සියදිවි නසාගැනීමක් මාධ්‍යයෙන් වාර්තා කරන්නෙ මෙහෙමයි.

0
631

ජීවිතයට ආදරය කරමු.

මාධ්‍ය වාර්තාකරණයේදී ආචාර ධර්ම පද්ධතියට අනුගත නොවීම පුද්ගල මනෝ සාමජයීය පරිහානියට හේතුවක් විය හැකියි. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීමේ රැල්ලක් ඇතිවිය. එයට බහුලව වගකිව යුත්තේ මාධ්‍ය බව ඔබ දන්නවාද? මේ සටහන සියදිවි නසා ගැනීම් වාර්තාකරණය පිළිබඳවයි.

සිය දිවි නසා ගැනීම් වාර්තාකරණය

ශ්‍රී ලංකාව ඉහළ සියදිවි නසා ගැනීමේ අනුපාතයක් ඇති රටකි. මාධ්‍ය හරහා සියදිවි නසා ගැනීම් වාර්තා කරන ආකාරය යම් රටක සිය දිවි නසා ගැනීම් ඉහළ දැමිය හැකි බව පර්යේෂණාත්මකව නැවත නැවත තහවුරු වී ඇත. (Copycat suicide)

  1. පුවත්පත් ,රූපවාහිනි, සමාජ වෙබ් අඩෙවි හරහා සියදිවි නසා ගැනීම් පුවත් වාර්තාකරණය

  2. සිනමාව, ටෙලිනාට්‍ය හරහා සියදිවි නසා ගැනීම් නිරූපණය

  3. සාහිත්‍ය මාධ්‍යය හරහා නිරූපණය

පහත උදාහරණ සළකා බලන්න.

  1. 1980 දශකයේදී ඔස්ට්‍රියාවේ වියානාහි උමං දුම්රිය මාර්ගයන්හි සියදිවි නසා ැනීම් වාර්තා විය. මෙම සියදිවි නාසා ගැනීම පුවත්පත් නැවත නැවත වාර්තා කළ අතර එයට සමාන්තව සියදිවි නසා ගැනීම් බහුල විය. මේ සඳහා මාධ්‍ය හා බලධාරීන් එක්ව කටයුතු කර 1987 වනවිට මාධ්‍ය වාර්තාකරණය නවතා දැමීය. ඒ අනුව 1988 වන විට උමං දුම්රිය සියදිවි නසා ගැනීම් ද නතර විය.

  2. ඇමරිකාවේ 1947- 1968 අතර පුවත්පත් වල මුල් පිටුවේ සියදිවි නසා ගැනීම් ගැන වාර්තාවකට පසුව රටපුරා සියදිවි නසා ගැනීම් 58% ක වැඩිවීමක් තිබුණි.

මාධ්‍ය සියදිවි නසාගැනීම් වාර්තාකරණය පුද්ගලයෙකුගේ සියදිවි නසා ගැනීමකට හේතු වන්නේ ඇයි?

යම් පුද්ගලයෙකු මානසික රෝගී තත්වයක් නිසා හෝ ගැටලුවක් නිසා දියදිවි නසා ගැනීමක් ගැන කල්පනා කරනවා යැයි සිතමු. නොයෙක් කරුණු මත ඔහුගේ එම අදහස යටපත් වනවා විය හැකිය. පසුව මාධ්‍ය හරහා ඔහු වැනිම එම ගැටලුවට මුහුණ දුන් අයෙකු හෝ ප්‍රසිද්ධ අයෙකු සිය දිවි නසා ගන්නා ආකාරය වාර්තා කරන්නේ නම් , සිය දිවි නසා ගැනීම තම ගැටලුවටත් පිළියමක් ලෙස ඔහු නිගමනය කරනු ඇත.

වාර්තාතකරණයේදී නොකළ යුතු දෑ

  • විචිත්‍රවත් ලෙස (Dramatic) හෝ සංවේදී පුවතක් ලෙස වාර්තා නොකරන්න. මන්ද අවදානම් අය ඒ සඳහා යොමු විය හැකිය.

  • සියදිවි නසා ගැනීමට සරළ හේතුවක් දෙන්න එපා. එය හේතු සංකීර්ණයක ප්‍රතිඵලයකි. ලාංකාවේ සිදු කළ පර්යේෂණ අනුව සියදිවි නසා ගැනීමට මූලික හේතු දෙක වන්නේ විශාදය හා මද්‍යසාර ගැටලුය.

  • සියදිවි නසා ගත් ආකාරය හෝ ස්ථාන සවිස්තරාත්මකව ඉදිරිපත් නොකරන්න.

  • සිරස්තලයේ යොදාගත් ක්‍රමය හෝ සියදිවි නසා ගැනීම යන වචනය දක්වන්න එපා.

  • පුවත්පතක නම් මුල් පිටුවේ පල කරන්න එපා.

  • මියගිය අයගේ හෝ නෑදෑයින්ගේ රූප පල නොකරන්න. රූප දකින සාමාන්‍ය අය රෝගී විය හැකියි. එම රූප නිසා නෑදෑයින් තවත් අපහසුතාවට පත්විය හැකියි.

  • සියදිවි නසා ගැනීම ගැටලුවලට විසඳුමක් ලෙස නිරූපණය නොකරන්න.

  • සියදිවි නසා ගත් පුද්ගලයාගේ ක්‍රියාවට වීරත්වයක් ආරෝපණය කරන්න එපා.

වාර්තාකරණයේදී කළ යුතු දේ

  • මානසික රෝග ගැන කතා කරන්න. සියදිවි නසා ගැනීමට ප්‍රධාන හේතු වන විශාදය හා මධ්‍යසාර ගැටලු යන රෝග දෙකම සුව කළ හැකිය.

  • උදව්ගත හැකි තැන් දක්වන්න.

  • ගැටලු විසඳිය හැකි ආකාර දක්වන්න.බොහෝවිට ගැටලුවක දරා ගත නොහැකි වන්නේ අවේග කොටසයි.

  • මධ්‍යසාර භාවිතයේ ආදීනව දක්වන්න

උදව් ගත හැකි තැන්

  • රජයේ සෑම රෝහලකම පාහේ ඇති මානසික සෞඛ්‍ය සායන.

  • පෞද්ගලික රෝහල් වල සිටින මනෝ වෛද්‍යවරුන්

  • සුමිත්‍රයෝ , කාන්තා පිහිට වැනි රාජ්‍ය නොවන සංවිධාන

  • පාසල් උපදේශන ගුරුවරුන්

ඉහත ක්‍රම උපයෝගී කරගනිමින් සිදුකරන සියදිවි නසා ගැනීම් මාධ්‍ය වාර්තාකරණයකින් ජීවිතයක් ජීවත්කරවීමට හැකියාව ලැබෙයි.

 

-සිය දිවි නසා ගැනීම වළක්වමු මැයෙන් 2017.08.09 දින සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේදී පැවති මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරිනි.

 

 

LEAVE A REPLY