අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්…- සුජිව හෙට්ටිතන්ත්‍රී

0
205

පුවතක්:- ඩෙංගු හැදි මියගිය ගැහැණියක් ආණ්ඩුවේ
වියදමින් භූමදාන කරයි

අම්මාගේ වල ලඟදි අක්කා මල්ලිට කිවු කවියක්…

මල්ලියේ පස් අතක් දාලා
වදිමු දෙන්නම යන්න ඉස්සර
වලෙත් කිරි එරෙනවා අම්මට
මතක් වි අපේ බඩේ කුස්තුර
ඉර හඳත් දන්නවද දන් නෑ
තාත්තෙක් නැති පැලේ විස්තර
අපේ අම්මව අරන් යද්දි
නිදාගත්තද දෙවියෝ සක්කර

බත් කුරුල්ලන් අඹා කැව්වා
හාල් මිටකට කදුළු රත්කර
අගුපිලක රෑ කතා කිව්වා
එලා පොළොවට ඇදපු වස්තර
කිසිම ජාතික සැලැස්මක නෑ
චුට්ටෝ අම්මා සෙවු උත්තර
හැමදාම අපි පාට ගෑවේ
මැස්සෝ මදුරුවෝ වහපු චිත්තර

කුණු ඇලක් කරබාන යද්දී
පැල මැදින් මහ නගරේ මැද්දට
ඩෙංගුවෝ ඇයි දෂ්ට කෙරුවේ
පිච්ච මල් මුරකරපු නට්ටට
ලේ ගන්න තොපි කට්ට ගැහුවේ
උණුහුමට ගුලිවෙච්ච තට්ටට
දෙන්නවත් අරගෙනයි ඉඟුලුනේ
කිරිල්ලිය රෝහලේ වත්තට

වැටුප වැඩිකර ගන්න කියලා
ආණ්ඩුවේ රොහලේ දොස්තර
වැඩවැරු දින ගෙවි තප්පර
අපේ අම්මා ගියා මොක්පුර
සේලයින් ඩිංගක් පොවන්නට
බටේකින් ආදරේ වක්කර
මාසෙකින් ඉස්කෝලේ ගියේ නෑ
නුබේ හිනේ පුංචි දොස්තර

-සුජිව හෙට්ටිතන්ත්‍රී-

LEAVE A REPLY