ටයිටැනික් බැලුවට මේ දේවල් දන්නවද? – දිලීප සංජේ

0
77

එදා රාත්‍රී 11.40 පමණ, 1912 අප්‍රේල් 14 වෙනිදා සවූත්ඇම්ප්ටන් වල සිට නිව්යොර්ක් දක්වා ටයිටැනික් නෞකාව ඇයගේ මංගල ගමන යමින් සිටියා. මේ ගමනේ දී ටයිටැනික් නැව අයිස් කුට්ටියක වදින අතර පැය 3කටත් අඩු කාලයක දී නැව මුහුදු බත් විය. 1912 අප්‍රේල් 15 වෙනිදා උදෑසන 2.20ට පමණ ටයිටැනික් නෞකාව අත්ලානිතක් සාගරයේ දි නොපෙනී ම ගියේය. ඒ ජිවිත 1500ක් පමණ අහිමි කරමිනි.. ඉතින් මේ කෙටියෙන් කියන්න යන්නේ නෞකාව ගැන කෙටි විස්තර කිහිපයක්…

**ටැයිටැනික් නැව මීටර් 269.1 දිගයි ( අඩි 882 අගල් 9ක්.)

**යාත්‍රාවේ ගමන සදහා දිනකට භාවිතා කරන ලද ගල් අගුරු ප්‍රමාණ ටෝන් 825ක්.

**විදුලි ආලෝක බුබුළු 10,000ක් පමණ භාවිතා කරලා තියෙනවා නෞකාවේ අලෝකය සදහා.

** ටයිටැනික් නෞකාව නිදපවීමට සම්පුර්ණ පිරිවැය විදිහට ඇමෙරිකානු ඩොලර් 7,500,000 වියදම් වෙලා තියෙනවා.

**නෞකාවේ ඉදිකිරීම් වලදී පුද්ගලයන් 2 ක් මිය ගොස් තිබෙනවා.

** නෞකාවේ නැංගුරම ප්‍රවාහනය කිරිමය පැය 20ක් ගත වෙලා තියෙනවා.

** නෞකාවේ සම්පුර්ණ මගින් හා කාර්ය මණ්ඩලය සමග සම්පුර්ණ පිරිස 3547ක් ගෙනි යාමට හැකියාව තිබුණු නමුත් එදා කාර්ය මණ්ඩලයත් සමග මගින් ගියේ 2223ක් පමණයි.

**තමන්ගේ මංගල රාත්‍රීය ගත කිරිමට ගිය අලුත විවාක යුවල් 13ක් ද නැවේ හිටියා..

**එක් පැය 24ක් සදහා බීමට ජලය ගැලූන් 14,000ක් අවශ්‍ය වී තිබුනා.

**බිත්තර 40,000ක් පමණ ආහාර සදහා තිබුනා…

**වයින් බෝතල් 1000ක් පමණ එදා නෞකාවේ තිබුනා..

**ටයිටැනික් නැවේ ජිවිත ආරක්ෂක බොට්ටු 64ක් ගෙනියාමට හැකි නමුත් එදා ගෙනිච්චේ 20ක් පමණයි. ඉතින් එක බොට්ටුවක 65ක් දැමීමට හැකි වූ නමුත් බොට්ටුවක ඉදලා තියෙන්නේ 28 දෙනයි නැව ගිලෙන වෙලාවේ.

**අයිස් කුට්ටියේ නැව වදින්න කළින් අනතුරු සංඥා ඝන්ඨාරය 6 වතාවක් ගහලා තියෙනවා.

** නෞකාව ගිලෙන්න විනාඩි 160ක් ගත වෙලා තියෙනවා අයිස් කුට්ටියේ වැදුනාට පස්සේ ( පැය 2යි විනාඩි 40ක්)

**නැව ගිලිණු තැන එදා සාගරයේ උෂ්ණත්යට සෙල්සියස් අංශක -2ක් බවට වාර්තා වී තිබුණා.

** නෞකාවේ සිටි සම්පුර්ණ පිරිසගෙන් 31.6% ජිවිත බේරා ගත්තා ( කාර්ය මණ්ඩලය ඇතුළු මගින්) 53.4% ජිවිතයක්ෂයට පත් වුනා. නමුත් ජිවිතාරක්ෂක බොට්ටු වල ඉඩ හරියට භාවිතා කරා නම් ඒ පිරිසගේ ජිවිතද ගලවා ගන්න තිබුනා.. ජිවිත ගලවා ගත් අය අතර බල්ලන් 2 ක් ද හිටියා.

** නෞකාව අඩි 12,600ක් තරම් යටට ගිලි ගියා. මීටර් 18ක් පුරාවට කෑලි විසිරි තිබුනු අතර එම ගිලිනු තැන තිබි සුන්බුන් කොටස් 6000ක් සොයාගෙන තිබුනා…

ඉතින් මේ නෞකාව ගැන විශේෂිත කරුණු ටිකක් ටයිටැනික් නෞකාව තමන්ගේ මංගල ගමනේ දීම මේ විදිහ අවාසනාවන්ත ලෙස දියේ ගිලි ගියා… ඉතින් මේ ලිපිය ඔයාලාගේ සමාන්‍ය දැනීමට යමක් එකතු කරන්න ඇති කියලා හිතනවා…

කරුණු අන්තර්ජාලය ඇසුරිණි.
/-Dileepa SJ (සංජේ)

 

LEAVE A REPLY