උඹට කොතනකහරි වැරදුනා මැතිවුස්පච්චී .! – (ඉඳුවාගේ අප්පච්චි වර්ෂන් එකෙන්) – ඉෂාන් ජයවර්ධන ලියයි.

0
2152

උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුන අතීතයක, ආසියානු කුසලානය වවාගෙන කාපු නායකයන් අතරේ උඹ මට මහා වීරයෙක් උනා මැතිවුස්පච්චී !.

 

ලෝකෙට ම අමාරු වෙච්ච එංගලන්තයේ ටෙස්ට් සංචාරයක් දිනවනවා බලන්න උඹ කී පරිද්දෙන් අනිත් උන් එක්ක මාත් ටිවී එක දාගත්තා මැතිවුස්පච්චි !.

ඒ දවස් වල හැමදාම රෑ 7 ට sports news බලද්දී මට දැනුනේ action film එකක් බලනවා වගෙයි මැතිවුස්පච්චි !.

අපේ සිංහ පැටවු හයේ හතර වරුසා මැදින් ඉදිරියට ම යන ගමනේ මම වැඩිපුරම ආසා කළේ අර අපේ ලෝර්ඩ්ස් පිටියේ ලෙල දෙනවා බලන්නයි මැතිවුස්පච්චි !.

ගිම්හානය අවසානයේ වසන්තය එන්නාක් මෙන් ජිමි ඇන්ඩර්සන් දවා ගත්තම උද්දාමයෙන් කැවුම් කිරිබත් කකා නටපු එවුන් අතරේ මමත් හිටියා මැතිවුස්පච්චි !.

ඒ සතුට අදටත් මේ පුංචි හිතේ ඒ විදිහට ම තියෙනවා මැතිවුස්පච්චි !.

කීව විදිහට ම එංගලන්තය ඉවර කරපු උඹ ආසියා කුසලානයට මුළපිරුව එකට අපි ණයගැතී මැතිවුස්පච්චි !.

ආසියා කුසලානය දිනන්න ගියපු උඹ කාර්‍යබහුල නිසා, එදා තද කරපු අපේ පටි බුරුල් කරලා යන්න උඹට අමතක වුනා වෙන්න ඇති මැතිවුස්පච්චි. ඒත් අපි ඒකට උඹ එක්ක තරහා වුනේ නෑ මැතිවුස්පච්චි !.

ඔහොම පොඩි කාළයක් ගත වෙද්දී ජීවිතේට අහලා දැකලා නොතිබුනු උඹේ යාලූවො ඇවිත්, උඹේ දෑත් ශක්තිමත් කරන්න ටීම් එකට ගත්ත විදිහ මාත් පැත්තක ඉඳන් බලන් හිටියා මැතිවුස්පච්චි !.

දක්ෂ කමට සුදුසු කමට තැන දෙන්නේ නැතිව, ආදිශිෂ්‍ය පදනම ගැන විතරක් හිතලා ජොශෆියන්ස්ලා සෙට් එකක් ඛේත්තාරාමේ ප්‍රැක්ටිස් යනවා දැකපු එකම එකාත් මම විතරක් නෙවෙයි මැතිවුස්පච්චි !..

මේ හැම දෙයක් ම දැකලත් නොදැක්කා වගේ ඉන්න තරම් උඹේ කළමණාකරුවෝ උඹට උගන්නපු කදුලු වලට සහ ට්විටර් පණිවිඩ වලට රටේ අනිත් උන් එක්ක මාත් වශී වෙලා හිටියා මැතිවුස්පච්චි !.

කකුල ඇද ඇද අමාරුවෙන් බෝලේට ගහගෙන ඔළුව කෙළින් කරගෙන ඉංග්‍රීසියෙන් දුන්න වදන් ටික මට නොතේරුනත්, එවැනි රඟපෑම් වලින් ක්‍රිකට් ගේ සැබෑ ප්‍රශ්න යට යන බව තේරුම් ගන්න අනිත් උන් ට වගේ ම මටත් වෙලා ගියා මැතිවුස්පච්චි !.

කතෝලික සභාවෙ ලිස්ට් එකෙන් , චාලි ඔස්ටින්ගේ ලිස්ට් එකෙන් , දයාසිරිගේ ලිස්ට් එකෙන් , ජෝශෆ් ඕල්ඩ් බෝයිස් ලිස්ට් එකෙන් ටීම් එක පෙරේරා ඇන්ඩ් සන්ස් වෙද්දි දක්ෂයෝ එකා දෙකා කැපිලා ගියා මැතිවුස්පච්චි !.

හැම දේම වෙනස් වෙන ලෝකේ මගේ ලෝකේ රජෙක් වගේ හිටපු උඹ අපිටත් හොරෙන් ම වෙනස් වුනා මැතිවුස්පච්චි !.

සිංහයෙක් වගේ කතා කරපු උඹේ කටෙන් ම, වටේ හිටපු ඔස්ටින්ලගේ වචන ත් එලියට එන්න ගත්තා මැතිවුස්පච්චි !.

කවදාවත් කාටවත් කැපිල්ලක් දාපු නැති උඹ අනිත් ඕල් රවුන්ඩර්ස්ලා ටික කපන්න තරම් ආද්‍යාත්මිකව පිරිහුනා දැකපු එකම එකා මම විතරක් නෙවෙයි මැතිවුස්පච්චි.

අවුරුදු 5ක් තිස්සේ ඕක බලලා බලලා එපා වෙච්ච එකම එකා මම විතරක් නෙවෙයි මැතිවුස්පච්චි !.

මහා ලොකුවට කැප් එක දම්මලා, සචිත් පතිරණ බේබි ටීම් එකට ආවා කියලා උඹ දුන්න කතාව නම් පංකාදු පහයි මැතිවුස්පච්චි !.

උඹට_කොතනහරි_වැරදුනා_මයෙ_මැතිවුස්පච්චි

ළඟදීම අළුත් ටීම් එක ප්‍රැක්ටිස් පටන්ගනීවි මැතිවුස්පච්චි !.

මැතිවුස්පච්චි ගේ පිටින් ගොඩ ගියපු එවුන් මැතිවුස්පච්චි ගාවින් ම ඉඳගනීවි !.

අයියේ කියපු කටින් ඇන්ජී කියාවි !.

මැතිවුස්පච්චි කපලා දාපු එවුන්ගෙ බවුන්සර් ඉස්සරහා ඔලුව නමන්න වේවි !.

එතකොටවත් උඹට තේරේවි මයෙ මැතිවුස්පච්චි !.

උඹට කොතනහරි වැරදුනා.

අපිට උඹ එක්ක පෞද්ගලික අමනාපයක් නෑ මැතිවුස්පච්චි !.

අදත් අපි විඳින මෙල්බර්න් මිරේකල් උඹ නිසයි මැතිවුස්පච්චි !.
ඒක අමතක කරලා නෙවෙයි අපි උඹට එරෙහි වුනේ !.

පාපමිත්‍ර සේවනයට ගිහින් උඹ මගේ මැතිවුස්පච්චි අපෙන් උදුර ගත්ත නිසයි !.

ලිව්වේ -Ishan Jayawardane

ඉඳුවාගේ “උඹට කොතන හරි වැරදුණා මයෙ අප්පච්චි” පහතින් කියවන්න.

http://mirrorgirl.lk/?p=3637

LEAVE A REPLY