ලෝකයේ වැඩිම දෙනෙකු නැරඹූ ඡායාරූපය – දිලීප සංජේ

0
56

ලෝකයේ එක එක ආකාරයේ ඡායාරූප තියෙනවා සමහරක් ජනප්‍රිය වෙද්දී තවත් ඒවා ඉතිහාසය තුළ සැගවීලා යනවා මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ ඡායාරූපයක් ගැන.. ඔයාලා ගූගල් එකට ගිහින් “most viewed photograph in the world” කියලා හොයලා බැලුවොත් ලෝකයේ වැඩිම දෙනෙක් බලපු ඡායාරූප විදිහට මුලින් ම වගේ ම වැඩිම වාර ගාණක් බලන ඡායාරූපය තමයි පහළින් තියෙන්නේ නිකන් දැකලා පුරුදුයි වගේ නේද ඔව් ඒ ඡායාරූපය තමයි Microsoft ආයතනයේ OS වුනු Windows Xp සදහා යොදා ගත්ත පසු බිම තමයි ලෝකයේ වැඩිම පිරිසක් නරඹපු ඡායාරූපය කියලා ඔබ දන්නවද?


සමහර විට ඔබ හිතයි මේක ඡායාරූපයක් වෙන්නේ කොහොමද කියලා. මේක ග්‍රැෆික් නිර්මාණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන්.. ඔබ දන්නවද මේ ඡායාරූපය එසේ නිර්මාණය නොකර ලද්දක් බවත් එවන් ප්‍රදේශයක් ඇමෙරිකාවේ Sonoma ආසන්නයේ සැබැවින් ම ඇති බව ඔබ දැන සිටියාද? මේ ඡායාරූපය මේ වන විට ලෝකය පුරා මිලියන 500ක් වඩා නරඹා ඇති බව ද ඔබ දැන ගත යුතු වෙනවා.. ඉතින් මේ මිලියන ගණනක ඇස් ගැටුනු මේ ඡායාරූපය ලෝකයට මුලින් ම ඉදිරිපත් වෙන්නේ 2001 දී Microsoft ආයතනය විසින් හදුන්වා දුන් Windows Xp OS එකේ පසුබිම් ඡායාරූපය විදිහටයි.. ඉතින් මේ ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ ඡායාරූපය ගැනීමේ වාසනාව උදාවන්නේ National Geographic හී හිටපු ඡායාරූප ශිල්පියෙකු වුනු Charles O’Rear හට.. ඒ වර්ෂ 1998 දී ඔහු Sonoma නගරයේ දකුණට වෙන්න පිහිටා තිබුනු 12/121 අධිවේගි මාර්ගයේ ගමන් කරමින් සිටියා.. ඔහු මේ දර්ශනය දකින්නේ Stornetta හරියේ දී විතර.. ඔහු වහාම තමන්ගේ Mamiya කැමරාව ( මේ වන විට ලෝකයේ ඡායාරූපකරණයේ වර්ණ සංයෝග නියම ආකාරයෙන් ලබා ගැනීමේ කැමරා අතර Mamiya ඉහළින් ම ඇත.) සුදානම් කර ගන්නේ මේ ඔහුගේ ඇස් ගැටුනු ඒ සුන්දර ඡායාරූපය තමන්ගේ කැමරා කාචයේ සටහන් කර ගැනීම සදහාය. ඔහුට ඒ ඡායාරූපය මිලියනයක් පමණ වටින ලොතරැයියක් ඇදුනා හා සමානය..

දැන් වයස අවුරදු 73 වැනි වියේ පසුවන O’Rear පවසා තිබුනේ “ තවත් එක් සමාන්‍ය දර්ශනයක් Sonoma වල තියෙන”. ලෙසය….
ඔහු මේ ඡායාරූපය Corbis හී පළ කරනු ලබනවා. Corbis කියන්නේ ඇත්තටම ඡායාරූප ගබඩාවක් ඇමෙරිකාවේ සියැටෙල් හී පිහිටා තිබෙන, එහි අයිතිකරු ලෝකයේ ප්‍රධාන කොටිපති ව්‍යාපාරිකයා වන Microsoft හී අයිතිකරු බිල් ගේට්ස්.. ඉතින් මේ Corbis හි සිටින ලෝකයේ නන්දෙසින් ඇවිත් සිටින ඡායාරූප වල එකතුවක් මේකට සම්බන්ධ වෙලා ඉදිය ඡායාරූප ශිල්පීන් ගිවිසුමක් මාර්ගයෙන් ආයතනය හා සම්බන්ධ වෙලයි ඉන්නේ…ඉතින් මේ O’Rearගේ Sonoma හී තෘණ භූමියේ ඡායාරූපය බිල් ගේට්ස්ගේ ඇස් ගැටෙන්නෙත් මේ Corbis නිසායි.. ඉතින් මේ කොටිපති ව්‍යාපාරිකයා මේ ඡායාරූපය තමන්ගේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන පසුතලය ලෙස යොදා ගන්න ගත්තේ නිකන් නෙමෙයි මෙහි පිටුපස සිටි ඡායාරූප ශිල්පියාට යම් මුදලක් ද ලබා දීලයි.. ඉතින් ඒ ගාණ කීයද කියලා නම් සදහන් වෙන්නේ නෑ. ඒත් මේ ඡායාරූප ශිල්පියා විශේෂ ප්‍රකාශයක් කර තිබුනා ඒ මයික්‍රෝසෝෆට් ආයතනයට හා ක්‍රෝබිස් එකට ස්තූති කරලා මේ සදහා….

පසුව මෙහි සමහර වර්ණ හා කොටස් පරිගණක තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කළේ ය.. බොහො දෙනෙකු මෙය සත්‍යයක් ලෙස නොපිළිගත්තද පසුව මේ සුන්දර ස්ථානය තිබෙන ස්ථානය ගූගල් අවකාශයට මුදා හරින ලදී.
ඔබ ඇමෙරිකාවේ සිටිනවා නම් මේ කණ්ඩාංක ඔස්සේ ඔබට ඔබගේ GPS උපකරණ මාර්ගයෙන් මෙම ස්ථානයට ළගා විය හැකිය, කණ්ඩාංක වන්නේ 38.250124,-122.410817 ඒවාය.

O’Rear වසර 25කට අධික කාලයක් National Geographic ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළේ ය. ඔහු ගත් ඡායාරූප බොහොමයක් ලෝකය පුරා විහිදි ගියේය.. නමුත් මේ ඡායාරූපය ඔහුගේ ජිවිතේ ම වෙනස් කළේ ය..

-කරුණු අන්තර්ජාලය ඇසුරිණි.
-ලෝකය සිංහලෙන් කියවමු.-

-Dileepa SJ

LEAVE A REPLY