දේශීය නාට්‍ය සම්ප‍්‍රදාය

0
121

දේශීය නාට්‍ය සම්ප‍්‍රදායේ විකාශනය උදෙසා ගැමියන් අතර ජනාදරයට පත් වූ ගැමි නාටක දැඩිසේ බලපෑවේය. සිංහල ගැමි නාටක කලාවේ එබදු වැදගත් කාලාංගයක් ලෙස කෝලම් හෙවත් වෙස් මුහුණු නාටකය දැක්විය හැකිය.කෝලම් නාටකය හා සමාන රංග ශෛලියක් ඇත්තාවූ ගැමි නාටක කලාවේ තවත් වැදගත් කලාංගයක් ලෙසින් කවි නාඩගම හැදින්විය හැකිය. මෙම නාට්‍ය විශේෂය සතර කෝරළය හා උඩරට ඇතැම් පළාත්වල රඟ දක්වා ඇත.දේශීය නාට්‍ය කලාවේ විකාශනය පිළිබද සලකා බලන විට රූකඩ කලාවද එකි විකාශනයේ යම් ආකාර ස්ථානයක් ගන්නා බව පෙනී යයි. නූර්තිනාඩගමෙන් වෙන්කොට හැදින්වීම පිණිස මෙම  නාට්‍ය කලාව නුර්ති යනුවෙන් හදුන්වන ලදී. සැබවින්ම එයට යෙදුණේ “නෘත්‍යය” යන සකු නාමය වේ. එහෙත් පද විකෘතියෙන් පොදු වහරෙහි “නූර්ති” යනුවෙන් වූ මෙම වචනයෙන් නාට්‍ය වර්ගයම හැදින්වේ.

  කලින් පැවති නාඩගම්වල ස්තී‍්‍ර චරිත පුරුෂයන් විසින් නිරූපණය කළ ද නව නාට්‍යයේ ස්තී‍්‍ර චරිත ස්තී‍්‍රන් විසින්ම නිරූපණය කිරිම නිසා පෙ‍්‍ර්ක්ෂකයෝ තව තවත් ඒ කෙරෙහි ආකර්ෂණය වූහ.  මෙතුමා විසින් “ඔස්කා වයිල්ඩ්” ගේ නාට්‍යයක් ඇසුරින් හැංගි හොරා නම් නාට්‍යයක් “චෙතොෂ්” ගේ නාට්‍ය කීපයක් ඇසුරින් “මගුල් ප‍්‍රස්ථාව “ වළහැඩියා සහ චැනේජරී යන නාට්‍ය තුනද පසුව නිෂ්පාදනය කළේය. සරච්චන්ද්‍රයන් මුල් කාලීන නාට්‍ය අතුරින් යම් වෙනසක් සනිටුහන් කළ නාට්‍ය ලෙස සැලකිය හැක්කේ 1952 දී වේදිකාගත කළ “පබාවතී’ නම් නාට්‍යයයි. මෙය පැහැදිලිව අත්හදා බැලීමක් කළ නාට්‍යයක් විය.19 වන සියවසේ මැදභාගයේ සිට මේ රටේ ගැමි පෙ‍්‍ර්ක්ෂකයින්ගේ රුචිකත්වය පෝෂණය කළ නාඩගම් සම්ප‍්‍රදායෙන් ආභාෂය ලබා 1958 දී “චුල්ලධනුධර” ජාතකය ඇසුරින් මනමේ නාට්‍ය නිෂ්පාදනය කරන ලදී. ඉන්පසු දේශීය රංග රීතියක් බිහිකොට ගැනීමේ අධ්‍යාෂයෙන් යුක්තව එදිරිවීර සරච්චන්ද්‍රයන් වෙනමම නාට්‍ය කලාවක් බිහි කිරීමට ඉවහල් විය.

මෙයින් සිංහලයේ එතෙක් වෙනසක් බිහි වූ මහා දෘෂ්‍ය කාව්‍ය ලෙස සිංහබාහු හැදින්විය හැකිය.එමෙන්ම කෝලම් , සොකරි, කවි නාඩගම්, පාස්කු නාට්‍ය, නූර්ති ආදී වශයෙන් ඒ වන තෙක් හෙළ දේශය පුරා පැතිරී පැවති රංග ක‍්‍රමයන්ගේ ස්වභාවය හා විකාශනය පිළිබද දෘෂ්ඨි නිරීක්ෂණයක යෙදී දේශීය සම්ප‍්‍රදායක් ගොඩ නැංවීය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයන්නව කතාමළගිය ඇත්තෝ (1959)පල්මත් වී හසරක් නුදුටිමි (1962)මළවුන්ගේ අවුරුදු දා (1965)ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්තනය (1971)හෙට එච්චර කළුවර නෑ (1975)විලාසිනියකගේ පෙ‍්‍ර්මය නම් චිත‍්‍ර කාව්‍ය (1988)කෙටි කතාකාලයගේ ඇවෑමෙන් (1969)මායා රූපය (1974)රූප සුන්දරී (1984)ගෘහණය උපාසිකාව හා මි¼ඩිය (1994)නාට්‍යකපුවා කපෝති (1946)පබාවතී (1955)වදින්න ගිය දේවාලේ (1955)මනමේ (1958)එළොව ගිහින් මෙළොව ආවා (1959)කදා වළලු (1959)හස්තිකාන්ත මන්තරේ (1960)වෙස්සන්තර ගීතාංග නාටකය (1981)සිංහබාහු (1962)මහාසාර (1968)පේ‍්‍රමතෝ ජායතී සෝකෝ (1980)බව කඩතුරාව (1994)ලොම හංස (1985)

උපුටාගැනීම

http://www.danuma.lk

LEAVE A REPLY