…පරස්පරය… (part 01) – ජනිත් විමුක්තික ලියන අලුත්ම නව කතාව

0
77

සුදු චරිතවල බූදලයක් වූ අාදරය බලහත්කාරයෙන් හෝ ලබාගන්නටම උපන් කලු චරිතයක අැතුලාන්තය…..


.
“ප්‍රතීක්ෂා…..”
බස් හෝල්ට් එකේ උන්නු ගැහැනු රූපය දැක්ක හැටියෙම මට කියවුනේ එහෙම….කා එක අයින් කරල නවත්තල මම බැහැල ඉක්මනට ගියේ බස් එකක් අාවොත් නැගල යයි කියල බයටම…
“ප්‍රතීක්ෂා…” මම සන්ග්ලාස් දෙක ගලවන ගමන්ම කතා කරා…
.
” ම…ම..යුර….” ඒ ලස්සන මූණ අදුරු වෙන්න මහ වෙලාවක් ගියේ නෑ…
“මේකිට මාව දැක්කම යකා දැක්ක වගේ බය හිතෙන්නෙ මොන මගුලටද මන්දා…” මං මටම කියාගත්ත…
” කොහෙද යන්නෙ…” මං හිතට අාපු දේ හංගගෙන අැහුවා…
.
“ම..මම…ක්ලාස් යනවා…” බිම බලාගෙනම උත්තර දුන්නෙ… මං ගිලියි කියල හිතලද මන්දා…
” කොහාටද…? කලුතරනේ… නගින්න මං ඩ්‍රෙප් කරන්නම්…”
මං කිව්වත් වෙන එකෙක් ඔහෙම කරානම් මං හොම්බ තලල…
” ඔයා..ය..න්න..මං බස් එකේ යන්නම්…” අායෙත් පරණ සිංදුවමයි…
” නගින්න…නගින්න…මං ගිලින්නෑ.. අනිත් අයට නපුරු වුනාට ඔයාට එහෙම නෑ…” මං කිව්ව….
අැත්තටම ඒක එහෙමම තමයි… තත්පරේට හැටේ වේගෙන් මොකා එක්ක වුනත් යකා නගින මට මේ කෙල්ල මොනව කරත් කේන්ති යන්නෑ… ඒ වගේම ඒකේ අනිත් පැත්ත එයා… අනිත් මිනිස්සු එක්ක හරිම හිනාවෙන් සැහැල්ලුවෙන් ඉන්න ගමන් මට පුදුම බයක් තිබුනෙ…
.
” යන් ඉතින්…මං ගිලින්නෑ…”
මං එහෙම කිව්වමවත් මූණේ නෙමෙයි හිනාවක් ගියේ…බිම බලාගෙනම වාහනේ දිහාවට යන්න ගත්තා… හරියට පොලවට රිදෙයි වගේ අැවිදින්නෙ….මටම හිනා….
මං හිනාවෙන්නෙ ලෝකේ දේවල් දෙකකට විතරයි… ඒ මොකෙක්ට හරි වද දීලා, නැත්තන් මේ කෙල්ල දිහා බලල විතරමයි…
.
ප්‍රතීක්ෂා ඉස්සරහ සීට් එකෙන්ම වාඩිවුනා….
” සීට් බෙල්ට් ප්ලීස්…”
මං හිනාවක් එක්කම කිව්වා…
කෙල්ල කලබල වුන පාරට හෑන්ඩ් බෑග් එකත් උකුලෙන් තට්ටුව උඩට වට්ටගත්ත…
” අැයි ලමයෝ ඔච්චර බය වෙලා… මං යකෙක් නෙමෙයි…මං මයුර…”
මම හයියෙන් හිනාවෙලාම කිව්ව…
හෑන්ඩ් බෑග් පටිය තදට මිරිකුවා මිසක් කෙල්ල නෙමෙයි වචනයක් කිව්වෙ….ටිකක් බර දාලා පාගල වාහනේ පාරට අරන් තරමක් වේගෙන් යන්න ගත්ත…
.
“හි..හිමි..න් යමු..ප්ලීස්….” ඩෑෂ් බෝඩ් එක දිහාට අැස් තියාගෙනම ප්‍රතීක්ෂා කිව්ව…
වචනෙ විතරයි ඔ්නෙ…මගෙ දකුනු කකුල ඉබේම ඉස්සුනා…
” බයද වේගෙන් යනවට…මේ වගේ වාහනෙක 80, 100 කියන්නෙ වේගයක් නෙමෙයි…”
මං ටිකක් පුරාජේරුවටත් එක්ක කිව්ව…
කතාවක් නැතුවම වීදුරුවෙන් එලිය බලාගත්ත මිසක් ඔලුවවත් හෙලෙව්වෙ නෑ…
” ප්‍රතීක්ෂා…” මම කතා කරපු පාරට ගැස්සිල වගේ මගෙ දිහා බැලුවත් ඒ ක්ෂණිකයෙන් බිම බලාගත්ත…
මේ කෙල්ලගෙ අැස් නම් මාව පිස්සෙක් කරනවා…
” ලබන සතියෙ මගේ උපන් දිනේ… එනවද පාටියට…”
මං නිකමට අැහුවෙ…
ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න වෙන්න ඔ්නා….
“අැයි මට විෂ් කරහම වස් වදියි කියල හිතෙනවද…?”
මං විහිලුවට වගේ අැහුවා…
” මං ලග…සල්ලි නෑ…තෑගි ගන්න…” අඩන්න වගේ කිව්වෙ..ගෑණු ලමයි මෙච්චර සියුමැලි වෙන්නෙ අැයි කියන එක නම් මට ලොකු අවුලක්… මේ කෙල්ල සියුමැලි කියන එකෙත් අන්තිම කොනේ…
” කවුද ඔයාගෙන් තෑගි අැහුවෙ…25 ඉරිද… ලෑස්තිවෙලා ඉන්න… උදේ 10ට මං එන්නම් ගන්න….”
මං තීන්දුව දුන්න…
කෙල්ල සද්දයක් වත් නෑ.. ඒ කියන්නෙ හා කියන එක වෙන්න ඔ්නා…
වදෙන් පොරෙන් ට්‍රැෆික් අස්සෙන් අැවිත් මං ක්ලාස් එක ගාව වහනේ නැවැත්තුවා… පාට පාට ගෑණු ලමයි වාහනේ දිහා බල බල යද්දි ප්‍රතීක්ෂා වාහනෙන් බැහැල නිකන්වත් හැරිලවත් නොබල ක්ලාස් එක අැතුලට ගියා…
.
අනිත් මිනිස්සු එක්ක ගහ මරාගෙන හරි මට ඔ්නේ විදිහට තියාගන්න මම මේ කෙල්ල ඉස්සරහ එහෙම නොකරන්නෙ අැයි කියල මටම හිතාගන්න බෑ…
ප්‍රතීක්ෂා මාව විස්වාස නොකරන්නෙත් ඒකම වෙන්න අැති… මං මෙහෙම හොද මිනිහෙක් නෙමෙයි කියල මුලු පලාතම දන්නව… ඉතින් එයාට විතරක් හොද වෙන්න බෑ කියල හිතේ අැති… අැත්ත… මං තරම් නපුරු සතෙක් මේ පොලවේ පය ගහල ජීවිත්වෙන්නෙ නැතුව අැති….
ඒ මගේ හැටි… ජීවත් වෙනවනම් ඒ ප්‍රභලයා විතරයි… දුබලයාට ඉඩක් දෙන්න හොද නෑ…
.
.
මතු සම්බන්ධයි….

-ජනිත් විමුක්තික

 

LEAVE A REPLY