තත්වයෙන් උසස් සනීපාරක්ෂක තුවා තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු 5ක්

0
107

උරාගැනීමේ ස්වභාවය

උසස් තත්වයේ සනීපාරක්ෂක තුවායකට එය ඇඳගෙන සිටින තැනැත්තියගේ සිරුරට අපහසුතාවක් නොවන ලෙස විශාල රුධිරය ප්‍රමාණයක් උරාගැනීමට හැකියි. ඒ වගේම ඒවායේ මැද කොටසේ කාන්දු වීම වළක්වන ජෙල් සහිත මිශ්‍රණයක් අඩංගුවනවා නම් වඩාත් හොඳයි. ඔබ භාවිතා කරන සනීපාරක්ෂක තුවාය ඉක්මනින් කාන්දුවන සුළු එකක් නම් එම වර්ගය මාරු කිරීමයි කළ යුත්තේ.


නිමැවුම

Wings සහිත, wings රහිත ආදී වශයෙන් නිමවුණ සනීපාරක්ෂක තුවා වෙළෙඳපොළේ තිබෙනවා. මේවායෙන් wings සහිත ඒවා කාන්දුවීම් වළක්වනවා. ඒ නිසා ඒවා භාවිතා කිරීම wings රහිත ඒවා භාවිතා කරනවාට වඩා ප්‍රතිඵල දායකයි.


නිමවා ඇති අමුද්‍රව්‍ය

සිරුරට පහසුතාවක් ඇති නොවන ආකාරයේ අමුද්‍රව්‍යවලින් නිමවී තිබිය යුතුයි. කැසීම, රත් වීම වැනි කරුණු නිසා කාන්තාවන් අපහසුතාවට පත් වීම එවිට වැළකෙනවා. සිනිදු, මෘදු මතුපිටක් සහිත සනීපාරක්ෂක තුවා භාවිතයට ඉතාම කදිමයි.


ඝණකම

මෙය තීරණය කර ගත යුත්තේ ඔබ විසිනුයි. රුධිරය පිටවන ප්‍රමාණය අනුවයි මෙය තීරණය වන්නේ. විශාල රුධිර ප්‍රමාණයක් පිටවනවානම් ඝනකමෙන් වැඩි (super) සනීපාරක්ෂක තුවා ද සාමාන්‍ය හො අඩු වශයෙන් රුධිරය පිටවනවානම් සාපේක්ෂව ඝනකමෙන් අඩු (regular, ultra thin) සනීපාරක්ෂක තුවාද තෝරාගත හැකියි.


දිග

ඔබ විසින් තෝරාගත යුත්තේ යෝනි ප්‍රදේශය සහ ගුද මාර්ගයඅතර ප්‍රදේශය හොඳින් ආවරණය කෙරෙන දිගකින් යුතු සනීපාරක්ෂක තුවායි. එවිට කාන්දුවීම්අ හැකිතාක්ඟ දුරට වැළකෙනවා. ල් 8 සිට ඊටත් වඩා දිග ප්‍රමාණයෙන් යුත් සනීපාරක්ෂක තුවා ඇති නිසා ඒ අතරින් එකක් ඔබේ අවශ්‍යතාවට අනුව තෝරාගත හැකියි.


තමන් භාවිත කළ තුවා ක්‍රමවත්ව බැහැර කිරීමත් වැදගත්. ඇතැමුත් තමන් භාවිත කළ තුවා වැසිකිළියට දමන අවස්ථා තිබෙනවා. මෙය එතරම් සුදුසු දෙයක් නොවන්නේ වැසිකිළි නළ පද්ධතිය එයින් අවහිර වීමට හැකියාව තිබෙන නිසයි. එහෙයින් භාවිත කර අවසන් වූ සනීපාරක්ෂක තුවාය තැන තැන නොදමා, හොඳින් ආවරණය කර , නිසි අයුරින් බැහැර කරන්න. නැතිනම් පරිසරය අපිරිසිදු කිරීමට ඔබත් හවුල්කාරියක් වනවා පමණක් නෙමෙයි, ඔබේ පෞද්ගලිකත්වයට ද එයින් බාධා පැමිණෙනවා. ශරීරය අභ්‍යන්තරයට ඇතුළු කරන සනීපාරක්ෂක තුවා ද තිබෙනවා. එයින් රුධිරය මතුපිටට ඒම වළක්වනවා. පිහිනුම් තටාක ආදියෙහි නෑමෙහි යෙදෙන විට එවැනි තුවා භාවිතය වඩාත් යෝග්‍යයයි. ඒත් නිසි වේලාවේදී එය ඉවත් කිරීමට සැළකිලිමත් විය යුතුයි.

උපුටාගැනීම http://sinhala.goodhousekeeping.lk

LEAVE A REPLY