දිග කියන්නෙ ප්‍රශ්නයක් ද? කොල්ලන්ට පමණයි.

0
270

 අනේ මගේ එක පුංචිද? බොහෝ පිරිමින්නට තියෙන ප්‍රශ්නයක්. නැහැ.. කිසි දිනක ඒ කරුණ සම්බන්ධයෙන් බිය වීමට එපා.

පුරුෂ ලිඟුව සඳහා සම්මත වූ දිග ප්‍රමාණයක් නොමැති මුත් එක් එක් අයගේ ලිංගේන්ද්‍රය විවිධ දිග ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. ඒත් ලෝකයේ වැඩි දෙනෙකුට පිහිටා ඇත්තේ අඟල් 6කින් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයකින් යුත් ලිඟුවකි. ඊට වැඩි දිග ප්‍රමාණ ඉතා කළාතුරකින් හමුවේ. එහෙත් ලිඟුවේ දිග පිළිබඳ ගැටලුව අද පිරිමින්ගෙන් 90% කගේ හිතට වද දෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර ඇඳුම් මාරු කරන ස්ථානයකදී හෝ ප්‍රසිද්ධ වැසිකිළියකදී තමා අසල සිටින පිරිමියාගේ ලිඟුවේ දිග ප්‍රමාණය සිතින් මැන ගැනීමට උත්සාහ නොකළ පිරිමියෙකු ඇත්නම් ඒ ඉතා කළාතුරකිනි.

හැම දෙනාගෙම ගැටලුව වී ඇත්තේ අනේ මගේ එක පුංචිද? නැහැ කිසි දිනක ඒ කරුණ සම්බන්ධයෙන් බිය වීමට එපා. මන්ද ඔබේ ලිංගයේ ප්‍රමාණය ස්ත්‍රියක් තෘප්තිමත් කිරීමට ඕනවටත් වඩා ප්‍රමාණවත් බැවිනි. මන්ද ස්ත්‍රී යෝනියේ අධි සංවේදී කලාය අඟල් දෙකකට වඩා ඇතුළතින් පිහිටා නොතිබීමයි. බලන්න ප්‍රාණවත් වූ විට ඔබේ ලිඟුව අඟල් දෙකකට වඩා දිගයි නේද? මනින්න දෙයක් නෑ .. ඒක අනිවාර්යයෙන්ම ඊට වඩා දිගයි.

 

ඇත්තටම පිරිමි ලිඟුව නිර්මාණය වෙලා තියෙන්නෙ වැඩි ප්‍රමාණයක් පිරිමියාගේ සතුට වෙනුවෙන්මයි. මොකද යෝනිය ඇතුලත තෙරපීමෙන් සිදුවන පිරිමැදීමෙන් තමයි පුරුෂයා සුරතාන්තයට පත්වන්නෙ. ඉතින් ඒ වැඩේට ඉතා දිගු ලිඟුවක් තිබීම හෝ කුඩා ලිඟුවක් තිබීම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. පිරිමියෙකුට දැන් ප්‍රශනයක් එයි අපේ එකෙන් එයාලට වැඩක් නැද්ද කියලා. මොකද නැත්තෙ වැඩක් තියෙනවා. යෝනිය අඟල්  දෙකක් ඇතුලට අභ්‍යන්තරය පිරිමැදීමට ඔබට හැකි නම් එය ඉෂ්ඨ වෙනවා. එයට ගර්භාෂය තෙක් ඇතුළු කළ හැකි ලිඟුවක් තිබීම අවශ්‍ය වන්නෙ නැහැ.

මේ වගේ දිගු ලිඟුවක් තියෙන්න ඕන කියන මානසිකත්වය පිරිමින්ට උරුමකරලා දීලා තියෙන්නෙ අසභ්‍ය පත්තර හා අසභ්‍ය චිත්‍රපට. ඒ හැම එකේම කතා නායකයාට තියෙන්නෙ අඩියක් විතර දිගු ලිඟුවක්. වට ප්‍රමාණයත් ඉතා විශාල බව තමයි පෙන්නන්න උත්සාහ කරන්නෙ. ඒ කතාවල කතා නායකයෝ තම අතිවිශාල ලිඟුවෙන් ස්ත්‍රින් සමඟ කීප වතාවක් ලිංගිකව එකතු වෙනවා. මේවා බලන අය මොහොතින් මොහොත වැටෙනවා..අනේ මගේ එක ඒ තරම් නෑනෙ.. කොහොමද මම බිරිඳව සතුටු කරන්නෙ කියලා..ඒවා හිතට සෘණ අදහස්, අසුබවාදී අදහස් ඇති කරගන්නවා. මේ තරම් නරක දෙයක් ඔබේ ලිඟුවට කිසිම දාක කරගන්නෙ නෑ..අපේ මනස තමයි අපේ එන්ජිම. අපේ හිතට ඕනම දෙයක් එක දිගට බෑ කියලා වැටුණොත් බෑම තමයි. අපේ ප්‍රේක්ෂකයො කවදාවත් හිතන්නෙ නෑ මේවා ප්‍රබන්ධ කතා කියලා. පත්තරවල තියෙන කතාත් ඇත්ත කියලා හිතනවා අපේ අය.

ලිඟුවට අවශ්‍ය දිග ප්‍රමාණය ස්වභාව ධර්මය දීලා තියෙනවා..ඒත් ඔබ බොරු බියකින් පෙලෙනවා. මතක තියා ගන්න අප හැමටම වඩා ස්වභාව ධර්මය බුද්ධිමත් බව..

– අන්තර්ජාලයෙනි

LEAVE A REPLY