ඔවුන් එම දැරියන් 276 දෙනාවම දූෂණය කළහ. – උපාලි ජයසිංහ

0
120

හිටිලර්ගේ කෘෘර නාසි වධකාගාර අතීතයට අයත්ය. මුලධර්මවාදී ඉස්ලාමි සංවිධානවල වධකාගාර වර්තමාණයට අයත්ය. අනාගත ලෝකයාට වධකාගාර යනු සාමාන්‍යයක් විය හැක
==================================================
මුලධර්මවාදී බෝකෝ හරාමි ඡිහාඩි සංවිධානය වසර ගණනක් තිස්සේ නයිඡිරියාව තුල මුලධර්මවාදී ඉස්ලාමි රාඡ්‍යයක් පිහිටුවීම සදහා සටන් වදියි .එකී සටන් වලදී මියගිය සාමාන්‍ය ඡනතාව 20 දහසකි. අවතැන් වු සංඛ්‍යාව මිලියන 2 යි දශම තුනකි. නයිඡිරියාවෙි කදුකර පෙදෙස්වල බලය අල්ලාගෙන සිටින ඔවුහු කදුකර දේශසීමාවන් හරහා චැඩි. නයිඡ්ර් හා කැමරෑන් රාඡ්‍යය තෙක් සිය සංවිධානය ව්‍යාප්ත කරමින් සිටී

2014 අප්‍රේල් 14 දින නියඡිරියාවෙි චිබොක් ගමිමානයට කඩා වැදුනු බොකෝ හරාමිලා එහි රඡයේ පාසැල ගිනිලෑවෙිය. ඒ ඔවුන්ගේ සටන් පාඨයකට අනුවය.” බටහිර අධ්‍යාපනය නවතනු “‘ අනතුරැව එහි ඉගෙනුම ලබන දැරිවියෝ 276 ක් කුදලා ගත් ඔවුහු ට්‍රක් රථයක නැගී මහවනය තුල අතුරැදන් වූහ. මෙි සිදුවීමෙන් සසල වු ලෝක නායකයෝ හා ලෝකයේ කීර්තිමත් මිනිසුන් බොකෝ හරාමි සංවිධානයෙන් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර ඔවුහු නෑසු කන් ඇතිව සිටියහ.
සාමන්‍ය ඡනතාව තුල මෙි පිලිබදව අති විශාල උනන්දුවක් නොවු අතර ඊට හේතුව වුයේ ඔවුන් බහුතරයක් ඡීවත් වීමෙි සටනක නිරතවූ බැවිනි.OXFAM සංවිධානයට අනුව නයිඡිරියාවෙි 340000 ක් ආහාර හිගකමින් පෙළෙන අතර 20000 ක් උග්‍ර මන්ද පෝෂනයෙන් පෙලමින් උන්නෝය තවත් ලක්ෂ 8 ක් අවතැන් කදවුරැ වලය
කෙසේ වෙතත් අවුරැද්දක නිහැඩියාවෙන් පසු 2015 දෙසැමිබර් ඔවුන් පැහැරගත් දැරියන්ගේ විඩියෝවක් නිකුත් කර තිබිනි.

2016 නිවෙිදනයක් නිකුත් කරමින් ඉන් 57 ක් පළාගෙ‍ාස් ඇති බව පැවසූහ.
2016 ඔක්තොබර් ඉන් 21 නිදහස් කරන ලදී
2017 ඡනවාරි 5 ඔවුන් එක් දැරියක් නිදහස් කලේය ඇය අත මාස 6 ක සිගිත්තෙක් විය
2017 ඔවුන් නැවත වීඩියෝ පටියක් නිතුත් කරමින් තවත් 82 ක් දැරිවියන් නිදහස් කිරීමට නමි රඡයේ අත්අඩංගුවේ පසුවන ඔවුනගේ සංවිධානයේ නායකයන් සිවි දෙනෙක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියොය.රඡය මීට කැමති වු අතර ගිවිසුමට අනුව 2017 මැයි 21 දින දැරියන් 82 ක් අන්තර් ඡාතික රතු කුරැසයට බාර දී තිබිණි. නිදහස ලබා පැමිනවුන් සියල්ලෝම කෘාර ලෙස දුෂණයට ලක්කර තිබිණි තවත් බොහෝ දැරවියන් ගැබිනියන් බවට පත්වී තිබිණි නිදහස ලබා පැමිනියවුන් කීවෙි ඔවුන් සියල්ලෝම වරින් වර දූෂනයට ලක්වූ බවකි.


කෙසේ වුවත් තවත් තවත් 113 ක් දැරිවියන් ඔවුන් බාරයේය. නැතහොත් මරා දමාය
මෙි සටහන මා ලිවීමට පෙළඹවුයේ එක්සත් ඡනපද ඡනාධිපති ට්‍රමිප් කල විහිලුවකට අනුවය ඔහු ගිය මාසයේ 27 දින මෙි පැහැරගෙන නිදහස ලැබූ දැනට එක්සත් ඡනපදයේ උසස් අධ්‍යාපනය ලබන චිබොක් සිසුවියන් දෙදෙනා ධවල මන්දිරයට කැදවා ට්‍රමිප්ගේ දුව ඉවන්කා සමග ඡයායාරැපයකට පෙනී සිටියේය. පැහැර ගත් දැරියන් තවත් 113 කගේ තොරතුරක් හෝ නොමැත.නිදහස ලැබු දැරියන් ගෙන් බහුතරයක් ඉන්නේ තවමත් දුගී දුප්පත්බවෙි මායිම‍ෙිය. නයිඡිරියාවම කැරළිවලින් සාගින්නෙන් අඩපණය ට්‍රමිප්ගේ ඉස්ලාමි විරෝධය මෙි සා කෘෘර බොකෝ හරාමි වෙත තවම එල්ල වී නොමැත.ඒ වෙනුවට ඔහු එක්සත් ඡනපදයේ ඉගෙනුම ලබන දැරිවියන් දෙදෙනෙකුට පාටියක් දී තිබිණි
===============================================
http://edition.cnn.com/…/a…/chibok-girls-released/index.html
http://www.npr.org/…/chibok-girls-and-trump-appear-in-unann…

ලිව්වේ – Upali Jayasinghe 

LEAVE A REPLY