*****පොම්පේ****** – මිතිල ප්‍රනාන්දු

0
113

පොම්පේ යනු විශාල රෝම නගරයකි. මෙම නගරයට මුළුමුනින්ම අභාවයට ගියේ ක්‍රි.ව. 79 දී විසූවියස් ගිනි කන්ද පුපුරා යාම නිසාවෙනි. 18 සහ 19 වන සියවස්වල සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් වලින් මෙම නගරය විනාශයට පෙර පැවති තත්ත්වය පිලිබඳ සොයාගෙන ඇත. වර්තමානය වන විට මෙම නගරය විනාශ වන්නට පෙර පැවති තත්ත්වය අවබෝධකරගත හැකි අයුරින් සංරක්ෂණය කර තිබේ.

මෙම නගරය වාණිජ නගරයක් ලෙස ප්‍රකටයි. අසල්වැසි ප්‍රදේශවල සිට ඔලිව්, ඔලිව් තෙල්, වයින්, වයින්, වූල් රෙදි, ලුණු, ගෝවා සහ මාළු වැනි ද්‍රව්‍ය රෝම අධිරාජ්‍යය හරහා ප්‍රවාහනයේදී පොම්පේ ගබඩා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර තිබේ.

මෙහි නිවාස අතිවිශාල ප්‍රමාණයක් තිබූ අතර දෙමහල් හා තෙමහල් ගොඩනැගිලිද ඒ අතර විය. ධනවත් උදවියගේ නිවාස කුළුණු වලින් වටවී මැද මිදුලක් හා නිවස අලංකාර චිත්‍ර වලින් සමන්විත වූ අතර වහලුන්ගේ නිවෙස් සිර කුටි මෙන් විය.

නගරය මධ්‍යයේ වෙළඳ මධ්‍යස්ථානය විය. ඒ වටා දෙව්මැදුරු හා අනෙකුත් ගොඩනැගිලි ඉදි කරන ලදි. නගරය තුල මල්ලව පොර හා ගව මිනිස් පොර ප්‍රදර්ශනය කල රඟහල පිහිටියේ පොදු ගොඩනැගිලි ආසන්නයේ ය. මෙම රඟහල කොලෝසියම් ලෙස හැදින්විණි. නගරය පුරාවට රෝම කුළුණු සහ ප්‍රථිමා තැනින් තැන දක්නට ලැබිණි.

වසර 2000කට පමණ පෙර සිදුවූ මෙම ඛේදජනක සිදුවීම නිසා පොම්පේ නගරය මුළුමුනින්ම පාහේ පොළොවට මිහිදන් වුවත් වර්තමානය වන විට එම සිදුවීමට මුහුණ දුන් දිනයේ පැවති ආකාරයට නගරය තුල විවිධ දිශාවන්ට විහිදුනු වීදි, කඩසාප්පු සහ නිවාස ඇතුලත අවකාශයන් පවා කැණීම්වලින් මතුකර ගත හැකිවිය.

-මිතිල ප්‍රනාන්දු

LEAVE A REPLY