බුචන්වල්ඩ් බැල්ලී ! “The Bitch of Buchenwald – උපාලි ජයසිංහ

0
132

ලෝක ඉතිහාසය ඇය හදුන්වන්නේ එසේය. ඇගේ නම ඉල්සෙ කෝච්ය (Ilse Koch ) ඉල්සේ කොච් හිටිලර්ගේ කුප්‍රකට බුචන්වල්ඩි නැමති වධකාගාරය 1937 සිට 1941 දක්වා පාලනය කල කාල් ඔටෝ කෝචිගේ බිරිදයි.

ඇය නාසි ss හමුදාවෙි උසස් නිලයක් දැරූ ගැහැණියක් වූ අතර කෘෘර නිලධාරිනියක් සේ බුචන්වල්ඩි කඳවුර තුළ ප්‍රකට වී සිටියාය. රැඳවියෝ ඇය හැදින්වූයේ බුචන්වල්ඩිහි ‘ බැල්ලී ‘‘ යන අන්වර්ථ නාමයෙනි.

ඇයට තිබුනේ අති අමානුෂික ගනයේ විනෝදාංශයන්ය. සිරකරැවන්ගේ හම්වලින් බිත්ති සැරසිලි. හම් බෑග්, ලාම්පු ආවරන, සුළගට නොයන සේ මේස මත තබන බරක් වෙනුවට මිනිස් හිස් කබල් මෙි විනෝදාංශ අතර විය. ඇගේ නියමය අනුව ss භටයෝ දත් 32 කම මනාව පිහිටි සිරකරැවෝ මරා දැමූහ. හිස් කබල ලස්සන එවිටය. සියලුම දත් සමඟ පච්චා කොටනලද සියලු සිරකරැවෝ ඖෂධාගාරය වෙත ගොස් ඇයට වාර්තා කල යුතුය. එවිට ලස්සනම පච්චා ඇති සිරකරුවන්ට මරණය හිමිවිය. එම පච්චා රැඳි සම කපා වේලා ඇය අනගි ලාම්පු කවර සැදුවාය.

සිරකරුවන් මරණ විට හමට තුවාල නොවිය යුතුය. එවිට ඇය කලේ බෙල්ලට වෙඩි තැබීමට අණ දීම හෝ ඔලුවට පොලු පහරක් දී සිරකරැවා මරා දැමීමේ පහසු ක්‍රමයය. ඇයට දත් 32 කම ඇති සිරකරුවන්ගේ කලාත්මක පච්චා ඇති සිරකරුවන්ගේ හිස් කබල් හා හම් සීරීමක් හෝ නොමැතිව සිරැර තුළින් කපා ගලවා දෙන්නේ එරිචි වාග්නර් නැමැති මිනීමරු දොස්තරයි.කෙසේ වුවත් හිට්ලර්ගේ පරාජයෙන් පසු ඇය අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය හමුදාව ඇයව යුධ අපරාධකාරියක් කර නඩු පැවරීය. නමුත් පැමිනිල්ල එකී අපරාධ පිලිගතහැකි ඔප්පු කල නොහැකි සාක්ෂි මත ගොනුකර තිබූ නිසා ඇය ඡිවිතාන්තය දක්වා සිර දඩුවමකට නියම කල අතර එයද පසුව වසර 4 ට සීමා වී වසර 4 කින් පසුව ඇයට නිදහස ලැබිනි.


අතිශය කෘෘර මෙවැනි ක්‍රියා මිනිසුන්ට කල හැක්කේ කෙසේදැයි විමසීම වෙනත් කාරණාවකි. නමුත් සත්‍ය නම් ලෝකයේ ඔනෑම රටක එවැනි ගැහැණුන් හා මිනිසුන් සිටිය හැකි බවයි. ඔවුහු එසේ වුහ .ඔවුහු තවමත් එසේ නොවෙතිද ?

සටහන- උපාලි ජයසිංහ

LEAVE A REPLY