කියන සිනමාව හා නොකියන අර්බුදය

0
118

සිංහල සිනමා කර්මාන්තයේ කාලයක සිට අර්බුදයක් පවත්නා බව කියැවෙනවා. මේ අර්බුදය වර්තමානයේ විවිධ ස්වරූප ගෙන තිබෙනවා. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි හා ප්‍රධාන විධායක නිලධාරි යුගයෙන් පසු 1977 න් පසු එම සංස්ථාවේ සභාපති ධුරයට පත් ඇන්ටන් වික්‍රමසිංහ මේ අර්බුදයට මුල පිරූ බවයි බොහෝ දෙනාගේ මතය. සිනමාවේ පැවැත්මට වාණිජ සිනමාවත් කලාත්මක සිනමාවත් යනදෙක ම අවශ්‍යයි.

වානිජ සිනමාවක් නොමැතිව කර්මාන්තයක් පවත්වාගෙන යාම අසීරුයි. ලෝක සිනමාවේ ස්වරූපයත් එසේමයි. කලාත්මක සිනමාව ඊට සමාන්තරව පවතින්න ඕනෑ. මෙරට ප්‍රතිභාසම්පන්න චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ කෘති බිහිවීම, ඒවා අන්තර්ජාතික සම්මානයන්ට පාත්‍රවීම අවශ්‍ය නොවේද? කලාත්මක සිනමාවේ අර්බුදයට විසඳුම ලෙස මා දකින්නේ එක් පැත්තකින් ඍජු ලෙස රාජ්‍ය මැදිහත්වීමයි.

විශේෂයෙන් වෙනත් සිනමා මණ්ඩල හුදෙක් වාණිජ පරමාර්ථ පෙරදැරි කරගෙන ක්‍රියාකරන පසුබිමක චිත්‍රපට සංස්ථාව යටතේ පවත්නා රිද්මා මණ්ඩලයේ එකී චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමයි.

මෙහිදී දැනට චිත්‍රපට සංස්ථාව පාඩු පිට පවත්වාගෙන යන බැවින් පළාත් පාලන දෙපාර්තමේන්තුවට බැරවන විනෝද බදු මුදල් ඊට යොදවන්න පුළුවන්. වෙනත් මණ්ඩල වෙනුවෙන් සංස්ථාවේ කිසියම් නියාමනයක් ද අවශ්‍ය බව පෙන්වා දෙන්න ඕන. එසේ නොමැතිවන්ට පෞද්ගලික මණ්ඩල ඉවක් බවක් නොමැතිව චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම වළක්වන්න බැහැ.

රජය සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීමට උත්සුක නොවන බව පැහැදිලි වෙනවා. ඔවුන් එය පෞද්ගලික මට්ටමෙන් සිනමාශාලාවලට පැවරීමට අදහස් කරන්නේ යැයි සිතන්න පුළුවන්. එහෙත්

ගැටලුව වන්නේ ලක්ෂ ගාණක මුදල් කන්දරාවක් වැය කරන්ට සිනමාශාලාවන්ට නොපුළුවන් වීමයි.

උපුටාගැනීම

http://www.silumina.lk/

LEAVE A REPLY