“මම නුඹේ වෛද්‍ය උපදෙස් පිළිපදින්නේ නෑ …….” ඉතින් මා නුඹට මුදල් ගෙවන්නේ මොකටද……? – චන්න විජේවර්ධන

0
62

වරක් ජර්මානු කවියෙකු වූ ඔටෝ එන්රිච් හාර්ට්ල්බන් රෝගයකට ප්‍රථිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවුනා. රෝගය උත්සන්න තත්වයක පැවති අතර එයින් මරණය පවා සිදුවිය හැකි බැවින් වහාම මත්පැන් පානය සහ දුම්පානය නැවැත්විය යුතුයයි වෛද්‍යවරයා හාර්ට්ල්බන් ට කිව්වා. ඒ සඳහා වෛද්‍ය ගාස්තුව වශයෙන් මාර්ක් 3 ක් ගෙවන ලෙසත් දැන්වූවා.


විස්තර අසා කෝපයට පත්ව සිටි හාර්ට්ල්බන් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ “මම නුඹේ වෛද්‍ය උපදෙස් පිළිපදින්නේ නෑ …………” ඉතින් මා නුඹට මුදල් ගෙවන්නේ මොකටද……?” කියායි.

ඉල්ලා නොමැති කිසිම විටෙක කිසිවෙකුට උපදෙස් දීම අතිශයින්ම භයානක සහ අනවශ්‍ය දෙයක්. ඉල්ලා සිටි විටෙක පවා අප කලයුතු වන්නේ ඔහුගේ ප්‍රශ්ණය පිළිබඳව අපට හැඟෙන අදහස් ප්‍රකාශ කිරීම පමණකි. මන්ද යත් කිසිවෙකුට නොවරදින ලෙසම ජීවත්වීමට කියාදිය හැකි වෙනත් අයෙකු මේ මිහිපිට නැති නිසාය. නොවරදින ලෙස ජීවත්වීමේ ක්‍රමය දන්නේ නම් ලෝකයට කිසිම ප්‍රශ්ණයක්ද තිබිය නොහැකිය.

මාද ජීවිත අත්දැකීම් අඩුකාලයේ හිතවතුන්ගේ ප්‍රශ්ණවලට අනවශ්‍ය තරම් මැදිහත්වීම් කර ඇත්තෙමි. අවස්ථා තුනකදී ජීවිතය ලබාදුන් අතිශයින්ම අමිහිරි අත්දැකීම් කිහිපයකින් උගත් පාඩ්ම් නිසා දැන්නම් මම ලේසියකට අනුන්ගේ ප්‍රශ්නවලට උපදෙස් දීමට හෝ මැදිහත් වීම් කිරීමට නොයන්නෙමි.

මන්දයත් කිසියම් අයෙකු කිසිම දෙයක් තමාම අත්විඳින තුරු පිලිගන්නේ නැති අතර යම් අයෙකුගේ ප්‍රශ්ණයක සියළුම පැතිකඩයන් වෙනත් අයෙකු නොදන්නා බැවින් ප්‍රත්‍යක්ශ වශයෙන්ම සාර්ථකවන විසඳුම්ද වෙනත් අයෙකුට ලබාදීමට නොහැකි බැවිනි. උපදෙස් පතන එවැනි අවස්ථාවලදී අප විසින් කලයුතුව ඇත්තේ, අර්බුධයේ අප දකිනා පැත්ත ගැන අපේ හැඟීම් ප්‍රකාශ කිරීමම පමණි.

 

LEAVE A REPLY