අඬන පිරිමි ළමයාගේ ශාපය – දිලීප සංජේ

0
96

ගින්නෙන් උපදින ශාපය සියලු දේ අවුලුවා දමයි… අඩන දරුවා පමණක් ඉතිරි වේ.
————————————————————————————-
චිත්‍රයක් හරිම කලාත්මකයි නේද? වෙලාවකට ගැඹුරු අර්ථයක් ඇස් දෙකට මිහිරි දර්ශනයක් තමයි චිත්‍රයක් කියන්නේ.. ගොඩාක් අය චිත්‍ර ගෙවල් වල තියාගන්න පෙළඹෙන්නෙත් මේ කලාත්මක බවට ප්‍රිය කරන නිසා.. ඒත් ඔයාලාගේ ගෙදර තියෙන චිත්‍රයට සාපයක් වෙලා නම්? එකෙන් ඔයාලාගේ ගෙදර ගිනි අරගෙන විනාස වෙලා ගියා නම්?

ඉතින් මේ කියන්න යන්නේ අඩන පිරිමි ළමයාගේ ශාපයේ පුරාවෘත්තය ගැනයි. මේ “The Crying Boy” නැතිනම් අඩන පිරිමි දරුවාගේ චිත්‍රය නිර්මාණය කරන්නේ ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන බ්‍රනෝ ආමඩියෝ (Bruno Amadio) කියන අප්‍රකට චිත්‍ර ශිල්පියා විසින් ඔහු විසින් මෙවැනි චිත්‍ර 65ක් නිර්මාණය කළා කියලා සදහන් වෙනවා… නමුත් ඔහු සිතන්න ඇතිද? ඔහුගේ පින්සල් තීන්ත වලින් අත්භූත ශාපයක් සහිත චිත්‍රයක් නිර්මාණය වෙයි කියලා. ඔහුගේ අඩන ළමුන්ගේ චිත්‍ර කිහිපයක් ම ඔහු අතින් නිර්මාණය වුනා.මේ චිත්‍ර වල තිබුනේ කුඩා පිරිමි දරුවන් අඩන ආකාරයයි, ඔහුගේ කුඩා ඇස් වල වේදනාවත් ඒ ඇස් වලින් කඩා හැලෙන කදුළු දරුවාගේ කම්මුල් මතින් ගලා හැලෙන හැටිත් ඔහුගේ චිත්‍ර වලින් නිරූපණය වුනේ ඉතා තාත්වික විදිහටයි.

ඉතින් මේ චිත්‍ර 2 වන ලෝක යුධ සමයේ වැනීසියට එන සංචාරකයන්ට අලෙවි කරා. යුද්ධයේ කුරිරු බව නිසා දුක් ගැහැට විදින දරුවන්ගේ වේදනාව මේ චිත්‍ර වලින් පෙන්නවන නිසාම බොහො දෙනා මේ චිත්‍ර මිලදී ගන්න පෙළඹුනා. ඉතින් මේ චිත්‍ර වල සමහර චිත්‍ර කිහිපයක් එංගලන්තයට යන්නේ මේ විදිහටයි.. ඉතින් මේ චිත්‍ර එංගලන්තයට ගිය පසුව එහි පිටපත් මුද්‍රණයට පටන් ගත්තා.. මේ විදිහට පිටපත් 50,000ක් පිටපත් මුද්‍රණය වූ අතර ඒවා එංගලන්තය පුරාම අලෙවි කරන්න පටන් ගත්තා.. මේ චිත්‍ර අලෙවියෙන් පස්සේ එංගලන්තය තුළ අත්භූත පුරාවෘත්තයක කතාවක් ගොඩ නැගෙන්නේ එංගලන්තයේ මිනිස්සු භීතියේ ගිල්වමින්…

වර්ෂ 1985 දී බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි පාඨකයන්ගේ ප්‍රසිද්ධතම පුවත්පතක් වන “The Sun” පුවත්පත කළු අකුරුන් ඇග කිලිපොලා යන පුවතක් වාර්තා කර තිබුනා. ඒ “BLAZING CURSE OF THE CRYING BOY!” ලෙසිනි. ( දෙවන ඡායාරූපය) ඉතින් මේ සිරස්තලයත් එක්ක එහි කතාව සදහන් වෙලා තිබුනා. ඒ රොන් හා මේ හෝල් කියන අයගේ නිවස ගිනි ගෙන විනාස වී තිබුනු පුවතයි. මෙම නිවස ගිනි ගැනීමට හේතුව වෙලා තිබුනේ රත් වෙමින් තිබුනු තාච්චියකට අලෝකය ලැබීමත් සමග එය පුපුරා ගින්නක් තරමට වර්ධන වීමයි. මෙහිදි නිවසේ කිසිවක් ඉතිරි නොවුනු අරත එක් දෙයක් පමණක් නිරුපද්‍රතිව ඉතිරි වුනා.. ඒ වෙන කිසිවක් නෙමෙයි. මේ අඩන දරුවාගේ පින්තූරයක් පමණක් ඉතිරි වෙලා තිබුනේ සියලු දෙනාගේ හිත් වල විස්මයත්,බියත්, අදහා ගත නොහැකි සිතුවිලි රාශියක් ඉතුරු කරමින්.. රෝන් හෝල්ගේ සහෝදරයා ගිනි නිවන භටයෙක්.. මේ විදිහට නිවෙස් කිහිපයක් සම්පුර්ණයෙන් ම දැවී අලු වී ගිය බව ඔහු කියා තිබුනු.. ඒ හැම නිවසකම මේ සිතුවම තිබුනු බව ඔහු කියලා තිබුනා, නමුත් පුදුමයට කරුණු නම් මේ කිසිම නිවසක මේ පින්තූරය ඉතිරිව තිබුනා..

මේ කතාව සමාජයට යාමත් සමග එංගලන්තයේ විදි බියෙන් උමතුවෙන් ඉතිරි ගියා අඩන දරුවන්ගේ පින්තූර එකතු කර ගත් පිරිස් පාර පුරා පිට්ටනි වල දාලා ගිනි තියන්න පටන් ගත්තා.. පුවත් පත ගොඩාක් ජනප්‍රිය වීමත් එයට විශාල පිරිසක් මෙලෙස උමතුවෙන් හැසිරෙන්නට හේතුවක් වුනු බව කියනවා. මේ විදිහ නිවාස පමණක් නෙමෙයි හෝටෙල්, වෙළද සැල්ද ගිනි ගෙන දැවෙන්න වුනා.. පුවපත් වල ප්‍රධාන සිරස්තලය වුනේ නැවත අඩන දරුවාගේ ශාපය ක්‍රියාත්මක වෙයි ලෙසයි ( තුන්වන ඡායාරූපය). මිනිස්සු අඩන දරුවන්ගේ ඡායාරූප සොයාගෙන එක දිගිටම ගිනි තියන්න පටන් ගත්තා ( 4වන ඡායාරූපය)…

මෙලෙස මේ කතාව නිසාම චිත්‍ර ශිල්පියාගේ කතාව හා මේ චිත්‍ර වලට පාදක වූ කතාව සොයන්න පර්යේෂකයන් කටයුතු කරා. ඉතින් මේ කෙටියෙන් කියන්න යන්නේ ශාපයේ ආරම්භය වුනු ‘Don Bonillo’ ( ඩොන් බොනිලිලෝ) ගැනයි. මේ පුරාවෘතය පිටුපස කතා කිහිපයක් ම තිබුනා. ඉන් එකක් තමයි මේ චිත්‍ර ඇදලා තියෙන්නේ එක් ළමා නිවාසයක සිටි දරුවන්ගේ පිරිසකගේ, එහෙත් පින්තූර ඇද අවසන් කරන්න කළින් ළමා නිවාසයේ ඇති වූ ගින්නක් නිසා දරුවන් සමග ළමා නිවාසය දැවී යනවා. ඉතින් මේ චිත්‍ර අදින්නේ මං කලින් කිව්වා වගේ බ්‍රනෝ ආමඩිනෝ නැත්තම් Bragolin විසින්.. ආමඩිනෝ ස්පාඤ්ඥයේ සංචාරයක දී එක් දරුවෙකු හමු වෙනවා. ඔහු නමින් ‘Don Bonillo’ ( ඩොන් බොනිලිලෝ) එයාගේ දුක්බර කතාව ආමඩිනෝ දැන ගන්නවා ඩොන් ගේ දෙමාපියන් ඩොන්ගේ ඇස් ඉස්සරහම ගිනි ගෙන දැවී යනවා එයාගේ ගෙදරත් එක්කම.. ඩොන් එදා ඉදන් වචනයක්වත් කතා කරලා නෑ. ආමඩිනෝගේ දුක හිතිලා මේ දරුවාව හදා ගන්න ගන්නවා..ඒත් මේ දරුවා බලා ගන්න පුජකවරයා එක් අවවාදයක් දෙනවා ආමඩිනෝ හට, ඒ මේ දරුවා ශාපයකට ලක් වී ඇති බවයි.. මේ දරුවාගේ ඡායාරූපය තමයි මෙලෙස එංගලන්තය භිතියෙන් අලවමින් ගිනි ගෙන දැවුනු නිවාස වල තිබුනු පින්තූරයේ සිටින දරුවාද වෙන්නේ..

ආමඩිනෝ දරුවා ගැන තිබුනු වෙන කිසිදු දෙයක් පිළිගන්න ලෑස්ති වුනේ නෑ ආමඩිනෝ එයාගේ චිත්‍ර අලෙවි කරමින් අලුත් පවුලත් එකක් කාලය ගත කරා. ඒත් ආමඩිනෝ ට එක් දවසක් නොසිතූ දෙයක් වෙනවා….
දවසක් ඔහු පිටතට ගිහින් එද්දී ඔහුගේ වෙළද සැලයි නිවසයි සම්පුර්ණයෙන් ම ගින්නෙන් දැවී විනාස වී තිබුනා. ආමඩිනෝ ට පුජකවරයාගේ අවවාදය මතක් වුනා ආමඩිනෝ දරුවාව නිවසෙන් එලවා දමනවා.. 1976 පසුව ඩොන් ගැන ආයෙත් අහන්න ලැබුනේ නෑ, ඒ නිවෙස් අලු කරලා දාන ගින්න ඇති වෙනකන්..දිනක් පාලමක පහළට මෝටර් රථයක් වැටි දැවී අලු වී ගොස් තිබිය දී පොලිසිය විසින් සොයා ගනු ලබනවා.. රියදුරා හදුනා ගැනීමට නොහැකි තරම් අලුවී ගොස් තිබුනා.. වාහන වැඩි දුර පරික්ෂා කිරීමේ දී රියදුරාගේ නොදැවුනු රියදුරු බලපත්‍රය සොයා ගනු ලබනවා. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද ඒක කාගෙද කියලා ඔව් මේ ශාපයට ලක් වූ කෙනා වුනු ‘Don Bonillo’ ( ඩොන් බොනිලිලෝ) ගේ රියදුරු බලපත්‍රයයි..
මේ තරම් ප්‍රබල ගින්නකින් පසුවත් චිත්‍රය පමණක් ඉතිරි වීම ගැන විද්‍යාඥයන් පවා පරික්ෂණ කරා.. ඔවුන් තහවුරු කරනවා මෙයට යොදා ගැන ඇති වාර්නිෂ් නිසා මෙලෙස ගිනි ගන්නේ නැති බවයි.. ඒ වගේ ම චිත්‍රය සෑම වෙලාවකම වැටි තිබුනේ පින්තුරුය බිමට හිටින ලෙසත් ඒ නිසා හානියක් නොවුනු බව ඔවුන් පැවසූවා.. නමුත් මෙය 100% නිවරැදි කියලා තහවුරු කරන්න කාටවත් බැරි වුනා.. ඇත්තටම මේ සිදුවීම මොකක්ද කියලා දැන ගෙන හිටිය එකම පුද්ගලයා වුනේ මේ ශාපලත් චිත්‍ර වල නිර්මෘතවරයා වන බ්‍රනෝ අාමඩිනෝ විතරයි, නමුත් 1981 දී ඔහු මිය යන්නේ සියලු සත්‍ය ඔහුත් සමගම පොළොවට පස් වෙමිනි..

පළමු කමෙන්ට්වේ තියෙන විඩියෝ දර්ශනය පෙන්වන්නේ මේ දරුවාගේ සත්‍ය මොකක්ද යැයි සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් කළ පරික්ෂණයක දී සොයා ගත දෙයයි.. එයත් බලන්න ඔබ පුදුම වේවි නිසැකවම…..

කරුණු අන්තර්ජාලය ඇසුරිණි..
/-Dileepa SJ (සංජේ)

LEAVE A REPLY