“ඉස්සරහට ගියොත් ජොනී……පස්සට ආවොත් ෆොනී……. ” – චන්න කරුණාරත්න

0
124

 

මිනිසුන් දෙයාකාරයකට අභිප්‍රේරණයවේ. ඉන් පලමුවැන්න අභ්‍යන්තර ක්‍රියාවලියක් ලෙස සිදුවන ස්වයං අභිප්‍රේරණයයි. Intrinsic Motivation දෙවැන්න බාහිර බලපෑම් නිසා පුද්ගලයාගේ තර්ක බුද්ධියට සිදුවන බලපෑමෙන් ඇතිවන අභිප්‍රේරණයයි. Extrinsic Motivation.

ඉතින් පළමුවැන්න කාර්‍ය සාර්ථකවීමෙන් ඇතිවන අභිමානය Pride of performance / Accomplishments වැනි සාධක නිසා සිදුවේ. හමුදාවල වීර පදක්කම් පවා පිරිනැමෙනුයේ එවැනි උපස්ථම්භනයන් ඇති කිරීමටය.

දෙවැනි ක්‍රමය නම් බාහිරව බලපෑම් ඇති කිරීමෙන් ඇතිකරන අභිප්‍රේරණයයි. එය එතරම් හිතකර නොවූවද සමහර අභියෝගාත්මක අවස්ථාවලදී සාර්ථක ප්‍රථිඵළ පෙන්වා ඇත. දෙවන ලෝක යුද්ධයේ ස්ටාලින්ග්‍රාඩ් රැකගැනීමේ සටනෙහිදී සටන් පෙරමුණෙන් පසු බසින්නන්ට වෙඩිතැබීම සඳහා කොමියුනිස්ට් පක්ශයේ හාර්ඩ්කෝර් කාර්ඩර් වරුන්(කොමිසාර්) ගෙන් සමන්විත දෙවන පෙළක් ස්ටාලින් විසින් යොදවා තිබුණි. එය සෑහෙන්න සාර්ථක වීම නිසා හිට්ලර්ද පසුබසින ජර්මන් සේනාoක වලට වෙඩි තැබීම සඳහා නාසි එස්.එස්. බළකාය යෙදෙව්වා.

අපේ හමුදා ඉතිහාසයේද කුප්‍රකට “ඉස්සරහට ගියොත් ජොනී……… පස්සට ආවොත් ෆොනී…………. ” කතාව හැදුනේත් මීට සමාන පසුබිමකය. එය සිදුවූයේ 1990 සැප්තැම්බර් මස 13 වනදා යාපනය ඕලන්ද කොටුවේ සිරවී සිටි සිoහ රෙජිමේන්තු භඨපිරිස මුදාගැනීම සඳහා දියත්කල “ත්‍රිවිධ බලය” මෙහෙයුමේදීය. එහි එක් කණ්ඩායම් අනදෙන්නෙකු (තවමත් සේවයේ සිටින බැවින් නම සඳහන් නොකරමි) විහිළුවට කියූ කතාවකි. අධික ලෙස බිම්වෙඩි අතුරා ඇති බැවින් ඉදිරියට යාමටත්, පිටුපසින් අණදෙන නිලධාරී සරත් ෆොන්සේකා සිටින බැවින් ආපස්සට එන්නටත් නොහැකි බවයි ඔහු හාස්‍යෝත්පාදක ලෙස කියා තිබුණේ.

ඉතින් මේ සියල්ලෙහිම අවසන් කළමනාකරණ පාඩම වන්නේ මිනිසුන් ජයග්‍රාහී ප්‍රථිඵළ සඳහා මෙහෙයවීමට නම් ” කැරට් අලය සහ කෙවිට” යන දෙකම අවශ්‍යවන බවය.

එනයින් ගත්කල මැච් පැරදුනාම ඉන්දීය ක්‍රීඩකයින්ගේ ගෙවල් වලට පොලිස් ආරක්ශාව යෙදවීමට සිදුවීමත් එක් අතකින් සාර්ථක අභිප්‍රේරණ තාක්ශණයක්දැයි නොදනිමි.

සටහන – Channa Karunaratne

LEAVE A REPLY