මානසික අවපීඩනයෙන් මිදෙන්න සරල කරුණු කිහිපයක්

0
128

මිනිස් සිතිවිලි විවිධාකාරයි. පුද්ගලයකුගේ නියම ස්වරූපය සිතුවිලි මගින් තේරුම් ගන්න පුළුවන්. ඒත් මොලේ සමතුලිත බව නැති උනාම මේ විදියට පැහැදිලි ලෙසින් පුද්ගලයෙක් තේරුම් ගන්න අපහසුයි.මානසිකව ඇතිවන අවපීඩනයට ගොාදුරු වුනාම ඔවුන්ගේ ජීවිතයේ වර්තමානය ගැටලු සහගත අතර අනාගතයේ මුල් කරගෙන තීන්දු තීරණ නිර්භයව ගැනීමට ඉදිරිපත් වෙන්නෙ නැහැ. එනිසා අපි මානසික අවපීඩනයකට පත් පුද්ගලයකු ගේ සිතුවිලි සහ ඔවුන් තම ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන කාරණය පිළිබඳව විමසා බැලීමක් කළා. මේ ගැන අදහස් ඉදිරිපත් කරන්නේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රතිකාර,පුනරුත්තාපන හා පර්යේෂණ ස්ථාන භාර අධ්‍යක්ෂ ඒ. අයි බණ්ඩාර මහතා විසින්.

අධිසාමාන්‍යකරණය

තම ජීවිත කාලයේදී නොදැන හෝ වැරැද්දක් සිද්ධ වුණාම ඒ වැරැද්ද ඉදිරි කාලයේ දීත් ඇතිවේය යන පසුතැවිල්ලෙන් පීඩා විඳින තත්ත්වය අධිසාමාන්‍යකරණය යනුවෙන් හැඳින්වෙනවා. උදාහරණයක් විදිහට තරුණයෙක් තමා කැමති තරුණියකට ආදරය ප්‍රකාශ කොට ඇය එම යෝජනාව නොපිළිගත් විට එතැන් පටන් මුලින් කී තරුණයාගේ හිතේ තැන්පත් වෙන්නේ “මට ගැහැනු ළමයි කැමැත්තක් දක්වන්නෙ නැහැ, යන එන සිතුවිල්ලයි මේ තත්ත්වය නිසා බොහෝ දෙනකුගේ සාමාන්‍ය ජීවිතයට ප්‍රශ්න ඉතා අහිතකර අන්දමින් බලපානවා.

පෞරුෂකරණය

අපේ එදිනෙදා ජීවිතයේ සිදුවන අන්තර් සම්බන්ධයන්හිදී විවිධාකාර අතපසුවීම් සිදු වෙන්න පුලුවන්. ඒ වැරදි ඉදිරියේ අපි නැවත මේ වැරැද්ද නොවන්නට වගබලා ගැනීම හැරුණු කොට එම වැරැද්ද අපේ හදවතට තීරණය කරගෙන එය පසුතැවිල්ලක් ලෙසින් වගා කරගත යුතු නැහැ. සමහර විට මෙය ඉතා සුළු සිදුවීමක් විය හැකියි කණ්ඩායමක් සමග යම් උත්සවයකට යන ඔබ එය අවසාන වන තෙක් රැඳී සිටින්නට නොහැකි අපහසුතාවයකින් සිටින නිසා ඔබ සමග පිරිසටත් ඉක්මනින් යා යුතු බව කියා සිටිනවා. එහෙත් මේ උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ඇත්තේ ඉදිරියටයි. එහෙත් ඔබ ගැන සිතා මේ පිරිස පැමිණෙන අතර එයින් ඔබ මහත් පසුතැවිල්ලකින් පීඩාවට පත්විය හැකියි.

කළු සුදු චින්තනය

හැම පුද්ගලයෙක් තුළ ම හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් පිහිටා ඇත.කිසිම පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම නරක හෝ සහසුද්දෙන්ම හොඳ යැයි අපට level කළ නොහැක. එහෙත් අවපීඩන තත්ත්වයකට පත් පුද්ගලයන් නිතරම සිතන්නේ තමා සියයට සියයක්ම සාර්ථක චරිතයක් බවයි. එහි අනෙක් පාර්ශවය සිතන්නේ තමා කිසිම වැදගත් කමක් නැති චරිතයක් ලෙසයි. මේ සිතුවිල්ල රැඳෙන පිරිසක් මානසික ලෙසින් සුවදායි චරිත නොවන්නේය

නිගමන වලට එළඹීම

මෙම පිරිස අපේ ජන වහරට අනුව තලියේ පැනෙන් කිඹුලන් දකින්නන්ට සමානය . යම් යම් දේ ගැන මම උපකල්පනය ගොඩනඟා ගන්නවා පමණක් නොව ඒ මත එල්බ ගෙන පීඩාවට පත්වෙති යමකුට කිහිප වතාවක් දුරකථන ඇමතුමක් ලබා දුන්නත් ඒ තැනැත්තා ඇමතුමට ප්‍රතිචාර නොදක්වන විට තමා මඟ හැරීම පිණිස මේ ඇමතුමට පිළිතුරු නොදෙනු ඇතැයි උපකල්පනය ගොඩනගා ගනී.

මතුසම්බන්ධයි

උපුටාගැනීම

සුවය මාසික සඟරාව

LEAVE A REPLY