නායකයකු හැමවිටම උදාර මිනිසෙකු බවට පත්වන්නේ නැත. – චන්න කරුණාරත්න

0
120

නායකයකු හැමවිටම උදාර මිනිසෙකු බවට පත්වන්නේ නැත. එමෙන්ම උදාරභාවය මරනය තෙක්ම පවත්වාගෙන යාමට හැකිවන්නේ ද අතලොස්සක් නායකයින් හටම පමණි.


නෙල්සන් මැන්ඩෙලා එවැන්නෙකි. ඔහු උදාර නායකයෙකු වූවා පමණක් නොව එකී උදාර භාවය තම ජීවිතය කෙලවරවන තෙක්ම පවත්වාගෙන යාමට හැකිවූ අයෙකි. ඔහු ආකාර ගනනකින් ශ්‍රේෂ්ඨ නායකයෙකි. ඔහු තුලින් මා දකින මුල්ම ශ්‍රේෂ්ඨත්වය වන්නේ තමන් කැපවූ ශ්‍රේෂ්ඨ දැක්ම යතාර්ථයක් බවට පත්කරගැනීම උදෙසා තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කිරීමට ඔහුට හැකිවීමය.
එමෙන්ම ඔහු මනුෂ්‍යයෙකු වශයෙන්ද අති ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ඔහු සතුව පැවති දැඩි ආත්ම සංයමය නිසාය. දකුණු අප්‍රිකාවේ වර්ගවාදී අරගලය නිමා කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහිකිරීම උදෙසාවූ සටනේදී ඔහු වසර 27 ක් ම සිරකර තැබුවා. ඔහු මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව සඳහා එෆ්.ඩබ්ලිව්. ඩී. ක්ලර්ක් සමග සාකච්ඡා ඇරඹුවේද සිරමැදිරියේ සිටිමින්.

අවුරුදු 27 ක අරගලයකින් පසු තුමූ කැපවූ ජීවිත පරමාර්ථය ජයගත්තා පමණක් නොව ඔහු තමන්ව වධ හිංසනයට ලක්කල සියල්ලන්ටම සමාවදී ශ්‍රේෂ්ඨයෙකු ලෙස මෙලොවින් සමුගත්තා. වයිරයෙන් දැවුනෙ නෑ.

ඉතින් නායකයෙකු ශ්‍රේෂ්ඨයකු බවට පත්වීමට නම් අත්‍යාවශ්‍යෙන්ම තිබිය යුතු මූලිකම චරිතාංගයක් වන්නේ තමන්ව දමනය කරගැනීමේ හැකියාව හෙවත් ‘ආත්ම සංයමයයි’.
එබැවින් පිරිසකට හෝ සංවිධානයකට නායකත්වය දීම සඳහා සපුරාලියයුතු එකී ගුණාංගය නම් “සෙස්සන් මෙහෙයවීමට පෙර තමන්වම මෙහෙයවාගැනීමේ” හැකියාවයි. මිනිසුන්ගේ ගෞරවාදරයට පාත්‍රවීමට නම් අනිවර්යෙන්ම ඉවසීම, සන්සුන් බව, ස්වයං විනය සහ ඒ සියල්ලෙහිම අවසන් ඵලය වන ‘ආත්ම සංයමය’ ඇතිකරගත යුතුමය.

සටහන – චන්න කරුණාරත්න

LEAVE A REPLY