දරු ප්‍රසූතියේදී වේදනාව උරුමයක්ද?

0
240

“අම්මා කෙනෙක් නම් ප්‍රසූත වේදනාව විඳින්නම වෙනවා. ප්‍රසූත වේදනාව මව් සෙනෙහස කෙරෙහි බලපානවා යන මිත්‍යා මත තවමත් සමාජයේ බොහෝ පිරිසක් අතර ශේෂව පවතියි. එම යල්පැනගිය මිත්‍යා විශ්වාස මව්වරුන්ගේ සිහින බොඳ කර දමමින් ඔවුන් අනවශ්‍ය භීතියකට ලක්කරවයි.

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබටත් ඔබේ දරුවාටත් හිතකර ඔබට ගැළපෙන වේදනා නාශක ක්‍රමයක් ලබා ගැනීමට ඔබේ වෛද්‍යවරයා හෝ හෙද නිළධාරිනිය හෝ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනය වෙත දන්වන්න. වේදනාවෙන් තොර ප්‍රසූතිය ඔබේ අයිතියකි.

එමෙන්ම මව විසින් දරුවා බිහි කරන අවස්ථාවේ මවගේ ළබැඳි අයෙක් ළඟ තබා ගැනීමට අවස්ථාව හිමි කර දීම මඟින් මවටත් දරුවාටත් බොහෝ යහපත් ප්‍රතිඵල උදාකරගත හැකිය.

එමඟින්,

ඔබේ ප්‍රසූත වේදනාව අඩු කරගත හැකිය.

එමඟින් මවට සාමාන්‍ය දරු ප්‍රසූතයක් ඇති වීමට ඉඩ කඩ වැඩි වේ.

ඔබේ බිළිඳා සංකූලතාවන්ගෙන් තොරව ඉපදීමේ අවකාශ වැඩි කරයි.

ප්‍රසූතියේදී බිළිඳා බිහි කිරීමට ගත වන කාලය කෙටි කරයි.

ප්‍රසූතය පිලිබඳ මවට සුවදායි අත්දැකීමක් ලබා දෙයි.

ප්‍රසූතියේදී ළබැඳි කාන්තාවක් ළඟ තබා ගැනීමට පහසුකම් සැළසීම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇති බැවින් එය ඔබේ රෝහලේ ක්‍රියාත්මක වේදැයි යන්න පිළිබඳව අවධානය යොමු කරන්න.

 

2017 අගොස්තු 22 දින සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේදී , “වසරකට ශ්‍රී ලංකාවේ මවුවරුන්ගේ කුස තුළ දරුවන් 1730 දෙනෙකු මියයෑමේ ඛේදවාචකයට තිත තබමු” මැයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුව ඇසුරිනි.

LEAVE A REPLY