—- සිමෝන් සහ පේරෝ Cimon And Pero —–

0
177

==========================================
ඔබ මෙි දකින්නේ ලොව අග්‍රගන්‍ය නිර්මාණ දෙකකි. එකක් සිතුවමකි අනෙක ඡායාරෑපයකි මෙි දෙකටම පාදක වී ඇත්තේ එකම කතාවය, එකම චරිතය නමුත් හැඩ රැව ඇද ඇත්තේ එකිනෙකාට වෙනස් අයුරැිනි මක් නිසාද කතාවෙි එන චරිත ලොව කිසිවෙක් මෙතෙක් දැක නොමැති නිසාය. මෙහි ප්‍රථමයෙන් ඇත්තේ 1612 දී Peter Paul Rubens නැමැති ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පයා ඇදි සිතුවමයි. දෙවැන්න නිර්මාණය කර ඇත්තේ 2011 දීය

ඒ ලොව කීර්තිමත් කලාකරැවෙකු ලෙස නමක් දිනා සිටින රැසියාවෙි Max Sauco විසිනි.
මෙි නිර්මාන ද්විත්වය හා තවත් බොහෝ චිත්‍ර ශිල්පීහු සිතුවමට නැගු පෝරෝ සහ සිමොන් සිතුවමිවලට. පාදක වන්නේ වැලීරියස් මැක්සිමස් නැමැති රෝමන් ඉතිහාසඥයා ලියන ලද a great act of pietas නමි කෘතියේ එන ඉපැරණි රෝමන් සිතුවමි දෙකක් හා එයට නිමිත්තවු ඔහුගේ කතාවයි
ක්‍රිවර්ෂ පළවෙනි සියවසේ පොමිපෙයි නුවර සිරගෙදරක සිමොන් යනුවෙන් හදුන්වන එක්. වයසක මිනිහෙක් සිර ගත කර සිටියේය. ඔහුට පාලකයෝ ආහාර නුදුන් අතර ඔහු සිටියේ මිය යමිනි. මිය යමින් සිටින මෙි මිනිස‍ා බැලීමට දිනක් ඔහුගේ දියණිය වන තරැණ පේරෝ පැමිනියාය. අණතුරැව ඇය දිනපතා මෙි සිරකරැවා බැහැ දකින්නට පැමිණි අතර සිමොන් සිටියේ මරණයෙන් ගොඩ එමිනි. දිනක් හදිසියේ මෙි සිර කුටිය ලගට ආ බන්ධනාගාර නිලධාරියෙක් දුටුවෙි තරැණිය සිය තන පුඩුව පියාගේ මුවට ලං කරන අන්දමයි .ඔහු මෙය සිය බලධාරින්ට වාර්තා කලේය. බලධාරීන් පැවසුයේ එය උත්තරීතර මානව දයාවක් හා සැබෑ පීතෘ ස්නේහයක් බවයි එමෙන්ම ඔවුහු දියනියගේ පියාව නිදහස් කලා පමණක් නොව ඔහු මියයනතුරැ ආහාර සැපයීමෙි වගකීමද බාරගත්හ .
ලෝකයේ බොහෝ රටවල කීර්තිමත් චිත්‍ර ශිල්පීන් විසින් මෙි දෙදෙනාව තමන් සිතින් දකිනා පේරෝ සහ සිමොන්ට අනුව චිත්‍රයට නගා ඇත .


==================================

LEAVE A REPLY