නව යොවුන් විය යනු?

0
226

නව යොවුන් විය පුද්ගල ජීවිතයේ ප්‍රධානම මංසන්ධියකි. නව යොවුන් වියෙහි සමාජ හැසිරීම පිළිබඳ හා නව යොවුන් වියේ මානසික හැසිරීම් පිළිබඳ අවබෝධය සෑම පුරවැසියෙක් තුළම තිබිය යුතුය.

නව යෞවනියන් සම්බන්ධව ඇති අර්ථකතනයන්

නව යෞවනයන් – වයස අවුරුදු 10-19

තරුණයන් – වයස අවුරුදු 15- 24

තරුණ ජනතාව – වයස අවුරුදු 10- 24

ලෝක තත්වය

ලෝක ජනගහනයෙන් 1/6 ක්- වයස අවුරුදු 15- 24 අතර

මෙයින් වැඩි කොටසක් ජීවත් වෙන්නෙ දියුණු වෙමින් පවතින රටවලමෙම ජන කොටස රටකට නොසලකා හැරිය නොහැකි වටිනා සමාජමය කොටසකි

ලංකාවේ තත්වය

ජනගහනයෙන් ¼ ක් ( මිලියන 5ක්) – වයස අවුරුදු 10 -24 අතර

ජනගහනයෙන් 16% ක් – වයස අවුරුදු 10 – 19 අතර

70%ක් පාසල් යන

30%ක් පාසල් නොයන

ජනගහනයෙන් 15. 6 % ක් – වයස අවුරුදු 15- 24 අතර

නව යෞවනියන් යනු

ළමා කාලයේ අවසානයේ සිටින වැඩිහිටි වීමට පෙර සිටින සංක්‍රාන්ති සමයයි.

නව යෞවනියන්ගේ සංවර්ධන අවශ්‍යතා සිවිල් සමාජයේ සියල්ලන්ටම වැදගත් වේ.

තව දුරටත් ළමයෙක් හෝ වැඩිහිටියෙක් නොවන මේ වයසේ දි විශාල වශයෙන් කායික මානසික සමාජයීය වෙනස්කම් ඇතිවේ.

නව යෞවනියා 

සමාජයෙන් විවිධ දේ බලාපොරොත්තු වන

සෑම දෙයක්ම ඉක්මනින් ග්‍රහණය කර ගන්නා

විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කරගැනීමට විවිධ දේ කරන

අවධානම් හැසිරීම් සහිත

සම්ප්‍රදායට විරුද්ධව යන

විවිධ ගැටලු වලට මුහුණපාන

දඩබ්බර ගති පැවතුම් ඇති

අන්තරු පුද්ගල සම්බන්ධතා ඇතිවන;

කලබලකාරී වයසකි.

නව යොවුන් දරුවන් අවධානම් හැසිරීම්වලට යොමුවන්නේ ඇයි?

;හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා

ඔවුනව්ගේ මොළය වැඩීම සම්පූර්ණ වී ඇති බැවින්

මොළය වර්ධනය වන ආකාරය

වයස අවුරුදු 25ක් පමණ වන තුරු මොළය වර්ධනය වේ.යොවුන් වියේදී මොළයේ පිටුපස සිට ඉදිරිපස දක්වා සෛල වල මයලීන් තැන්පත් වීම සිදුවේ.

මොළයේ වර්ධනය හා සංවර්ධනයමොළයේ පිටුපස ඇති ආවේග පිළිබඳ මධ්‍යස්ථානය වයස අවුරුදු 15 වන විට හොඳින් වර්ධනය වී ඇත.

නමුත් මොළයේ ඉදිරිපස ඇති තීරණ ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය වර්ධනය වෙමින් පවතියි. මොලයේ ඉදිරිපස කොටස හැඟීම් / අවධානම් හැසිරීම් සම්බන්ධව තිරිංග පද්ධතිය ලෙස ක්‍රියා කරයි.

මෙම කොටස වැඩීම සම්පූර්ණ වීම – අවු. 20- 25 ත් අතර කාලයේදී සිදුවේ.

 

2017 ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරිනි

LEAVE A REPLY