සුළග අප රැගෙන යාවි

0
72

නුවන් ජයතිලකගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ “සුළග අප රැගෙන යාවි”(Sulaga Apa Ragena Yaavi)චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට කීපයකටම නියෝජනය කෙරුණු අතර යුරෝපයේ සෛන්කිඩ් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල හරහා යුරෝපයට විකිනීමට හැකි වුනු පලවන චිත්‍රපටය ලෙස ද එය හදුන්වාදිය හැක.

ළමයින් හා සතුන් අතර ඇතිවන සංවේදී වූ සෙනෙහස පිළිබද ගැබුරින් සොයන්නට ගත් තැතක් ලෙස මෙය හැදින්වීමට හැක.විහග,හා කසුන් නමැති පුංචි සහෝදරයන් දෙදෙනෙකු හා ඔවුනගේ නිවසේ සිටින “සුද්දා” නැමති සුදු පාට හරකෙකු සම්බන්ධව ගෙතුණු කතාශාරය හරහා ප්‍රේක්ෂකයන්ගේ මනස තුලට රිංගන්නට ගත් තැතක් ලෙසද මෙය හැදින්විය හැක. මොවුන්ගේ මුලු පවුලම රැකුණේ මෙම ගවයාගේ මාර්ගයෙන් කඩ වීදියට බඩු ඇද්ද වීමෙනි.

දිනක් හොරු දෙදෙනෙක් මෙම ගවයව හොරකම් කරයි. එතැන් සිට මෙම ගවයාව සොයා යන විහග හා කසුන්ට මුහුණපාන්නට වෙන අත්දැකීම් මෙම කතාශාරයට ඇතුලත් වේ

ප්‍රවීන් කටුකිතුල විහඟ ලෙසත්, සුදම් කටුකිතුල කසුන් ලෙසත් ප්‍රධාන චරිත යුගලට පන පොවා ඇත.සේමිණි හෙන්නනායක, අයිරාංගනී සේරසිංහ ,ප්‍රියංකර රත්නායක,සුරංගා රණවක,සමග දයාදේව එදිරිසිංහ,විමල් කුමාර ද කොස්තා සෙසු චරිත රගපා ඇත.

සංගීතය චිත්‍රාල් සෝමපාල ගෙනි. ස්ට්‍රිනේර් මැක්ලින් ගේ කැමරා අධ්‍යක්ෂනයෙන්ද,සමන් ඇල්විටිගලගේ සංස්කරනයෙන්ද, සුසංයෝග වූ “සුළග අප රැගෙන යාවි” නුවන් ජයතිලක,කසුන් මලින්ද, මායා නවගත්තේගම,හා චිත්‍රාල් චිට්ටි සෝමපාල,ගේ එකමතුවෙන් කල නිෂ්පාදනයකි.

http://baiscopelanka.com  ඇසුරිනි.

 

LEAVE A REPLY