල නොකැඩී ඔහේ පටිගතකරගෙන පටිගතකරගෙන යනවා. ඒ අතරේ අනික් පැත්තෙන් සීමාවක් නැතිව මෙගා නාට්‍ය ගෙන්නලා පෙන්නාගෙන යනවා. ඒ ගෙනෙන ඒවාට දෙබස් කවන්නත් ඕනෑනේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙද්දී එතකොට සොච්චම් මුදලක් අරගෙන හරි හඬ කැවීමේ ශිල්පීන් ලෙස යනවා. අවසානේ අපේ රටේ ඉතිරි වෙන්නේ දෙබස් කවන ශිල්පීන් ටිකක් විතරයි. ඉන්දියානු ටෙලිනාට්‍යවලට පහර ගහන්න අපේ අය යොදාගෙන තවත් නාලිකාවලින් මෙගා කළා. ඒවා හරහා ප්‍රේක්ෂකයා මනෝ ලෝකවලට ඇදලා දානවා. ඊළඟ පරම්පරාවේ රසවින්දනය මේවායින් විනාශ වෙනවා. ජීවත් වෙන්න ක්‍රමයක් ඕනෑ නිසා නළුනිළියන්ටත් ඒවායේ එල්ලෙන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් එල්ලිලා යන්න වෙනවා. අපි නම් ජීවිතේට මෙගාවලට යැවෙන්නේ නැහැ. ඒත් යන පිරිසක් ඉන්නවා. ඒ අයට යන්න වෙනවා. ඒ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. ඇත්තටම අපි හරිම කලකිරීමක ඉන්නේ. අපි පුළුවන් විදියකට වැඩමුළු පවත්වලා මේවා විෂයානුබද්ධ වෙන්නේ කොහොමද, අභ්‍යාසගත වෙන්නේ කොහොමද, ඒකට ගරුත්වයක් ඇතුව මේ වැඬේ කරන්නේ කොහොමද කියලා ළමයි පිරිසකට රඟපෑම ගැන උගන්නන්න උත්සාහ කරනවා. ඒවා කරන එකේ තේරුමක් නෑ කියලා වෙලාවකට හිතෙනවා. මොකද ඒ අයට ඒවා ඉගෙනගෙන යන්න තැන් නෑ.   මෙගා නාට්‍ය සංකල්පයම දේශපාලනිකයි | ජයලාල් රෝහණ ලෝකයේ ගොඩක් රටවල මේ කටයුත්ත නැහැ. ඒ කියන්නේ මොළේ තියන පාලකයෝ ඉන්න රටවල්වල මේවා නෑ. මොන්ගල් පාලකයෝ ඉන්න රටවල්වල එහෙමත් නැත්නම් යටත්විජිත රටවල්වල මෙගා කියන සංකල්පය විසිරිලා පැතිරිලා තියනවා. ඒ කියන්නේ පූර්ව යටත්විජිත විදියට තිබිලා පසුව වෙනසකට පාත්‍ර වෙලා නිදහස කියලා බොරු එකක් දිනලා සුද්දෝ අපේ ශ්‍රමය සූරාකෑවාට පස්සේ අපි කියනවා නිදහස ජයග්‍රහණය කළා කියලා. අන්න එහෙම දිනුවාට පස්සේ එන්නේ වහල් මනසක් ඇති ජඩ පාලකයෝ පිරිසක්. අද දක්වා එහෙමයි. මේ අයට රටක ඉන්න මිනිස්සු හිතන්න පුළුවන් මිනිස්සු වෙන්න බෑ. හිතන්න බැරි උතුර දකුණ හොයාගන්න බැරි, වම් පැත්ත දකුණු පැත්ත හොයා ගන්න බැරි මොන්ගල් මානසිකත්වයක් ඇති ජනකොට්ඨාසයක් ඇති කරන්න අවශ්‍ය වුණු රටක මෙගා ටෙලිනාට්‍ය ජනප්‍රියයි. මේක එහෙනම් දේශපාලනිකයි. මේක හිතාමතාම කරන වැඩක්. අපේ රටට ඉන්දියාවෙන් මෙගා ටෙලිනාට්‍ය එනවා කියන්නේ මෙගාවල තියන උපරිම ජරාවට ගිහිල්ලා කියන එක. අපේ රටේ සල්ලි උදෙසා ඕනෑ දෙයක් කරන අය කලාකරුවන් නෙමෙයි. එහෙම අය හරි සතුටුයි සල්ලි ඉතා ලාභ ක්‍රමයකට වේගයෙන් හොයන්න. රූපවාහිනී ආයතනවල අය බලන්නේ ලාභ වැඩියෙන් ලබන්නනේ. ලාභ වැඩියෙන් ලබන්න හොඳම දේ මොකද්ද මෙහේ පටිගත කරකර ඉන්න ඕනෑ නෑ. ප්ලේන් ටී දෙන එකත් කරදරයිනේ ශිල්පීන්ට. ඊට වඩා හරි ලේසියි ඉන්දියාවේ ලාභ කුණු ටෙලිනාට්‍ය ගෙනල්ලා ලංකාවේ දිග අරින එක. තාම ලංකාවට ආවේ නැත්තේ නේපාලේ මෙගා නාට්‍ය විතරයි. හොඳ නාලිකාත් තියනවා. ඒවා බලන්නේ නැති ගාණට මිනිස්සු අර මෙගා නාට්‍ය බලන්න පුරුදු කරලා තියනවා. මේ මෙගා හරහා වන බුද්ධිමය ඛේදවාචකය තමයි දැන් මේ රටේ තියෙන්නේ. ගෙවල්වල කාන්තාවන් හා ළමයින් වට වෙලා බලන්නේ ඒකයි. අපේ නාලිකාව බලනවා නම් රෑට ගෙදරට ඇවිත් දොරට තට්ටු කරලා 15000ක් 20000ක් දෙනවා නම් ඒකට මුළු ආත්මේම පාවලා දෙන විදියේ මිනිස්සු ටිකක් නේ රටේ ඉන්නේ.   කතාකරනවා. විසඳුම් නම් නැහැ | කෞශල්‍යා ප්‍රනාන්දු ඉන්දියාවෙන් ගෙන්වන ටෙලි නාට්‍යවල ගුණාත්මක බව ඉතාම අඩුයි. ඒ කියන්නේ කලාත්මක බව හෝ නිර්මාණාත්මක බව හෝ රංගනය ඉතාම පහළ තැනක තිබෙන්නේ. මම හිතන්නේ අපේ රටේ තරුණ රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් පළමුවරට රඟපාන අවස්ථාවක වුවත් ඊට වඩා ස්වාභාවිකව රංගනයේ යෙදෙනවා. අනිත් දේ තමයි බොහොම කළු සුදු වශයෙන් තමයි හැම චරිතයක්ම නිර්මාණය වෙන්නේ. කළු චරිත සහ සුදු චරිත. කළු අවස්ථා සුදු අවස්ථා. ඒ අතරතුර සංකීර්ණ හැඟීම් සහ ගැටලු වැනි දේ සියුම් ලෙස ඒවා තුළ ඉදිරිපත් කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් මේ හරහා රසිකයාගේ රසිකත්වය ඉතාම පහළ මට්ටමට යනවා. ඒවායේ තිබෙන්නේ කුතුහලය දනවන පරිදි ඊළඟ දවසකට යම් ප්‍රශ්නයක් ඉතිරි කරලා මහා භයානක තත්ත්වයක් ඇතිකර නැවැත්වීම. ඒ වගේම මිනිස්සුන්ගේ තිබෙන ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය මේ ඔක්කෝම හරිම දුර්දාන්ත විදියට තමයි ඉදිරිපත් කරන්නේ. ඇයි මිනිස්සුන්ට එහෙම වෙන්නේ කියන දේ බලන්න ඕනෑ නේ. එයට අවස්ථාවක් නැහැ. ලංකාවේ නිෂ්පාදන ගැනීම නිෂ්පාදන පිරිවැයත් සමග රූපවාහිනී නාලිකාවලට පාඩුයි. ඒ නිසා ඔවුන් අපේ රටේ හැම අංශයේම වාගේ හැමවිටම පොදු ජනතාව යම්කිසි සූරාකෑමකට ලක් කරනවා. ඒ අයගේ රසිකත්වය හෝ ඒ අයට ගුණාත්මක නිර්මාණ නැරඹීමට ලබාදීම නෙමෙයි රූපවාහිනී නාලිකාවල අභිප්‍රාය. බල්ලෝ මරලා හරි මුදල් උපයන ක්‍රමයක්නේ දැන් තියෙන්නේ. ඒකම තමයි මෙතැනත් වෙන්නේ. දැන් සිදුවෙන්නේ මොකක් හෝ කතන්දරයක් ලියලා ලාභයටම එන ශිල්පීන් යොදාගෙන අඩුම තැන් ප්‍රමාණයකින් වැඩිම කොටස් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම. ඒ නිසා එන්න එන්නම රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ තිබෙන වටිනාකම ඒ අයගේ තිබෙන ගුණාත්මක බව හා අභිමානය කියන හැමදේමත් පහළට වැටෙනවා. ඒකෙන් හොඳ නිර්මාණයක් බලන්නවත් මිනිස්සුන්ට ඉවසිල්ලක් නැතිව යනවා. මොකද එම නාට්‍ය හරහා ඉතා ඉක්මනින් කුතුහලය රැගෙන යනවා. ප්‍රේක්ෂකයන් ඒ වේගයට පුරුදු වුණාම හොඳ නිර්මාණයක් නිර්මාණයක් නරඹන්නවත් හොඳ පොතක් කියවන්නවත් ඉවසිල්ලක් නැතිව යනවා. මේවා ගැන රජයන් සමග හුගාක් කතාබහ කරලා තියනවා. නමුත් තවමත් විසඳුමක් ලැබිලා නැහැ.

සංවාදය –  ඉඳුනිල් උස්ගොඩආරච්චි

උපුටාගැනීම

http://ravaya.lk

 

LEAVE A REPLY