හිසකෙස් බහුලව හැලී යාමට හේතු 8 ක් මෙන්න

0
238

හිසකෙස් කාන්තාවන්ගේ සුන්දරත්වයේ ප්‍රධානතම සාධකයක්. ඒ වගේම පංච  කේෂ කල්‍යාණිය කියන්නෙ පංච කල්‍යාණියෙන් එකක්. කෙසේ වෙතත් කාන්තාවන් තම  විවිධාකාර මෝස්තර යොදා හිසකෙස් සකස් කරන්නෙ එය තම පෙනුමට විශාල බලපෑමක් සිදු කරන බව ඔවුන් දන්නා නිසා.. ඒත් ඒ හිස කෙස් අසාමාන්‍ය ලෙස ගැලවී යාමට ගත්තොත්.. බය වෙන්න එපා.. අපි හොයා බලමු එහෙම  වෙන්න හේතු මොනවද කියලා.

1. ප්‍රමාණවත් ප්‍රෝටීන ප්‍රමාණයක් සිරුරට නොලැබෙන අවස්ථාවක ගැබ් ගැනීම.

 

අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන් නොමැති විට හිස කෙස් වැඩීමේ ක්‍රියාවලිය නතර වෙයි.

2. දරුවෙකු බිහි කළ විට

දරුවෙකු බිහි කිරීමෙන් පසු මවගේ හෝමෝන වෙනස්වීම මෙයට හේතු වෙයි.

3. උපත් පාලක පෙති ආදිය ගැනීමට යොමු වූ විට හා එවන් පෙති ගැනීම නතර කළ විට

මෙමඟින් හෝමෝන වෙනස්වීම් සිදුවේ

4. ඔබට ශාරීරික කම්පනයක් ඇති වූ විට

සැත්කම්, රෝගීව සිටීම් ආදී ශාරීරික ආතති තත්වයන් තාවකාලිකව බහුල හිසකෙස් ගැලවී යාමට හේතු වේ

5. එක්වර ශාරීරික බර අඩු වී යාම

මෙය ශාරීරික ආතතීන් නිසා සිදුවෙයි.

6. අනවශ්‍ය ලෙස හිසකෙස් විලාසිතා සිදුකිරීම

හිසකෙස් තදට ගැට ගැසීම්, රසායනික යෙදීම් හා අධික උණුසුමට බඳුන් කිරීම කේෂ මූලයන්ට බලපානු ලබයි.

7. රක්තහීනතාවය

අවශ්‍ය ප්‍රමාණයට යකඩ ආහාරයට ගැනීම මඟින් මෙම තත්වය වළක්වා ගත හැකිය.

8.  ශරීරයේ ජානමය තත්වය

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම හිස කෙස් ගැලවීයාමේ රටාව තම ආවේණික පරම්පරාගත ලක්ෂණ අනුව තීරණය වීමට ද වැඩි ඉඩ කඩ පවතියි.

LEAVE A REPLY