*…පරස්පරය…*(part 02) – ජනිත් විමුක්තික

0
79

සුදු චරිතවල බූදලයක් වූ අාදරය බලහත්කාරයෙන් හෝ ලබාගන්නටම උපන් කලු චරිතයක අැතුලාන්තය…..
ජනිත් විමුක්තික ලියයි…
.
*****…පරස්පරය…***** (part 02)

වට රවුමෙන් වාහනේ කරකවල මං කැලිඩෝ බීච් එකට හැරෙව්ව…ටික වෙලාවක් බීච් එකේ එහෙමෙහෙ අැවිද්දත් ඒකත් එපා වෙන වැඩක්… අායෙත් වාහනෙට නැගල ගෙදර පැත්තට එන්න අාවේ කම්මැලිකම පිරිච්ච නිසාමයි…
“එක්කෝ හොටෙල් එකට යනවා…”
මම අායෙත් හිතුවා…ගේට්ටුවෙන් අැතුලට දාලා වාහනෙන් බැහැල රිසෙප්ෂන් එකට අාවේ කාමරේ යතුර ගන්න…ඩියුටි අනූෂා…
” අනූෂා මයි කී ප්ලීස්..”
කෙල්ල බයටමද මන්දා ඔලුව උස්සල බැලුවෙ නෑ…. හෝටලේට අාපු මුල්ම දවසේ නලවල කරල ලොකූ අැඩ් එකක් දාලා අන්තිමට මගෙන් කන පිරෙන්න අහගත්තු දවසේ ඉදන්ම ඔලුව උස්සල බලන්නෑ… තාත්ත නොහිටින්න මං ඒකිව එවෙලෙම එලියට දාලා…
” වැඩ කරන එවුන් ඉන්න ඔ්න උන්ගෙ සීමාවේ…අාවා කරේ නගින්න…” මං යටි හිතින් හිතුවා…
.
” මට ලයිම් ජූස් එකයි, ප්‍රෝන්ස් කොක්ටේල් එකකුයි එවන්න රූම් එකට… ලන්ච් වලට මං එන්නම් බුෆේ එකට… කවුරු කතා කරත් කෝල්ස් දාන්නෙපා රූම් එකට…හරිද..”
මං යතුර අතට ගන්න ගමන් කිව්වා…
” හරි සර්…”
අනූෂා කිව්වෙ හරියට ISIS කාරයෙක්ට අහුවුන ප්‍රාණ අැපකාරයෙක් ගාණට…
ඒකෙත් පොඩි ගතියක් තියෙනවා…මිනිස්සු එහෙම බය පෙන්නද්දි…
මං හිනාවක් දාගෙනම කාමරේ පැත්තට අැදුනා…
කොරිඩෝ එකේ කොල කෑල්ලක්…ඒක පහු කරගෙන රූම් බෝයී එනව..
” ඒයී… මෙහෙ එනවා..” මං කතා කරපු පාරට මිනිහ ගැස්සුනා…
” සර්…”
” බූරුවෙක් වගේ උඩ බලන් යන්නෙ…අැස් පේන්නැද්ද මිනිහෝ… අහුලගන්නව මේක…”
.
” සොරි ස..ර්…මං දැක්කෙ නෑ…” හරිම බයාදු තාලෙට මිනිහ කිව්ව…මගෙ වයසෙම විතර අැති…
” දැක්කෙ නෑ….දැක්කෙ නෑ නෙමෙයි උඹලට සිහිය නෑ…යනව යනව…”
.
“සො..සොරි සර්…” මිනිහ ගියා නෙමෙයි දිව්ව…
.
මං ෂර්ට් එකත් ගලවල දාලා බැල්කනි එකෙන් වාඩි වුනා… තද අව්වක් නැති නිසා මුහුද දිහා බලන් ඉන්න පුලුවන්…
මුහුදත් එක්කම අායෙත් හිතට අාවේ ප්‍රතීක්ෂා…
මාස කීපෙකට උඩදි අහම්බෙන් කොන්වන්ට් එකේ ස්පෝර්ට් මීට් එකේදි දැක්කෙ…
හෙමින් හොයල බැලුවම කෙල්ල ඩී එච් පී කෙනෙක්… බුඩිස්ට් අයට එච් පී දෙන්නැති නිසයි කෙල්ලට ඒක මිස් වුනේ කියල නෙහාරනම් කිව්වෙ…
.
නෙහාරා තමයි මගෙ ටිකක් හරි ලගින් ඉන්න එකම ගෑණු යාලුවා…ඒකත් එයා මගේ කසින් නිසා….
එදාම තමයි නෙහාරා මගෙ කනේ තිව්වෙ ප්‍රතීක්ෂා පස්සෙන් යන කොල්ලෙක් ගැන…
එදා හවසම උට ඉස්පිරිතාලේ ලගින්න වුනේ හොදින් කෙල්ලව අතෑරපන් කිව්වම මගෙ මූණටම බෑ කියපු නිසා….
ඒකත් ප්‍රතීක්ෂා ඉස්සරහම…මාස දෙක තුනක් පත්තු බදින්න ගහලත් මාව නිකන්වත් පොලීසියකට ගෙනියන්න ඉඩක් උට හම්බවුනේ නෑ….
ඒත් එදා ඉදන්ම ප්‍රතීක්ෂා මං දිහා බලන්නෙ මං ඒකිටත් ගහයි කියල වගේ…
නෙහාරවත් අැදගෙන ප්‍රතීක්ෂගේ ගෙදරටත් ඔලුව දාලා අම්මවත් ෂේප් එකේ තියාගත්තත් කෙල්ල නෙමෙයි නිකම්වත් ඔලුවක් උස්සල බලන්නෙ…
.
බලමු..ඔයා මගේ වෙනවනම් එහෙමයි…වෙන එකෙක්ටනම් අැහැක් අැරල බලන්න තියන්නෑ…
………………………………………………
.
ඒ එක්කම දොරට තට්ටු කරනව අැහුනේ…
.
” කම් ඉන්…”
” සර්…. ඔ්ඩර් එක…”
හිනාවක් එක්ක අැතුලට අාවේ සදරුවන්…
” ඔතනින් තියන්න සදරුවන්…ඔය පර්ස් එකෙන් එලියට පේන 100 කොලේ ගන්න…”
” හරි..ඒක තියාගන්න…ටිප් එකට..”
.
කොල්ල හිනාවක් දාලා මාරු වුනා…
මම ජූස් එකත් අරන් අායෙත් පුටුවට හේත්තු වුනා……
.
.
මතු සම්බන්ධයි…

 

LEAVE A REPLY