වසරකදී 1730ක් දරුවන් කුස තුළම මිය යයි.

0
80

 

වසරකට ශ්‍රී ලංකාවේ මවුවරුන්ගේ කුස තුළ දරුවන් 1730 දෙනෙකු මිය යෑමේ ඛේදවාචකයට තිත තබමු යන මැයෙන් 22 (අද) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මෙය පවත්වන ලදී.

ගර්භනී සමයේ හෝ දරු ප්‍රසූතියෙන් පසු දරුවෙකු මිය යෑම බොහෝ විට වළක්වාගත හැකි ඛේදනීය අත්දැකීමකි. එවැනි තත්වයක් මවට පමණක් නොව ජීවත් වන අනෙකුත් දරුවනට ,සමස්ත පවුලට හා සමාජයට අහිතකර බලපෑම් එල්ල කරයි.

2015 සිට සජීවි දරු උපත් 334000 ක් වාර්තා වූ අතර ගර්භයට සති 28 කට පසු මෙලොවට බිහි නොවී කුස තුළම 1728ක් දරුවන් මිය ගියහ. තවත් දරුවන් 1555ක් ඉපදී පළමු සතියේදීම මිය ගිය බව වාර්තා වේ. නොමේරූ දරුවන්, අඩු බර , ප්‍රසූත සංකූලතා සහ උපත් ආබාධ මෙම මරණ වලට ප්‍රධානතම හේතු ලෙස හඳුනාගෙන ඇත.

LEAVE A REPLY