ආත්මය විනිවිදින බැඳීමක වත්කම; The Paper Boy

0
83

සමහර දේවල් අහම්බෙන්, නොහිතන මොහොතක අපෙ ජීවිත ඇතුළට නොකියාම රිංගන්නෙ මුළු ජීවිත කාලයම අපිත් එක්ක නතර වෙන්න සූදානමින්. නමක්, ගමක්, ආව තැනක් හෝ යන්න නියමිත තැනක් ගැන දැනගෙන නොහිටියත් ඒ සමහර දේවල් අපිත් එක්ක ඇතිකරගන්නෙ වචනයෙන් විස්තර කරන්න අමාරු ආත්මීය බැඳීමක්. ආදරය, කරුණාව, මිත්‍රශීලීබව වගේ ගොඩාක් දේවල් පිරුණු එහෙම බැඳීම්වලට හැකියාවක් තියෙනවා ජීවිතේ අමාරුම කාලයක වුණත් අපිට හිනාවක් මුණගස්සන්න. සතුටු කඳුලකින් අපේ ඇස් තෙමන්න.

Aniket Mitra අධ්‍යක්ෂණය කරපු The Paper Boy සම්මානනීය ඉන්දියානු කෙටි චිත්‍රපටියත් අපට කියන්නෙ එහෙම ආත්මයට කිඳාබහින අහම්බයන් ගැන කතාවක්. පත්තර බෙදන පුංචි පිරිමි ළමයෙක් වටේ ගෙතිල තියෙන The Paper Boy කෙටි චිත්‍රපටය ඉන්දියානු කෙටි චිත්‍රපට උළෙල කිහිපයකම ඇගයීමටත් ලක්වුණා.

කෙටි චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය වුණු පත්තර බෙදන පිරිමි ළමයා විදියට රංගන දායකත්වය ලබාදෙන්නෙ Raja. එයාගෙ චරිත නිරූපණය; සමහර දර්ශනවල මුහුණෙන් ප්‍රකාශ කරන හැඟීම්, ප්‍රේක්ෂකයගෙ ඇස්වලට කඳුලු නංවන්න පවා සමත් වෙනවා.

Modhura Palit ගේ කැමරාකරණයෙන් සහ Syan Ghosh, Abir Roy දෙපළගේ සංස්කරණයෙන් නිර්මාණය වුණු මේ කෙටි චිත්‍රපටයේ සංගීතය ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. මොකද Subhajyoti Pal අතින් නිර්මාණය වුණු ඒ පසුබිම් සංගීතය කෙටි චිත්‍රපටය බලලා ඉවර වුණාට පස්සෙත් සෑහෙන වෙලාවක් හදවතේ රැව්දෙන  පසුබිම් සංගීතයක්. ආත්මයටම කිඳාබහින මොකක්දෝ හිතවත් හැඟීමක් එතන තියෙන්නෙ.


සෞම්‍ය සඳරුවන් ලියනගේ

 

චිත්‍රපටය මෙතනින් නරඹන්න.

උපුටාගැනීම – http://www.thecolombopost.net

 

LEAVE A REPLY